ඡායාරූපී පටය

විකිපීඩියා වෙතින්

ඡායාරූපී පටයක් යනු තෛලෝදයක් ගල්වනු ලැබූ ආලෝකයට සංවේදී රිදී හේලයිඩ (ජෙලටීන් වලින් එකට බැඳුනු) ප්ලාස්ටික් (පොලියෙස්ටර්, නයිට්‍රොසෙලියුලෝස් හෝ සෙලියුලෝස් ඇසිටේට්) පතකි. මේවායේ ප‍්‍රමාණය අනුව සංවේදීතාවය, වර්ණ තීව‍්‍රතා වෙනස සහ පටල පටයේ විභේදන බලය තීරණය වෙයි. තෛලෝදය ප‍්‍රමාණවත් ලෙස ආලෝකයට (හෝ x කිරණ වැනි වෙනත් ආකාරයේ විද්‍යුත් ඉලෙක්ට්‍රොනික කිරණයන්ට) නිරාවරනය වූ විට එමඟින් අප‍්‍රකට (නොපෙනෙන) රූපයක් නිර්මාණය වෙයි. අනතුරුව රසායනික කි‍්‍රයාකාරීත්වයට ලක්කිරීම මඟින් එය දෘෂ්‍යමාන රූපයක් බවට පත්කරගනු ලබයි. මෙය පටල පට විකාශනය ලෙස හැඳින්වේ.

කලූසුදු පටල පට වලදී සාමාන්‍යයෙන් රිදී ලූණු ස්ථර එකක් පවතී. ආලෝකයට නිරාවරනය වූ විට රිදී ලූණු ආලෝකයට බාධා කරන අයනීකෘත රිදී බවට පරිවර්තනය වන අතර ඒවා ඍණ පටයේ කලූ පැහැයෙන් දිස්වෙයි.

වර්ණ පටල පට වලදී අවම වශයෙන් ස්ථර 3 ක් යොදාගනු ලබයි. රිදී ලූණු මතුපිට පවත්නා විවිධ වර්ණයන් අවශෝෂණය කරගන්නා ඩයි වර්ග මඟින් ස්ඵටිකයන් එක් එක් වර්ණයන්ට සංවේදී බවට පත්කරනු ලබයි. සාමාන්‍යයෙන් නිල් පැහැයට සංවේදී ස්ථරය ඉහලින්ද අනතුරුව පිලිවෙලින් කොළ හා රතු ස්ථරයන්ද පවතී. සේදීමේදී කලූ සුදු පටලපටයේ මෙන්ම නිරාවරනයවූ රිදී ලූණු අයනීකෘත රිදී බවට පත්වේ. නමුත් වර්ණ පටල පටයේදී විකාශනයේ අතුරු ඵලයන් පටල පටයේ හෝ වර්ණවත් ඩයි වර්ග නිර්මාණය කිරීම සඳහා රසායන දියරයට එක් එක්කරන රසායනිකයන් සමඟ එක්වෙයි. මෙම අතුරුඵලයන් නිර්මාණය වන්නේ නිරාවරනය වූ ආලෝක ප‍්‍රමාණය සහ විකාශනය අනුවය. විකාශනයෙන් අනතුරුව නැවතුවම් අදියරේදී රිදී නැවත රිදී ලූණු බවට පත්වේ. ස්ථාවරන අදියරේදී ඒවා පටල පටයෙන් ඉවත් කෙරෙයි. එවිට නිර්මාණය වූ වර්ණවත් ඩයි ඉතිරිවන අතර ඒවා සංයෝගවීමෙන් දෘෂ්‍ය රූපයක් නිර්මාණය වේ.

Kodacolor II වැනි නව වර්ණ පටල පට තෛලෝද ස්ථරයන් 12 කින් පමණ සමන්විත වෙයි. සෑම ස්ථරයකම රසායනික ද්‍රව්‍ය 20 ක් පමණ අන්තර්ගත වෙයි. ඡායාරූපකරණ පටල පට චලන චිත‍්‍ර නිර්මාණයේදී ඉතා පුළුල් ලෙස යොදාගනු ලබන බැවින් චිත‍්‍රපට ශිල්පයේදීද ඒවා පටල පට ලෙසින්ම හැඳින්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඡායාරූපී_පටය&oldid=471956" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි