ඡන්ද විද්‍යාව

විකිපීඩියා වෙතින්

ඡන්ද විද්‍යාව යනු ඡන්ද ගණනය කිරීමේ සංඛ්‍යාත්මක විශ්ලේෂණයකි. (මෙය ග‍්‍රීසියේ ඡන්ද සඳහා භාවිත psephos යන්නෙන් බිඳී ආවකි) මෙහිදී, වසර කිහිපයකට පෙර සිදු වූ මැතිවරණවල ඡන්ද සංඛ්‍යාව, මහජන අදහස් විමසීමේ ඡන්ද, ඡන්ද ව්‍යාපාරවල මූල්‍ය කටයුතු පිළිබඳ තොරතුරු හා එබඳු සංඛ්‍යාත්මක දත්ත සංග‍්‍රහ ගත කරයි. මෙය 1952 දී එක්සත් රාජධානියේ ඉතිහාසඥයකු වන ආර්. බී. මැකලම් විසින් යොදා ගත් යෙදුමකි. එහිදී ඔහු පසුගිය මැතිවරණවල විද්‍යාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය. බි‍්‍රතාන්‍ය විද්වත් ලේඛන තුළ මෙම වචනය බොහෝ ලෙස භාවිත වේ.

එසේම, මැතිවරණ පූර්ව නිගමනයන්ට වඩා මෙය මැතිවරණවල පසු ප‍්‍රතිඵල විශ්ලේෂණය කරයි. නිදසුනක් ලෙස, ගැලගර් දර්ශකය (Gallagher Index) මගින් මැතිවරණයක අසමානුපාතික බව මනිනු ලබයි.


සටහන්[සංස්කරණය]

| Psephology |}

"https://si.wikipedia.org/w/index.php?title=ඡන්ද_විද්‍යාව&oldid=472355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි