චිත්‍ර කලාව හා එහි මූලිකාංග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search


උඩරට චිත්‍ර කලාවේ මූලිකාංග[සංස්කරණය]

යටි පෝරුව[සංස්කරණය]

උඩරට චිත්‍ර ශිල්පාචාරින් විසින් තම ගෝලයන්ට උගන්වනු ලැබූ මුල්ම රේඛා අභ්‍යාසය ''වක දෙක'' නමින් හදුන්වනු ලැබේ. "යටි පොරුව'' නැමැති ලැල්ල මත එම රේඛා අභ්‍යාසය කරවිය. යටි පොරුව සකස් කරගන්නේ ලෑල්ලක් මතුපිට ''වඩි'' නම් ආලේපනය තැවරීමෙනි. වඩි යනු‍ සියඹලා ඇට පලම් 2 ක්, පොල්කටු අගුරු පලම් 1 ක්, යබොර පලම් 2 ක්, නිල් මංචාඩි 10 ක්, කී කිරිදිය යුෂෙන් අඹරා එයට සිහින්ව අඹරාගත් තිරිවානා ගල් කුඩු මිශ්‍ර කර සාදාගන්නා ආලේපන විශේෂය වේ. තවද යටි පොරුව මත ලිවීම හා ඇදීම කළේ ඉකිරි කටුවෙනි. මුහුදු ඉකිරියාගේ කටුවක් උණ කොටු කෑල්ලක සවිකර ගැනීමෙන් ලිවීමේ උපකරණය සාදාගන්න ලදී.

වකදෙක[සංස්කරණය]

වක දෙක

වදෙක යනු දෙපසට වක් සහිත වූ, රිත්මිත රේඛාවෙන් සැදුම්ලත් ලියපත ආශ්‍රිතව නිර්මාණය කරණ ලද රේඛා සටහනකි. වැඩි වාර ගණනක් යටි පෝරුව මත ඇදීමෙන් පසු එය මතකයෙන් ඇදීම චිත්‍ර ගෝලයන් විසින් කළ යුත්තක් විය.

තිරිගිතලය[සංස්කරණය]

තිරිගිතලය

වකදෙක හොදින් පුහුණු වූ ගෝලයෝ වක දෙකට තවත් රේඛා එකතු කරමින් පතුරු සහ සීනමල සහිතව කතුරුමල අදීන ලදී. පසුව කතුරු මලේ උසස් නිර්මාණයක් ලෙස ''තිරිගිතලය'' නෙහොත් නැමුණුතලය යන අරුත දෙන රේඛා චිත්‍රය අදින ලදී. තිරිගිතලය යනු සංකීර්ණ රේඛා ක්‍රමවත්ව හසුරුවන ලද අලංකාර හා නිර්මාණශිලී රේඛා සිතුවමකී. thumb| තිරිඟිතලය යන්න දේශීය චිරන්තන සම්භාව්‍ය චිත්‍ර කලා වර්ණ පටිපාටීයේ දුඹුරු පාංශු වර්ණ පටිපාටිය ආභාස කර ගනිමින් චිරන්තන සිංහල කලාවේ මාස්ටර් කෘතියක් හැටියට හුවා දැක්වීම පිණිස 1991 දී දියසායම් මාධ්‍යයෙන් එවකට උසස් පෙළ පාසල් ශිෂ්‍යයකු හැටියට සුජිත් රත්නායක විසින් නිර්මාණය කොට පින්තාරු කරන ලද්දකි. ( ගුරුපදේශ සැපයුවේ මාස්ටර් සරත් වීරසිංහ විසිනි.)

සාම්ප්‍රදායික ශිල්පීන් තම කලා නිර්මාණ සඳහා විවිධාකාර සැරසිලි නිර්මාණ යොදා ගෙන ඇත. සාම්ප්‍රදායික සැරසිලි නිර්මාණ කොටස් 4කින් යුක්ත ය.

පිංසල් සකස් කර ගැනීම[සංස්කරණය]

උඩරට චිත්‍ර ශිල්පීන් බිතු සිතුවම් පාට කිරීම සඳහා ලේන ලෝම හා බළල් ලෝම යොදාගත් අතර එම පිංසල් සියුම් හා නැමෙන සුඵ බැවින්, සිහින් ඉරි ඇදීම සඳහා තෙලි තණ කෙදි යොදාගෙන ඇත. චිත්‍රයේ පදාස (පසුතලය) පාට කිරීම සඳහා වැටකෙයියා මුල් තලා සකස් කරගත් පිංසල් භාවිත කර ඇත.

වලිච්චි (වලිත) සකස් කර ගැනීම[සංස්කරණය]

වලිච්චි යනු බිතු සිතුවම් මතුපිට කරනු ලබන ආලේපනයකි. විහාර කුටි තුල පහන් දැල්වීමෙන් ඇතිවන දැලි වලින් සිතුවම් ආරක්ෂා කර ගැනීම හා චිත්‍ර බොහෝ කාලයක් පවත්වාගෙන යෑම මෙහි අරමුණ විය.

වර්ණ තනා ගැනීම[සංස්කරණය]

  • සුදු පාට (ඔදාත) - මෙය සුදුපාට මකුල් මැටි විශේෂයකි. මතුරට අසල වැටැක්ගම නම් ගමේ පිහිටි මකුල් ගල්ලෙන නැමැති ලෙනෙන් ලබා ගන්නා ලදී. (තද වර්ණ ලාපාට කර ගැනීම සඳහා සුදු මකුල් මැටි කවලම් කරගෙන ඇත.
  • රතුපාට (ලෝභිත) - රතුපාට සාදිලිංගම් කැටවලින් පිළියෙල කර ගන්නා ලදි. පිටරටින් ගෙන්වන ලද සාදිලිංගම් චිත්‍රයේ පසුතලය සඳහා යොදාගත් මදටිය වර්ණය වේ.
  • කහ (පීත) - ගොකටුගසේ කිරි වලින් ගන්නා ලදි. මැටි භාන්ඩ හා දැව මත කහ පැහැය යෙදවූයේ හිරියල් හෝ මඩ හිරියල්වලිනි.
  • නිල් (නීල) - නීල වර්ණය නිල් අවරිය ගසේ පත්‍ර යුෂවලින් තනා ගන්නා ලදී. නිල්පාට හා කොළපාට බිතු සිතුවම් වල දැක්වෙනුයේ් මද වශයෙනි.
  • කළු (කාල) - කළු වර්ණය අඳුන් දැලිවලින් සකස්කර ගන්නා ලදී. කොහොල්ලෑ / කැකුණ තෙල් / හල්දුම්මල එකට අඹරා කපුරෙදි කැබලි සමග මිශ්‍රකර බඳුනකින් එය වසා මඳ ගින්නේ තම්බන ලදී. උඩ බදුනේ දැලි රැසිවූ විට එම දැලි භාවිතයට සුදුසු විය.