චන්ද්‍රකාන්ති පාෂාණ

විකිපීඩියා වෙතින්
චන්ද්‍රකාන්ති පාෂාණ
General
CategoryFeldspar variety
Identification
පාට / පැහැයවිවිධ වර්ණ වලින් ඇත
( කිරි පැහැති, නිල්, අළු පාට, රෝස පැහැති, කොළ පාට, දුඹුරු )
Fractureuneven to conchoidal
Mohs scale hardness6.0
LusterOpalescent
Streakwhite
Specific gravity2.61

මැණික් තරම් වටිනාකමක් නොමැති වුව ද ඉතා අලංකාර හා සාපේක්ෂ වශයෙන් සැලකිය යුතු වටිනාකමක් ඇති ඛණිජයකි. (ඉංග්‍රිසි = MOONSTONE-මූන්ස්ටෝන්, දෙමළ= சந்திரகாந்தம்-චන්ද්‍රකාන්තම්) සෝඩියම් පොටෑසියම් ඇලුමිනියම් සිලිකේට් අඩංගු වේ. මෙම දුර්ලභ පාෂාණ විශේෂය සොයාගෙන ඇත්තේ මෙයට සියවසක‍ට පමණඉහතදීය. මෙම ඛණිජය මුළු ලෝකයෙන්ම හමුවන්නේ හෙක්‍ටයාර හතරක් තරම් වන භූමි කො‍ටසකිනි.

සඳකැන්පාෂාණ

ගාල්ල - කොළඔ මහා මාර්ගයට නුදුරුව මීටියාගොඩ මංසන්ධියට උතුරු දෙසින් කිලෝමීටරයක් පමණ ගමන් කළ විට මුළු ලොව පුරා අතිශය දූර්ලභ එම පාෂාණ නිධිය නිධි ගත වූ භූමිය පිහිටා ඇත.


සඳකැන් පාෂාණ උපත හා ව්‍යාප්තිය[සංස්කරණය]

භූ ගෝල විද්‍යාවට අනුව විපරිත පාෂාණයක් වන මෙය හමු වන්නෙහි ශ්‍රි ලංකාවෙහි ,දකුණු පලාතේ ගාල්ල දිස්ත්‍රික්ක‍‍යෙහි,මීටියාගොඩප්‍රදේශයෙනි. චන්ද්‍රයාගේ හා සූර්යාගේ කිරණ ඍජුවම පොළවට පතිත වන්නේ මෙම ස්ථානයේ දී බවත්එම බලපෑම තුලින්මෙම පාෂාණය නිර්මාණය වී ඇති බවත් පැරණි විශ්වාසයක් ඇත. ප්‍රධාන වශයෙන් සඳකැන් පාෂාණ වර්ග දෙකකි. නිල්පැහැයෙන් හා සුදු පැහැයෙන් වර්ණ ගත වූ එම පාෂාණ අතර නිල් පැහැති වර්ගය මිලෙන් අධිකය.

සඳකැන් පාෂාණ ලබා ගැනිම සඳහා පතල සැකසීම.[සංස්කරණය]

සඳකැන් පාෂාණ ලබා ගැනිම සඳහා සකස් කළ පතලක භාහිර ස්වරූපය

සඳකැන් පාෂාණ පතලක් අඩි දහයක් පමණ දිගින් හා අඩි පහක් පමණ පළලින් යුක්ත වන සේ සකසා ඇත.මෙම පතල ගැඹුරට යත්ම එහි පස් කණ්ඩි කඩා වැටීමක් සිදූ වන හෙයින් එමගින් අභ්‍යන්තර ආරක්ෂාව උදෙසා තදින් වේලුණු පොල් කඳන් හා කැකිල්ල උපයෝගී කර ගනිමින් ඒවා එකිනෙක‍ට සම්බන්ධ කර ශක්තිමත්ව බැඳ පස් අතර තෙරපෙන සේ යොදා ගනී.මෙම පොල් කඳන් අතර ඇති අඩියක් පමණ හිඩසට වැරනියා සහ බෝවිටියා කෝටු ගසා කැකිල්ල රඳවනු ලැ‍‍බේ.එවිට පස් තට්ටුව කඩා වැටීම සම්පූර්ණයෙන්ම නවතී.ආරම්භයේ සිට දිනකට අඩි තුනක පමණ ප්‍රමාණයක්පතලේ කැණීම සිදු කරන අතර බඹයකට ලී පේළි නවයකින් යුක්ත වන සේ පතල කැණීම සිදු කරයි.සාමාන්‍ය පතලක ගැඹුර අඩි අසූවක් වන අතර පතල කාමර දෙකකකින් යුක්ත වන සේ සකසා ඇත.සීමිත ගැඹුරක් දක්වා පතලේ කැණීම් කටයුතු සිදු කළ පසු හරස් අතට දෝනා කැපීම අරඹයි.පතල අභ්‍යන්තරයට ආලෝකය හා වාතය ලබා ගැනීම සඳහා විද්‍යුත් උපකරණ භාවිත් කරන අතර දෝනා අභ්‍යන්තරයේදී ජල ගැලීම් මලින් විදුලිය කාන්දු වන හෙයින් ඉටි පන්දම් ආධාර කර ගනී.පතල් කැණීම සිදු කරන අවස්ථාවේදී පතල තුලට සීඝ්‍රයෙන් ජලය කාන්දු වීම සිදු වේ.එය වැලැක් වීම සඳහා දඹර දෙකක් ආධාර කර ගන්නා අතර එක් දඹරයක් මගින් ජලය ද අනික් දඹරය මගින් මඩ සහිත සඳකැන් පාෂාණය ද ගොඩ ගනු ලැබීම සිදු කරයි.මෙලෙස මැටි සහිත පාෂාණය ගොඩ ගැනීම සඳහා විශේෂ වූ යකඩ බාල්දි උපයෝගී කර ගනියි.එක් දඹරයක් ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලයන් සය දෙනෙකු පමණ අවශ්‍ය වන අතර ඉල්ලමක් අවසානයේ පාෂාණ මතුපිටට ගෙන ‍ඒමේ දී එහි විශ්වාසය රැක ගැනීම සඳහා පතල් හිමිකරුවන් විසින් ඒ පිළිබඳ අධීක්ෂණයක් සිදු කරයි.

සඳකැන් පාෂාණ ලබා ගැනිම සඳහා සකස් කළ පතල

මෙහි එක් පතලක් තුල සේවකයන් විසිපහක් පමණ සේවය කරන අතර ඔවුන්ලබනුයේ දෛනික වැටුප්ය. නමුත් පතල තුල කැණීම් කටයුතු කරන සේවකයන්ගේ ජීවිත පවතින්නේ නිරන්තර අවදානමකය. පතල් ආශ්‍රිතව සේවය කරන්නා වූ සියලුම සේවකයන් පතල් හිමිකරුවන් විසින් රක්ෂණය කර ඇත. පතල් තුල වැඩි අවදානමක් ලවතිනුයේ වැසි සහිත දින වලය.

මෙයට අමතරව රත්රන් හා රිදී යන ලෝහ වර්ග දෙකම යොදා ගනිමින් ආභරණ නිපද වීම සිදු කරව අතර සාපේක්ෂව වැඩි ඉල්ලුමක් පවතින්නේ රිදී ලෝහය යොදා නිපද වන ආභරණ සඳහාය. මේ සඳහා විශේෂ ප්‍රාගුණ්‍යක් සහිත රන්කරුවන් යොදා ගනී.

සඳකැන් පාෂාණ මගින් බිහි වන ඍජු හා වක්‍ර රැකියා[සංස්කරණය]

සඳකැන්පාෂාණ ආශ්‍රිතව ඍජු හා වක්‍ර රැකියා මාර්ග රාශියක් පුද්ගලයාට අයත් වේ.ඒ අතරින් ප්‍රධාන වශයෙන් පතල තුල කැණීම් කටයුතු සිදු කිරීම හා ස්වර්ණාභරණ කර්මාන්තය ප්‍රධාන වේ.මෙමගින් බිහි වූ අතුරු කර්මාන්තයක් වන්නේ පාෂාණ ඔපමට්ටම් කිරීමයි. ස්වර්ණාභරණ්‍ කර්මාන්තය හේතු කොට සංචාරකයන්ගේ පැමිණීමත් ඒ මගින් වෙනත් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය ,පළතුරු හා මල් වගාව ,හස්ත කර්මාන්තය වැනිව්‍යාපාරික අංශයන් ද දියුණු විය.

සඳකැන් පාෂාණ ආශ්‍රිත ස්වණාභරණ කර්මාන්තය[සංස්කරණය]

සඳකැන් පාෂාණ යොදා සුදු රත්තරන් මගින් නිෂ්පාදනය කරනු ලබන ආභරණ කර්මාන්තය ඒ ආශ්‍රිතව බිහි වූ අනිකුත් කර්මාන්ත අතරින් සුවිශේෂ ස්ථානයක් දිනා ගනියි.මේ සඳහා විදේශිකයන් විශේෂ කැමැත්තක් දක්වයි.මෙයට අමතරව රත්තරන් හා රිදී යන ලෝහ වර්ග දෙකම යොදා ගනිමින්ආභරණ නිපද වීම සිදු කරන අතර සාපේක්ෂව වැඩි ඉල්ලුමක් පවතින්නේ රිදී ලෝහය යොදා නිපදවන ආභරණ සඳහාය. මෙය විශේෂ ප්‍රාගුණ්‍යක් සහිත රන්කරුවන් යොදා ගනිමින් සිදු කෙරේ.

සඳකැන් පාෂාණ වල අනාගතය[සංස්කරණය]

මෙම පාෂාණය නිධි ගත පවත්නා භූමි ප්‍රදේශ‍‍යෙහි වර්තමාන භාරකාරීත්වය පවතින්නේ පෞද්ගලික හිමිනරුවන්ටය.එමෙන්ම මෙම පාෂාණය ක්ෂය වන සම්පතකි.ඒක භූමි සම්පතක් වන මෙම පාෂාණය පෞද්ගලික හිමිකරුවන් යටතේ පැවතීම තුලින් එහි අනාගතය කෙබඳු වේද ?

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

Moonston
Mind
silver [permanent dead link]

"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රකාන්ති_පාෂාණ&oldid=602708" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි