Jump to content

ගෝලීය ආර්ථීක අර්බුද

විකිපීඩියා වෙතින්

[[]]

අඩසියවසකටත් වැඩිකාලයක් තිස්සේ ලෝක ආර්ථීකය නැමති අධිවේගී දුම්රියෙහි නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි. ආර්ථීක හා මූල්‍ය අංශයෙන් සලකා බලන විට පසුගිය අඩසියවසක කාලය තුළ ලෝක ආර්ථීකය වෙනස්වීමෙහි ලා ඇ.එ.ජ. විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. ලෝකයේ විශාලතම ආර්ථීකයට හිමිකම් කියන ඔවුන්ට ලෝක ආර්ථීකයෙන් 30% ක් පමණ අයත් වේ. මෙලෙස ඉතා විශාල ආර්ථීකයකට හිමිකම් කියන ඇ.එ.ජ. වර්තමානයේ විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබේ. විශේෂයෙන් ඇමරිකාව යනු වෙනත් ආර්ථීකයන් මෙන් නොව මූල්‍ය ක්‍රමය මත ගොඩනැගී ඇති අතිවිශාල මූල්‍ය ආර්ථීකයකි. 1792 සිට 2007 දක්වා දරුණු ආර්ථීක අර්බුද 17 කට ඇ.එ.ජ. මුහුණ දී තිබේ. බැංකු විශ්වාස බිඳවැටීම් 07 ක්, ආර්ථීක අවපාත 06 ක් හා ආර්ථීක පරිහානි 04 ක් ඒ අතර වේ. ඇමරිකාව මුහුණදෙන අලූත්ම ආර්ථීක අර්බුදය වන මූල්‍ය අර්බුදය ඔවුන් මුහුණ දෙන 18 වන ආර්ථීක අර්බුදය වන අතර එය 1929 න් පසු ඔවුන් මුහුණදෙන දරුණුම අර්බුදය වේ. මෙලෙස ආර්ථීක අර්බුද 17 කට මුහුණ දී ඉන් ජය ලබා ඇති ඇමරිකානුවන් කෙසේ හෝ වත්මන් අර්බුදය ද ජය ගැනීමට උත්සාහ දරනු ඇත. සාමාන්‍යයෙන් රටක් තුළ කලින් කලට ව්‍යාපාර චක්‍ර ඇතිවීම හෙවත් වෙළඳ උත්පාත, අවපාත ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් මෙහිදී අපට මෙම අර්බුදය එසේ සාමාන්‍ය එකක් ලෙස බැහැර කළ නොහැකි වන්නේ එය ඇමරිකාවට පමණක් නොව ලෝකයේ අනෙකුත් සියලූම රටවල් වලට බලපාන ගැටලූවක් වී ඇති බැවිනි. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල් වලට මෙය ප්‍රබලව පලපා තිබේ. ඒ අනුව මෙම ඇමරිකා මූල්‍ය අර්බුදය ඇතිවූ ආකාරය, එය ඇමරිකා ආර්ථීකයට බලපෑ අන්දම, ලෝකයේ අනෙකුත් රටවල්වලට විශේෂයෙන්ම ආසියාතික රටවලට එය රැගෙන ගිය යාන්ත්‍රණය හා ශ්‍රී ලංකා ආර්ථීකයට එමගින් ඇතිවූ බලපෑම සහ එම අර්බුදය මගහරවාගැනීම සඳහා මෙම රටවල් අනුගමනය කර ඇති ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව විශ්ලේෂණාත්මක විග්‍රහයක් ඉදිරිපත් කිරීම මෙම නිබන්ධනය තුළින් මූලික වශයෙන් අපේක්‍ෂා කොට ඇත.


ඇමරිකානු මූල්‍ය අර්බුදයේ ආරම්භය කෙරෙහි මුලින්ම අවධානය යොමු කළහොත් එය කාලාන්තරයක් තුළ ඇති දැඩි වූ විවිධ වූ හා සංකීර්ණ වූ කාරණා ගණනාවක සමුච්චිත ප්‍රතිඵලයක් මිස එක් කාරණයක හෝ එක් දිනක ඇති වූ සිද්ධියක ක්‍ෂණික ප්‍රතිඵලයක් නොවන බව පෙනී යයි. මෙම අර්බුදයේ ආරම්භයට සමීපස්ථ හා දුරස්ථ සාධක බලපා තිබේ. ඒ සඳහා බලපෑ ආසන්නම සාධකය වී ඇත්තේ සරල සංසිද්ධියකි. එනම් නිවාස සඳහා වූ උකස් ණය වෙළෙඳපොළෙන් බැංකු ණය ආපසු නොගෙවීමේ ඉහළ අනුපාතිකයක් වාර්තා වීමයි. මේ නිසා 2008 වර්ෂයේ මැද භාගයේ සිට එරට විශාලතම උකස් හා ආයෝජන බැංකු ගණනාවක් එකපිට එක තම බංකොළොත් භාවය ප්‍රකාශයට පත් කරනු ලැබීය. උදාහරණ වශයෙන් ජූලි 11 වන දින එරට විශාලතම උකස් හා ආයෝජන බැංජකුවක් වන ඉන්ඩිමැක්(ෂබාහප්ජ) බැංකුවත් සැප්. 13 වන දින ලෙමන් බ්‍රදර්ස් (ඛැයප්බ ඊරදඑයැරි) නැමති මූල්‍ය ආයතනයත් සැප්.14 වන දින මිරයිල් ලින්ච්(ඵැරරසකක ඛහබජය) ආයතනයත් එමෙන්ම එදිනම Aෂඨ නැමති විශාලතම රක්‍ෂණ ආයතනයත් තම බංකොළොත් භාවය ප්‍රකාශයට පත්කරනු ලැබීය. එමෙන්ම ඇමරිකානු බැංකු ඉතිහාසයේ දැවැන්තම කඩාවැටීම සනිටුහන් කරමින් සැප්.15 වන දින වොෂින්ටන් මියුචුවල්(උ්ියසබටඑදබ ඵමඑම්ක) බැංකුවේ වත්කම් න‍ගඡග ඵදරට්බ ආයතනය විසින් මිලදී ගනු ලැබීය. මෙම දැවැන්ත කඩාවැටීම සමනය කරගැනීම සඳහා එරට හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලියු බුෂ් විසින් ඩොලර් බිලියන 700 ක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඉල්ලූම් කර තිබුණි. නමුත් එය ප්‍රතික්ෂේප විය. මෙම අර්බුදය සඳහා බලපෑ අනෙකුත් දුරස්ථ හේතු සාධක දෙස හැරී බලන විට විදේශ විනිමයට සාපේක්‍ෂව ඇමරිකානු ඩොලරය අවප්‍රමාණය වීම මෙම අර්බුදයට යම් තරමකට බලපා තිබේ. ඒ අනුව යූරෝ හා යෙන් වලට සාපේක්‍ෂව පසුගිය කාල සීමාව තුළ ඩොලරය පහත වැටී ඇති අයුරු පහත රූපසටහන් තුළින් අපට දැකගත හැක.


ඉහත දැක්වෙන ආකාරයට 2005 ඔක්තෝබර් වන විට ඉහළ නැග තිබූ ඩොලරය යූරෝ වලට සාපේක්‍ෂව ක්‍රමයෙන් පහත වැටී 2008 මැද භාගය වන විට එහි අවමය දක්වා ගමන්කොට ඇත. 2004 ජනවාරි වන විට ඩොලර් 1 ක් යෙන් 108 ක් වූ අතර 2008 දෙසැම්බර් වන විට එය 93.2 දක්වා අඩු වී ඩොලරය අවප්‍රමාණය වී තිබේ. මෙලෙස ඩොලරය අවප්‍රමාණය වීමට මූලික හේතු 02 ක් බලපා තිබේ. ඉන් පළමුවැන්න නම් ලෝක වෙළඳපොළෙහි ඛනිජ තෙල් මිල ඉහළයාම හා ආහාර මිල ඉහළයාම කෙරෙහි බැඳුණු ඉහළ උද්ධමනය හා ඉහළ සේවා වියුක්තියයි. දෙවැන්න නම් ඇ.එ.ජ. යේ විද්‍යමාන වූ ආර්ථීක අවපාතයක් පිළිබඳව විද්වතුන් ප්‍රකාශ කළ විවිධ මත ප්‍රකාශයන්ය. ඉහත පළමුවැන්න එනම් උද්ධමනය හා සේවා වියුක්තිය සලකා බලන විට 2008 අවසාන භාගය වන විට උද්ධමනය ඉහළ යාමක් සිදු වී ඇති බව දැකිය හැකිය. 2006 ඔක්තෝබර් වන විට 2% ටත් වඩා අඩුවෙන් පැවති උද්ධමන අනුපාතය 2008 ජුනි මාසය වන විට 6% කට ආසන්නව ඉහළගොස් තිබේ. ඇමරිකාවේ පමණක් නොව එක්සත් රාජධානියේ ද මිල මට්ටම 2008 වසර තුළ ඉතා වේගයෙන් ඉහළගොස් තිබේ. 2008 ජනවාරි වන විට 2% ක්ව පැවති මිල මට්ටම සැප්. මාසය වන විට 5.2% දක්වා ඉහළ ගොස් තිබේ.


එමෙන්ම සේවා වියුක්තිය දෙස බලන විට ඇ.එ.ජ. යේ 2007 ආරම්භයේ දී සේවා වියුක්ති අනුපාතය 4.5% ක් වූ අතර එය 2008 නොවැ. වන විට 6.7% දක්වා ශීඝ්‍ර ඉහළයාමක් වාර්තා වී තිබේ. එක්සත් රාජධානියේ ද 2007 ආරම්භයේ දී සේවා වියුක්ති අනුපාතය 5.1% ක් වූ අතර 2008 අගෝස්තු වන විට එය 5.7% දක්වා ද 2009 මැද භාගය වන විට එය 9.4% ඉතා වේගයෙන් ඉහළ ගොස් අයුරු පහත රූපසටහනෙන් දැකගත හැක.


මීට අමතරව ඇ.එ.ජ. යේ ඌන සේවා වියුක්තිය 11% ක් පමණ වේ. එය භාණ්ඩ හා සේවා ඉල්ලූම අඩුවීමට සෘජුවම බලපානු ලබයි. කෙසේ නමුත් ඇ.එ.ජ. මූල්‍ය අර්බුදයට සමීපස්ථවම බලපා ඇත්තේ ඇමරිකාවේ නිවාස වෙළෙඳපොළ නිකුත් කළ මිල සංඥාවන්ට එරට ආයෝජකයන් හා ගෘහස්ථයන් දැක්වූ වැරදි ප්‍රතිචාරයන්ය. ඒවා අතුරින්

  1. උකස් ණය මත නිවාස මිලදී ගත් නිවාස හිමියන් ඔවුන්ගේ ණය වාරික නොගෙවා හැරීම.
  2. ණය දෙණුවන් හා ගණුවන් යන දෙපාර්ශවයේම වැරදිසහගත වු අගය විනිශ්චයන් හා සමපේක්‍ෂණයන්.
  3. නිවාස වෙළෙඳපොළ උත්පාත සමයේ බිහිකළ අධික නිවාස සැපයුම.
  4. නිවාස ණය මත අනුගමනය කරන ලද ඉහළ අවදානම් සහිත ණය ක්‍රම
  5. රජයේ දුර්වල මූල්‍ය ප්‍රතිපත්තිය හා ලිහිල් මූල්‍ය නීතිය.

යනාදිය මෙයට වැදගත් දායකත්වයක් සපයා තිබේ. 1990 ගණන් වන විටත් අ.එ.ජ. යේ නිවාස හිමිකම 64% ක් පමණ විය. ඒ නිසා මෙය නිවැරදි කිරීමට රජය විසින් ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදුන් අතර එහි ප්‍රතිඵලය වූයේ නිවාස වෙළෙඳපොළේ මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමයි. මේ නිසා ඉතා විශාල වශයෙන් නිවාස ඉදිකිරීම සිදු වූ අතර ඉන් 40% ක් පමණ පදිංචියට නොව ආයෝජනය සඳහා ඉදි වූ ඒවා වේ. නමුත් මෙලෙස නිවාස ඉල්ලූම්කරුවන්ගෙන් බොහොමයක් ඔවුන්ගේ ආදායම් මට්ටමෙන්, රැකියාවෙන්, ඇප සුරැකුම් වලින් හෝ වත්කම් වලින් බැංකු ණයක් සඳහා සුදුස්සන් නොවීය. රසේම උකස් ණය වෙළෙඳපොළෙහි අනුගමනය කර ඇති ණය ක්‍රමයන් ද ඕනෑවට වඩා නම්‍ය ඒවා වූ අතර දැඩි අවදානම් ඒවාද විය. උදා: ලෙස එක් ණය ක්‍රමයක් නම්කොට තිඛෙන්නේ ’ආදායම හෝ රැකියාව හෝ වත්කම නොසලකා දෙන ණය (භද ෂබජදපැල භද න‍දඉල ්බා භද Aිිැඑි ඛද්බ) වශයෙනි. මෙය නින්ජා ණය ක්‍රමය ලෙස හඳුන්වයි. තවත් ණය ක්‍රමයක් නම් ’ගැලපිය හැකි උකස් අනුපාත ණය ක්‍රමයයි. කෙසේ වෙතත් 2000 දශකයේ දෙවන භාගය ආරම්භයේ දී මේ නිවාස බුබ්බුලය පිපිරීයාමට හේතු උත්සන්න විය. උදා: වශයෙන් 2008 ජනවාරි මාසය තුළ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක ඛනිජතෙල් බැරලයක මිල / 100 ඉක්මවු අතර එහි උපරිම මිල වන / 147 ඉහළ ගියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ අන් රටවල මෙන්ම ඇමරිකාවේ ද ඉහළම උද්ධමනයක් ඇතිවු අතර ඒ හේතුකොටගෙන පාරිභෝගික වියදම් ඉහළ ගියේය. අනෙක් අතට එහි ප්‍රධානතම කර්මාන්තයක් වන වානේ කර්මාන්තයේදීත් තඹ කර්මාන්තයේදීත් බහුලව භාවිත කරනු ලබන රසායනික යෙදවුම් හි මිල එක් වර්ෂයක් තුළ 6 ගුණයකින් වැඩි වී එම කර්මාන්තයෙහි නිමැවුම් ඒකක පිරිවැය ඉහළ ගියේය. මහා පරිමාණ බැර කර්මාන්ත අංශයෙහි ඇති වු මෙම පීඩනය සමනය කරගනු ලැබුවේ ශ්‍රම සේවා නියුක්තිය කප්පාදු කිරීමෙනි. එම ප්‍රතිපත්තියේ අවසාන ප්‍රතිඵලය වූයේ ඉහතින් දැක්වු පරිදි ඉහළ සේවා වියුක්තියක් වාර්තා වීමයි. ඒ අනුව 208 අගෝස්තු මාසය තුළ පමණක් රැකියා 84000 ක් කපාහැර තිබේ. එසේම ජනවාරි සිට අගෝස්තු දක්වා ඇ.එ.ජ. යේ රැකියා අහිමි වූ සංඛ්‍යාව 605000 කි. මෙම ආර්ථීක අවපාතමය ලක්‍ෂණ නිසා එරට නිවාස හා ඉඩම් වැනි දේපොළ වෙළෙඳපොළ හැකිලීමට භාජනය වූ අතර නිවාස මිල අපේක්‍ෂා නොකළ පරිදි පහත වැටී නිවාස බුබ්බුලයේ පිපිරියාමට එය හේතු විය. එසේම ඉහතින් දැක්වූ පරිදි කාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ පසුබැසීම නිසා ඇමරිකාවේ මෙන්ම යුරෝපයේ කාර්මික නිෂ්පාදන කර්මාන්තය කඩා වැටුණි. ඒ අනුව ඇමරිකාවේ 2008 ජනවාරි වන විට 2% ක්ව පැවති කාර්මික නිෂ්පාදනය 2008 ඔක්තෝබර් වන විට -4% දක්වා පහළ වැටී තිබේ.


එසේම ඇ.එ.ජ. යේ ද.දේ.නි සලකා බලන විට එහි වර්ධනය ශීඝ්‍රයෙන් පහළ බැස ඇති අයුරු දැක ගත හැකිය. එනමි 2004 දී 3.63% ක් වූ ආර්ථීක වර්ධන වේගය 2008 වන විට 0.51% ක දක්වා ද 2009 මැයි මාසය වන විට -3.9% දක්වා පහත බැසීමක් පහත රූපසටහනෙන් දැක ගත හැකිය. මීට අමතරව පසුගිය කාලය පුරාවටම ඇමෙරිකා ආර්ථීකයේ පැවතියේ ගෙවුමිශේෂ හිඟයකි. එය ද.දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස පහත දැක්වේ.


වර්ෂය 2003 2004 2005 2006 2007 2008

ශේෂය -4.7 -6.4 -6.07 -6.15 -5.33 -4.33


මෙලෙස ගෙවුම්ශේෂ හිඟයක් පැවතුනද කොටස් වෙළෙඳපොළට මෙන්ම එරට බැංකු පද්ධතියට චීනය, ජපානය, මැදපෙරදිග හා අනෙකුත්් අතිරික්ත සම්පත් ඇති රටවලින් විනිමය ගලා ඒම නිසා පවත්නා වෙළෙඳ අවාසිය එතරම් වැදගත් සාධකයක් ලෙස නොසලකනු ලැබීය. නමුත් එරට මූල්‍ය අර්බුදයේ ස්වභාවය ක්‍රමයෙන් දැඩිවත්ම එරට දේශීය නිෂ්පාදිතය අඩුවීම, බැංකු පද්ධතිය කඩා වැටීම, මූල්‍ය අවදානම නිසා ආයොජකයින් අඩුවීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළේ කඩා වැටීමද සිදුවිය. ඒ අනුව 2007 ඔක්: වන විට ඒකක 1550 ක් ලෙස පැවති කොටස් වෙළෙඳපොළ 2009 මාර්තු වන විට ඒකක 750 පමණ වන තෙක් පහළ බැස තිබේ.


මෙලෙස ඇමෙරිකානු ජාතික නිෂ්පාදනයේ කඩා වැටීමට හේතු වූ තවත් වැදගත් සාධකයක් වී ඇත්තේ ඇමෙරිකාව ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ කරනු ලැබූ යුද්ධය සඳහා අති විශාල මුදල් සම්භාරයක් වැය කොට තිබීමයි. නිෂ්පාදනය වෙනුවෙන් යොදාගත හැකිව තිබූ මෙම මුදල් තොගය ආරක්‍ෂක වියදම් සඳහා දැරීමට ඔවුන්ට සිදුව තිබේ. ලෝකයේ සමස්ත හමුදා වියදම වන ඩොලර් ටි්‍රලියන 1200 න් හරි අඩක්ම ඇමෙරිකාව වැය කිරීමෙන් ඒ බව පැහැදිලි වේ. මෙම අර්බුදය මූල්‍ය හා ආර්ථීක යන දෙපැත්තේම අර්බුදයක් යැයි කියනු ලබන්නේ මුල්‍ය අර්බුදය තුළින් ආර්ථීක අර්බුදයක් කරා ගමන් කර ඇති නිසයි. ඇමෙරිකානු උකස් වෙළෙඳපොළ බිඳවැටීම නිසා බැංකු පිළිබඳව පැවති විශ්වාසය බිඳවැටුණු අතර මේ නිසා ණය ගෙවීම පැහැර හැරීමෙන් ණය අර්බුදයක් ඇති විය. මේ නිසා වත්කම් මිල පහළ වැටුණු අතර මේ නිසා මිනිසුන්ගේ ආයෝජන ආදායම් අඩුවිය. ආයෝජනය පහළයාම හේතුවෙන් සමාහාර ඉල්ලූම අඩු වීමෙන් ජාතික නිෂ්පාදනය පහළ වැටී ආර්ථීක වර්ධනය අඩු වී සේවා වියුක්තිය ඉහළ යාමෙන් ඉහත දැක්වෙන ආකාරයට රට ආර්ථීක අර්බුදයක් කරා ගමන් කළේය. මෙම අර්බුදයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ඇමෙරිකානු රජය විසින් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් රාශියක් අනුගමනය කරනු ලැබීය. ඒවායින් සමහරක් පහත දැක්වේ.


01- 2008 අග භාගයේ දී බුෂ් පරිපාලනය විසින් වටිනාකම් ක්ෂය වී ගිය වත්කම් සතු බැංකු සඳහා සහන වැඩපිළිවෙළට ඩොලර් බිලියන 700 ක් යෙදවීම.

02- ඔබාමා පරිපාලනය විසින් බැංකු ශේෂ පත්‍ර වල ’විෂ වූ වත්කම්¶ (ඔදංසජ Aිිැඑි) මිලයට ගැනීම සඳහා පෞද්ගලික අනාගත සුරැකුම් අරමුදල් වලට ඩොලර් ටි්‍රලියනයක සහනාධාර සැපයීම.

03- එක්සත් ජනපද මෝටර් රථ සමාගම් ලාභ උපයන තත්ත්වයට පත්කිරීම සඳහා මෝටර් රථ කර්මාන්ත කම්කරුවන්ගේ වැටුප්, රැකියා, හා ප්‍රතිලාභ කප්පාදු කිරීමේ වැඩපිළිවෙළ.

04- බැංකු අතර එහා මෙහා වන ණය සඳහා ගෙවිය යුතු පොළිය නියම කරන පාදක ෆෙඩරල් අරමුදල් අනුපාතය අනාගත කාලයක් සඳහාද 0% සිට 0.25% අතර මට්ටමක පවත්වාගෙන යන බව එරට මහ බැංකුව ප්‍රකාශ කිරීම.

05- ලෙමන් බ්‍රදර්ස් බැංකුව බිඳවැටීමත් සමග ඇමෙරිකානු රජය දැවැන්ත ඇප දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. ඒ අනුව එතැන් පටන් එරට රජය ඩොලර් ටි්‍රලියන 23.7 ක් තරම් වූ විශාල වැඩසටහනක් පටන්ගෙන ඇත.

06- ඇමෙරිකාව ලෝකයේ අනෙකුත් රටවල මහ බැංකු සමග එකතු වී මුදල් සැපයුම ප්‍රසාරණය කිරීම. එහි අරමුණ වූයේ ගෝලීය පරිභෝජනය තුළ ස්වයං ප්‍රතිසාධනය පිරිහීමට හේතු වන අඩු වැටුප් හා ඉහළ සේවා වියුක්තියෙන් යුත් අවපාතමය අවදානම් තත්ත්වයෙන් වැළකීමයි.


මෙම මූල්‍ය අර්බුදය ඇමෙරිකාව පදනම් කරගෙන ඇති වුවත් එය එරටට පමණක් බලපාන්නක් නොවේ. එය අනෙකුත් බොහෝ සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලටද බලපා තිබේ. විශේෂයෙන් එය ආසියාතික රටවලට ගෙන ගිය යාන්ත්‍රණ සලකා බලමු. ඇමෙරිකාවෙන් ආරම්භ වූ මෙම මූල්‍ය අර්බුදය ආර්ථීක අර්බුදයක් කරා ව්‍යාප්ත ව ගොස් එය සෘජුව හා වක්‍ර මාර්ග ඔස්සේ ආසියාතික රටවලට ද බලපාන ලදී. 2008 3 වන කාර්තුව වන විට මෙම බලපෑම ආසියාතික රටවලට දැනෙන්නට විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ වූ මූල්‍ය වෙළෙඳපොළ බිඳවැටීමේ ප්‍රතිඵල ශ්‍රීඝ්‍රයෙන් චීනය, ජපානය, කොරියාව, හොංකොං, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි නැගෙනහිර ආසියාතික රටවලට ද පසුව දකුණු ආසියාතික රටවලට ද බලපාන ලදී. මෙකී බලපෑම් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්ව අලාභ, ගෙවුම්ශෙAAෂ හිගයන් ආර්ථීක වර්ධනය පහළ වැටීම, ෆිස්කල් හිගය වර්ධනය වීම, මුදලේ අගය ක්ෂය වීම, සෘජු විදේශ ආයෝජන ගලා ඒම අඩු වීම, විදේශ සංක්‍රාම නොලැබීම, විදේශ වෙළෙඳාම පහත වැටීම, සංචාරක කර්මාන්තයේ බිඳවැටීම් වැනි විවිධාකාරයෙන් බලපාන ලදී.


ආසියාතික රටවල බොහෝ අපනයන එක්සත් ජනපදය හා යුරෝපා සංගමය වෙත සිදුකෙරේ. මේ නිසා එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ මෙම අර්බුදය විදේශ අපනයන වෙළෙඳපොළ බිඳවැටීම හරහා සෘජුව බලපාන ලදී. අනෙක් අතට ආසියාතික රටවල සංචාරක කර්මාන්තය සඳහා වූ ඉල්ලූමේ වැඩි ප්‍රමාණයක් ජනනය වන්නේ ඉහත කී රටවල් ඇසුරෙනි. එම රටවල ආර්ථීකය බිඳ වැටීම ආසියාතික රටවල සංචාරක කර්මාන්තයට අලාභ ගෙනදුන් අතර එම රටවල ප්‍රධාන විනිමය උපයන මාර්ගයක් අහිමි වීමට ද හේතුවක් විය. රටවල් කිහිපයක් හැරුණු විට බොහෝ ආසියාතික රටවල් එක්සත් ජනපදය හා යුරෝපයෙන් ලබාගත් ණය හා සෘජු විදේශ ආයෝජන මත රඳා පවතී. මෙම මූල්‍ය අර්බුදය එකී සංවර්ධිත රටවලින් කෙරෙන ආයෝජන බිඳවැටීමකට මෙන්ම පවත්නා ආයෝජන ඉවත් කරගෙන යාමකට තුඩුදෙන ලදී. බොහෝ ආසියාතික රටවලට විදේශ සංක්‍රාම වැඩි ප්‍රමාණයක් උපයන ලද්දේ මැදපෙරදිග රටවල නියුතු ශ්‍රමිකයන් මගිනි. මූල්‍ය අර්බුදයේ බලපෑම මැදපෙරදිග රටවලට බලපාන තත්ත්වයක් තුළ එහි කර්මාන්ත බිඳවැටීම තුළ එහි සේවයේ නියුතු ආසියාතික රටවල ශ්‍රමිකයන්ගේ රැකියා අවිනිශ්චිතතාවයකට මෙන්ම විදේශ සංක්‍රාම ලැබීමේ මාර්ග ඇණහිටීමකට තුඩුදෙන ලදී. චීනය ජපානය ඇතුළු කාර්මික රටවල මෙන්ම වෙනත් ආසියාතික රටවල ප්‍රධාන බලශක්ති මූලාශ්‍රය වූයේ ඛනිජ තෙල් ය. මෙම අර්බුදය තුළ ඛනිජ තෙල් මිල පෙර නොවූ විරූ ආකාරයෙන් ඉහළ යාම හමුවේ පාරිභෝගික භාණ්ඩවල මෙන්ම කාර්මික භාණ්ඩවල මිල ඉහළ යාමකට මෙන්ම සමහර කර්මාන්ත වසා දැමීමකට ද තුඩු දෙන ලදී. ශ්‍රී ලංකාවට මෙය බලපාන ආකාරය ගැන බලන විට සෘජු හා වක්‍ර යන දෙපාර්ශවයෙන්ම බලපෑම් ඇති වේ. මෙය ආරම්භ වන්නේ ප්‍රධාන වශයෙන් ඇමෙරිකා හා යුරෝපා කලාපයෙනි. මෙම ආර්ථීක බිඳවැටීම ශ්‍රී ලංකාවට සෘජුවම බලපා තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කලාප 02 ක් වන්නේ උතුරු ඇමෙරිකා හා යුරෝපා කලාපයයි. මේ නිසා ලංකාවේ තේ කර්මාන්තයට, ඇඟළුම් කර්මාන්තයට, විදේශ ආයෝජන වලට හා විදේශිකයන් එවනු ලබන ප්‍රේෂණ වලට සෘජුවම අහිතකර ලෙස බලපායි.


ඒ අනුව අපනයන කර්මාන්ත සලකා බලන විට, එයට දැඩි ලෙස බලපා තිබේ. හේතුව අපගේ ඇඟළුම් අපනයනයෙන් 90% ක් පමණ අපනයනය කරන්නේ යුරෝපයට හා උතුරු ඇමෙරිකාවට වීමයි. පවත්නා ලෝක ආර්ථීක අර්බුදයට අමතරව යුරෝපා රටවලට යවනු ලබන ඇඟළුම් වෙනුවෙන් ලැබී ඇති වරණීය තීරු බදු සහන (ඨීඡ +) පිළිබඳව ද අභියෝග එල්ල වී ඇත. මෙම සහනය යටතේ යුරෝපා සංගමයට යවන මුළු ඇඟළුම් ප්‍රමාණය මුළු ඇඟළුම් වටිනාකමින් 35% ක් පමණ වේ. මෙම අර්බුදය හේතුවෙන් ඇඟළුම් සඳහා ඇති ඉල්ලූම අඩු වීමෙන් ලංකාවේ ඇඟළුම් අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මේ නිසා ඇඟළුම් අලෙවි කිරීමේදී වර්ෂ 02 කට පමණ ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත.


එසේම ලෝක වෙළෙඳපොළේ තේ රබර් වැනි අපනයන භාණ්ඩ සඳහා පැවති ඉල්ලූම සහ මිල ගණන් වල පසුබෑම හේතුකොටගෙන එම කර්මාන්ත දැඩි අර්බුදයකට පත්වී තිබේ. 2008 වසරේ අවසාන කාර්තුව වන විට තේ හා රබර් සඳහා පැවති සාමාන්‍ය මිල ගණන් වලින් 80% කින් පමණ අඩු වී ඇත. මේ නිසා 2007 දී -4.56% ක්ව තිබූ ජංගම ගිණුමේ හිගය 2008 දී -5.73% දක්වාත් වර්ධනය වී තිබේ. එමෙන්ම ලෝක වෙළෙඳපොළේ තෙල් ඉල්ලූම අඩුවී මිල පහළ වැටීම නිසා මැද පෙරදිග රටවල තෙල් සැපයුම අඩුවී ඔවුන්ගේ නිෂ්පාදනය පහත වැටීම නිසා ආදායම අඩුවීම හේතුවෙන් මැදපෙරදිග රටවලින් අපගේ තේ මිලදී ගැනීම අඩුවිය හැකිය. එසේම එම රටවලින් ලැඛෙන රැකියා ප්‍රමාණය අඩුවීමට මෙය බලපානු ඇත. මෙය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සැපයුම අඩුවීම කෙරෙහි සෘජුවම බලපායි. මීට අමතරව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ද මෙම අර්බුදය දැඩි ලෙස බලපා තිබේ.


එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය බොහෝ සෙයින් ලබාගන්නා රටකි. ලෝකයේ මහා බැංකු මූල්‍ය අර්බුදයකට යන විට අපට ණය ලබා ගැනීම අසීරු වේ. ඩොලර් මිලියන 250 ක් දෙනවා යැයි කියූ බැංකු එය මිලියන 50 - 100 දක්වා කැපීමට සූදානම්ය. එවිට අපගේ ආර්ථීක ඉලක්ක සපුරා ගැනීමට අසීරු වේ. මෙලෙස ලෝකයේ බැංකු ණය දීම අඩුවන විට පොළි අනුපාතය විශාල ලෙස ඉහළ යන අතර එය අප වැනි රටකට දරා ගැනීමට අසීරු වේ. අනෙක් අතට ලෝක මූල්‍ය අර්බුදය ශ්‍රී ලංකාව ඇතුළු 3 වන ලෝකයේ රටවලට හිතකර අන්දමින් ද බලපා තිබේ. එනම් ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල පහළ බැසීම, අමුද්‍රව්‍ය මිල ගණන් හා ප්‍රධාන භාණ්ඩවල මිල පහළ බැසීම, ලෝක ආහාර අර්බුදය ව්‍යර්ථ වීම වැනි වාසි ඇති වී තිබේ. මෙම මූල්‍ය අර්බුදයෙන් ලංකාවට ඇතිවන බලපෑම අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් විවිධ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් අනුගමනය කර තිබේ. ඒවායින් සමහරක් පහත දැක්වේ.

  • ණය අර්බුදයේ බලපෑම අඩුකරගැනීම සඳහා ඉරානයෙන් සහනදායී ණය පහසුකම් ලබා ගැනීම.
  • දේශීය ආර්ථීකය ආරක්‍ෂා කරගැනීම හා ශක්තිමත් කර ගැනීම සඳහා පොළී අනුපාත හා විනිමය අනුපාත ස්ථාවරව පවත්වා ගැනීමට මහ බැංකුව අවධානයෙන් පසුවීම.
  • භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වෙළෙඳපොළ විදේශ ආයෝජකයන් සඳහා විවෘත කිරීම. එහිදී හදිසියේ එම ප්‍රාග්ධනය පිටවීමක දී මුහුණ දීමට හැකියාවක් ලැඛෙන පරිදි සීමාවන් පනවමින් ප්‍රවේශම් සහතව එය සිදු කිරීම.
  • බැංකු වලින් සිදුකරන ණය දීම් පිළිබඳව මහ බැංකුව දැඩි අවධානයකින් සිටීම.
  • ණිවාස ණය සඳහා අදාළ අවදානම් බර තැබීම 50% සිට 55% දක්වා වැඩි කිරීම.
  • බැංකු අධීක්‍ෂණ කටයුතු වඩා විධිමත් හා ශක්තිමත් කිරීම සහ අවදානම් කළමනාකරණය පිළිබඳව බැංකු දැනුවත් කිරීම මහ බැංකුව විසින් සිදු කිරීම.
  • උපරිම වශයෙන් ලබාදිය හැකි ණය සීමා හා තනි පුද්ගලයකුට ලබාදිය හැකි ණය සීමාවන් පිළිබඳව මහ බැංකුව විසින් බැංකු වලට නියෝග පැනවීම.
  • ඉහළ ජාත්‍යන්තර ඛනිජ තෙල් මිල ගණන් වලට අනුව දේශීය මිල ගණන් ගැලපීමේ ප්‍රතිපත්තිය.

මේ අනුව සමස්තයක් වශයෙන් සලකන විට වත්මන් ලෝක ආර්ථීක අර්බුදය ඇමෙරිකාව ඇතුළු ලෝකයේ සියළුම රටවලට බලපානු ලැබුවද කාලයාගේ ඇවෑමෙන් මෙහි බලපෑම ක්‍රමයෙන් අඩු වී යනු ඇත. එනම් කලින් කලට ආර්ථීක උත්පාත හා අවපාත තත්ත්වයන් ඇතිවීම ස්වාභාවික තත්ත්වයක් වන බැවිනි.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

[සංස්කරණය]
  1. - Yilmaz, Akyuz, The Current Global Financial Turmoil developing countries, Third world Network, 2008. (http/www.twnside.org.sg/title2/ge/ge11.pdf)
  2. - The World Economic Crisis: A Marxist Analysis. A lecture by Nick Beams, at world Socialist Web Site (wsws.org)
  3. - http//course1.winona.edu/wyu
  4. - ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව 2008, ඇම්.ඩී. ගුණසේන සමාගම, කොළඹ 01
"https://si.wikipedia.org/w/index.php?title=ගෝලීය_ආර්ථීක_අර්බුද&oldid=465916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි