එම්. ජේ.ගෝපාලන් කුසලාන

විකිපීඩියා වෙතින්
(ගෝපාලන් කුසලාන වෙතින් යළි-යොමු කරන ලදි)

එම්. ජේ. ගෝපාලන් කුසලාන යනු, ලංකාව (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) සහ මදුරාසිය (වර්තමානයෙහි තමිල් නාඩුව) අතර, 1952-53 සහ 2007-08 අතරතුර ක්‍රීඩා කෙරුණු, වාර්ෂික පළමු-පෙල ක්‍රිකට් තරගාවලියකි.

ඉතිහාසය[සංස්කරණය]

ක්‍රිකට් සහ හොකී ක්‍රීඩකයෙක් ලෙසින් එම්.ජේ. ගෝපාලන්ගේ වසර 25 ක ක්‍රීඩා ජිවිතය සැමරීමට රිදී ජුබිලි අරමුදලක් 1952 වසරෙහිදී ඇරඹීම හා සමගම මෙම තරගාවලිය පිළිබඳ අදහස ජනිත වී ඇත. [1] මෙම අරමුදල හරහා, මදුරාසිය හා ලංකාව අතර වාර්ෂික ක්‍රිකට් කරගයක් ස්ථාපිත කෙරුණු අතර එය ගෝපාලන් අනුව යමින් නම් කෙරිණි.

ලංකාව විසින් පළමු තරගය ජයග්‍රහණය කෙරිණි. [2]මෙම තරගය, ක්‍රීඩා දිනදසුනෙහි නිත්‍ය ඉසව්වක් බවට පත්වූ අතර, 1983 වසරෙහිදී ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබූ පසු නවතා දැමිණි. . වසර 2000දී එය යලි පණගැන්වුනේ, තමිල් නාඩුව සහ කොළඹ දිස්ත්‍රික් ක්‍රිකය් සංගමයක් හා පැවති තරගයකිනි. [3]වසර දෙකකට පසුව මෙම ඉසව්වද නතර කෙරුණු අතර, යළි වසර 2007 දී ශ්‍රී ලාංකික සහ තමිල් නාඩු පාලක මණ්ඩල විසින් තරගාවලිය යළි ඇරඹීමට එකඟ වන ලදි. [4] 2007 සැප්තැම්බරයේදී තමිල් නාඩුව සහ ශ්‍රී ලාංකික XI ක් අතර තරගයක් පවත්වන ලද අතර, එය ශ්‍රී ලාංකික කණ්ඩායම විසින් ජයග්‍රහණය කෙරිණි.[5]එතෙක් පටන් මේ වන තුරු කුසලාන සඳහා කිසිදු ක්‍රීඩා කිරීමක් සිදු කෙරී නොමැත.

ප්‍රතිඵල[සංස්කරණය]

ගෝපාලන් කුසලාන සඳහා, පළමු-පෙල තරග 27 ක් තරග කර ඇත. තරගවැදුනු පිල් වල, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කණ්ඩායම් වල, නම් වෙනස්කම් වලට භාජනය වී ඇත.

තරග වාරය ස්ථානය ප්‍රතිඵලය
1952-53 චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය ලංකාව ලකුණු 95 කින්
1953-54 නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජ පිටිය, කොළඹ ලංකා ක්‍රිකට් සංගමය ඉනිමකින් සහ ලකුණු 108 කින්
1955-56 නේරු ක්‍රීඩාංගණය, මුදරාසිය ලංකාව ඉනිමකින් සහ ලකුණු 14 කින්
1956-57 පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ ලංකා ක්‍රිකට් සංගමය කඩුළු 5 කින්
1957-58 චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය මදුරාසිය කඩුළු 2 කින්
1958-59 පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ ජය පැරදුමින් තොර
1959-60 නේරු ක්‍රීඩාංගණය, මදුරාසිය මදුරාසිය කඩුළු 8 කින්
1960-61 පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ ලංකා ක්‍රිකට් සංගමය ලකුණු 169 කින්
1961-62 නේරු ක්‍රීඩාංගණය, මදුරාසිය ලංකාව ඉනිමකින් සහ ලකුණු 66 කින්
1963-64 පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ ලංකා පාලක මණ්ඩල සභාපතිගේ XI කඩුළු 6 කින්
1965-66 පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ ජය පැරදුමින් තොර
1966-67 චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය ජය පැරදුමින් තොර
1967-68 පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ ලංකා පාලක මණ්ඩල සභාපතිගේ 27න් පහළ XI ලකුණු 105 කින්
1968-69 චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය ජය පැරදුමින් තොර
1969-70 පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ ජය පැරදුමින් තොර
1970-71 චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය ජය පැරදුමින් තොර
1971-72 සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ තමිල් නාඩුව ඉනිමකින් සහ ලකුණු 9 කින්
1972-73 චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය තමිල් නාඩුව ලකුණු 3 කින්
1973-74 පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ ජය පැරදුමින් තොර
1974-75 මහාත්ම ගාන්ධි ක්‍රීඩාංගණය, සයිලම් තමිල් නාඩුව ඉනිමකින් සහ ලකුණු 73 කින්
1975-76 කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ ශ්‍රී ලංකා පාලක මණ්ඩල සභාපතිගේ XI ලකුණු 22 කින්
1976-77 චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය ජය පැරදුමින් තොර
1980-81 මහාත්ම ගාන්ධි ක්‍රීඩාංගණය, සයිලම් ජය පැරදුමින් තොර
1982-83 පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ ජය පැරදුමින් තොර
2000-01 සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ ජය පැරදුමින් තොර
2001-02 චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය ජය පැරදුමින් තොර
2007-08 කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් XI ඉනිමකින් සහ ලකුණු 96 කින්

ලංකාව/ශ්‍රී ලංකාව 10 වතාවක්ද, මදුරාසිය/තමිල් නාඩුව 5 වතාවක්ද ජයග්‍රහණය කල අතර, තරග 12 ක් ජය පැරදුමෙන් තොරව අවසන් විය.


සටහන්[සංස්කරණය]

  1. "ඔනරින් එම්ජේ ගෝපාලන්". ද හින්දු. 2002-01-03. සම්ප්‍රවේශය 2007-09-23.
  2. මැඩ්රාස් වර්සස් සිලෝන් 1952-53
  3. "ද රිවයිවල් ඔෆ් අ ටූනමන්ට්". ෆ්‍රන්ට්ලයින්. 2000-11-11. සම්ප්‍රවේශය 2007-09-22.
  4. "අෂ්වින් ලීඩ්ස් ටමිල් නාඩු ඉන් රිපයිව්ඩ් ගෝපාලන් ට්‍රෝපි". ක්‍රික්ඉන්ෆෝ. 2007-09-21. සම්ප්‍රවේශය 2007-09-22.
  5. ශ්‍රී ලංකා ක්‍රිකට් XI වර්සස් ටමිල් නාඩු 2007-08
"https://si.wikipedia.org/w/index.php?title=එම්._ජේ.ගෝපාලන්_කුසලාන&oldid=330581" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි