ගෝනමාළු

විකිපීඩියා වෙතින්

ඉතාම දුර්ලභ කෙසෙල් ප්‍රභේදයකි. ව්‍යාජ කඳ කොළ පැහැතිය‍. පත්‍ර කඳ කොළ පැහැතිය‍. ව්‍යාජ කඳ මීටර් 3-3.5 උස් වන අතර පත්‍ර කඳ මීටර් 0.2-1 උස්ව වැඩේ. කඳ විශාල ලෙස මහත් වේ. පත්‍ර නටුවේ රතු පාට දාරයක් ඇත. පත්‍ර නටුව පිටතට වක් වී නොමැත. පත්‍රයේ මැද නාරටිය රතු පැහැතිය‍. පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය. මෙම කෙසෙල් කැනක ඇවරි 4-7 ක් පමණ ලබාගත හැකිය. මෙම කෙසෙල් කැනක ගෙඩි 60-100 ක් පමණ ලබාගත හැකිය. මෙම කෙසෙල් ගෙඩිවක් සාමාන්‍යයෙන් සෙ.මී. 20 පමණ දිග වන අතර පරිධිය සෙ.මී. 15 - 20 පමණ වේ. මෙම කෙසෙල් ප්‍රභේදය ඉදුණු විට කහ පැහැයට හැරේ. කැනේ මැද නාරටිය කහ පාටට හුරු කොළ පැහැතිය‍. මෙම කෙසෙල් ප්‍රභේදයට වෙළඳපොලෙහි ඉතාම ඉහළ වටිනාකමක් පවතී. මෙම කෙසෙල් ප්‍රභේදයට සාමාන්‍යයෙන් වෙළඳපොලෙහි සොයාගත නොහැක. මෙම කෙසෙල් ප්‍රභේදයේ තොරතුරු අල්පය. මෙම කෙසෙල් ප්‍රභේදයේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටියි.

"https://si.wikipedia.org/w/index.php?title=ගෝනමාළු&oldid=493377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි