ගොවිපල සතුන් ප්‍රවාහනය

විකිපීඩියා වෙතින්
Sheep in a B Double truck, Moree, NSW, Australia
Twelve pigs being transported to an auction sale.

ගොවිපල සතුන් ප්‍රවාහනය ලෙස හැඳින්වෙනුයේ නැව් , දුම්රිය,මහාමාර්ග හෝ ගුවන් යානා මගින් සජීවී සතුන් ප්‍රවාහනය කිරීමයි. මෙසේ සතුන් ප්‍රවාහනය කිරීම සඳහා හේතු ගණනාවක් පවතින අතර ඒ අතරට අලෙවි කිරීම , වෙන්දේසි කිරීම , ප්‍රජනන කටයුතු සඳහා භාවිතය , එවැනි සතුන් සඳහා වන ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කිරීම , රෝඩියෝ වැනි විනෝදාත්මක තරඟ සඳහා ඉදිරිපත් කිරීම , වෙළඳ උත්සව සඳහා ඉදිරිපත් කිරීම , මස් පිණිස භාවිතයට ගැනීම සහ උලා කෑම් කටයුතු සඳහා අවස්ථාව සැලසීම අයත් වේ.

ආරම්භක යුගයට අයත් වාර්ථා[සංස්කරණය]

දැනට පිළගන්නා පරිදි ලිඛිත සාක්ෂි සහිත ප්‍රථම ගොවිපල සතුන් ප්‍රවාහනය 1607 වසරේදී බ්‍රිතාන්‍යය නෞකාවක් සුසාන් කොන්ස්ටන්ට් (Susan Constant) ඔස්සේ සිදු විය. මෙම නැවෙහි මගීන් වූයේ ජේම්ස් ටවුන් ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි ජනපද නිර්මාණ කරුවන් වේ. කාලයත් සමග නව ලෝකය දියුණු වූ අතර ඒ සමගම බ්‍රිතාන්‍යය නෞකා සඳහා ගොවිපල සතුන් ප්‍රවාහනය එදිනෙදා කටයුත්තක් බවට පත් විය. ප්ලයිමවුත් සහ ෆිලඩෙල්පියා ප්‍රදේශ වෙත පිරිසිදු පෙළපතින් යුතු වූ ගොවිපල සතුන් ආනයනය කිරීම සිදු වේ. 17 වැනි ශත වර්ෂය වන විට ගවයින් සහ අසුරන ලද මස් අඩංගු නෞකා නිරන්තරයෙන්ම ෆිලඩෙල්පියාවේ සිට බටහිර ඉන්දීය දූපත් කරා ගමන් කිරීම සිදු විය. සාමාන්‍යයෙන් සාගර ඔස්සේ ගොවිපල සතුන් ප්‍රවාහනය කරන විට ගමන අතර තුර සතුන්ගෙන් 50% හෝ ඊට ඉහල ප්‍රතිශතයක් මරණයට පත් වීම සාමාන්‍යය සිද්ධියක් විය. මේ සඳහා ආහාර සැපයීමේ දුර්වලතා , අඩු ඉඩකඩ සහ සාගරයේ රළු ස්වභාවය හේතු වී යැයි සැලකේ.

18 ශත වර්ෂය[සංස්කරණය]

1848 වර්ෂය වන විට චිකාගෝ ප්‍රදේශයෙන් සිදුකළ මස් අපනයන 10% ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබුණි. පොදු පිලිගැනීම වන්නේ චිකාගෝ වෙත මුල් වරට සජීවී ගවයින් ප්‍රවාහනය කිරීම 1867 වර්ෂයේදී කෙන්සාස් - පැසිපික් දුම්රිය මාර්ගය ඔස්සේ සිදු වූ බවයි. එහිදී දුම්රිය පෙට්ටි 20 පමණ ප්‍රමාණයක ගවයින් අඩංගු කොට අදාල දුම්රිය පෙට්ටි ඇබිලේන් , කෙන්සාස් දුම්රිය පොළ හරහා කෙන්සාස් පැසිෆික් දුම්රිය මාර්ගය ඔස්සේ චිකාගෝ ඇසුරුම් පර්යන්ත වෙත යවන ලදී. මෙම සිදුවීමත් සමග ගොවිපල සත්ව කර්මාන්තයේ විශාල පරිවර්තනයක් සිදු විය. ඒ අනුව ටෙක්සාස් ප්‍රාන්තයේ දුම්රිය නැවතුම් වෙත ගවයින් රැස්කොට එම ගවයින් ප්‍රමුඛ පෙලේ මස් සැකසුම් සහ ඇසුරුම් ආයතන වෙත දුම්රිය ඔස්සේ ප්‍රවාහනය කිරීම ආරම්භ විය. මෙහිදී ප්‍රවාහනය සඳහා යොදාගත් මාර්ගයන් අවම දුර ප්‍රමාණයන් සහිත ගවයින්ට වැඩිම ආහාර ප්‍රමාණයක් සැපයිය හැකි සහ එමගින් ඔවුන්ගේ ප්‍රමාණය වඩාත් ඉහළ නංවා ගත හැකි ආකාරයට ඉතා සැළසුම් සහගතව තෝරාගත් ඒවා වේ. මේ සමගම ප්‍රධාන වශයෙන් ගවයින් මිලට ගැනීම සිදු වූ ස්ථානයන් වෙත ගවයින් එක් රැස්කොට දක්කාගෙන ඒම සඳහාත් එම ගවයින් අදාල ස්ථානවල රඳාවා ගැනීම සඳහාත් ගොපල්ලන් යෙදවීම සිදු වේ. මෙම ක්‍රියාවලිය තුළ ගවයින්ගේ මරණ අනුපාතිකය 3% පමණ වූ බව ගොපල්ලන් වාර්තා කොට ඇත. දුම්රිය මාර්ග තව දුරටත් පැතිර යාම , මස් සැකසුම් තාක්ෂණය ප්‍රචලිත වීම සහ ශීතකරණ තාක්ෂණය වැඩි දියුනුවීම යන හේතුවල ප්‍රතිඵලයක් වශයෙන් 1867 වර්ෂයේදී මුල් වරට ශීතකරණය කරන ලද දුම්රිය පෙට්ටි නිර්මාණය වූ අතර ඒවා සඳහා පේටන්ට් බලපත්‍ර නිකුත් කරන ලදී. මේ සමගම ක්‍රමයෙන් ගවයින් රංචු වශයෙන් දක්කාගෙන ඒමේ අවශ්‍යතාව මගහැරී ගිය අතර 1889 වර්ෂය වන විට ඒ සඳහා යොදාගත් මාර්ගයන් පවා මතකයෙන් ඈත් විය. ශීත කළ ප්‍රවාහන ක්‍රමවල වැඩි දියුණුවත් සමග සකස් කළ මස් සඳහා වෙළඳපොළක් නිර්මාණය විය. මේ සමගම සකස් කර ඇසිරූ මස් ප්‍රවාහනය විශාල ලෙස ඉහළ ගිය අතර මේ සමගම දුම්රිය මගින් සජීවී ගවයින් ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවය අහෝසි විය. අවසානයේදී එය අලාභදායී ක්‍රමයක් බවට පත් විය.

19 වැනි ශතවර්ෂය[සංස්කරණය]

විසිවන සියවසේ ආරම්භක අවධියේදී සකස් කර අසුරන ලද මස් වෙළඳපල සඳහා ප්‍රධාන ප්‍රවාහන මාර්ගය ලෙස දුම්රිය භාවිතා විය.මේ යුගය වන විට ලොරි රථ භාවිතයෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යය ප්‍රවාහනය කිරීමේ කර්මාන්තය එහි ආරම්භක අවධියේ විය. 20වන ශත වර්ෂයේ මැද භාගය වන විට ලොරි රථ සඳහා ශීතන හැකියාවෙන් යුත් ට්‍රේලර් නිපදවීමත් සමගම මස් ප්‍රවාහනය සඳහා ප්‍රධාන වශයෙන්ම ලොරි රථ භාවිතය ආරම්භ විය. මේ සමගම දුම්රිය මාර්ග නඩත්තු කිරීම නිසිලෙස සිදු නොවූ අතර කෙටි කලකින්ම ඒවා අභාවයට පත්විය. මෙහිදී මෙම පරිවර්තනයට එක් හේතුවක් වූයේ දුම්රිය ආයතනවලට තම සේවාදායකින් සඳහා ලොරි රථ කරුවන් තරම් විකල්ප ක්‍රමවේද ලබාදිය නොහැකි වීමයි. ලොරි රථ මගින් සජීවී ගවයින් ප්‍රවාහනය වඩාත් ලාභදායී එමෙන්ම මානුෂික ක්‍රමවේදයක් වූ අතර අදාල ගවයින් ප්‍රවාහනය සඳහා භාර ගැනීම සහ අවශ්‍යය ස්ථාන කරා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ලොරි රථ දුම්රිය‍ට වඩා ඉහළ නම්‍යය ශීලී තාවයක් දක්වන ලදී. මේ අනුව ලොරි රථ භාවිතයෙන් වඩාත් පහසුවෙන් වෙන්දේසී සහ මස් සැකසුම් ආයතන වෙත ගවයින් ප්‍රවාහනය කිරීම සිදුකළ හැකි විය. මෙම ලොරි රථ කර්මාන්තය ඇමරිකා එක්සත් ජනපදය තුළ පවතින දැවැන්ත මහාමාර්ග පද්ධතිය නිර්මාණය කිරීම සඳහා දායක වේ.

වර්තමානය[සංස්කරණය]

වර්තමානය වන විට බොහෝ විට ගවයින් සහ සකස් කොට ඇසුරුම්කරණය කරන ලද මස් ලොරි රථ ආයතන මගින් සිදු කෙරෙන අතර ඔවුන් සතුව මේ සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ට්‍රේලර් පවතී.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]