ගොක් කලාව

විකිපීඩියා වෙතින්
ගොක් කොළ නිර්මාණ

ළපටි පොල් කොළය - ගොක් කොළය යනුවෙන් හැඳින්වේ. ගොබයේ ඇති කොළ: ගොබ කොළ: ගොප් කොළ: ගොක් කොළ වූ බව පැහැදිලිය

සශ‍්‍රීකත්වය සංකේතවත් කරන පුන්කලස, පිරිත් මණ්ඩප සදහා යොදා ගන්නා සැරසිලි, ගොක් ගෙඩි, තොවිල් පවිල් ආදියට යොදාගන්නා පහන් පැළ, තවත් තොවිල් භාණ්ඩයක් වූ කිරුළු තොප්පිය, සාම්ප‍්‍රදායික පොල්තෙල් පහනක හැඩරුව ගත් ගොක් පහන, වෙසක් පහන, මඟුල් පෝරුව, මුතු කුඩය, අනුරාධපුර, පොළොන්නරු පෙදෙස්වල බෙහෙවින් ප‍්‍රචලිත තනිමාලේ තොරණ, තොවිල්වලට යොදාගන්නා පිදවිලි සැරසිලි, ගම්මඩු - දෙවොල් මඩුවලදී දැකිය හැකි බිසෝකප, වෙසමුණි රජුගේ ආයුධයක් සේ සලකන ඊ-ගහ, ශාන්තිකර්ම සඳහා යොදාගන්නා කුමාර කළය මේ නිර්මාණ අතරට අයත්ය. මේ හැරුණු විට කුඩා දරු දැරියන් විනෝදය සදහා සකස් කරන නිර්මාණ ද විශාල ප්‍රමාණයක් ඇත. හුලංපෙත්ත, ගොක් කොළ ඔරලෝසුව, නෙළුම් මල, නයා, පත්තෑයා, ඉස්සා, ගිරවා වැනි නිර්මාණ රැසක් ගොක් කොළ ආශ්‍රිතව සිදු කරයි.


ගැමි ජනයා තොවිල් - පවිල්වලට, පිරිත් මණ්ඩපයට, තොරණට, මඟුලට, මරණෙට ගොක් කොළ සැරසිලි යොදාගත්හ.


ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගොක්_කලාව&oldid=591947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි