ගෙඹි කේක්

විකිපීඩියා වෙතින්
ගෙඹි කේක්
දුඹුරු, කොළ සහ රෝස ගෙඹි කේක් එකතුවක්
Origin
ආරම්භවූ ප්‍රදේශයඔස්ට්‍රේලියාව
Region or stateදකුණු ඔස්ට්‍රේලියාව
Details
Courseඅතුරුපස
Main ingredient(s)[ඉස්පන්චි කේක්[]], ජෑම්, ක්‍රීම්]

ගෙඹි කේක් යනු ගෙම්බන්ගේ හිස ආකාරයෙන් සාදන ලද අතුරුපසකි. මෙය සාදනු ලබන්නේ යොදය මිශ්‍ර කල සැහැල්ලු කේක් මත පැණිරස සැහැල්ලු තට්ටුවක් ආලේපනය කිරීමෙනි. මෙය පළමුවෙන්ම බැල්ෆර්ස් බේකරිය විසින් වර්ෂ 1922 දී නිර්මාණය කරන ලද්දකි. පසුව එය දකුණු ඔස්ට්‍රේලියාවේ මහත් ජනප්‍රියතාවයට පත්විය. මුල් අවස්තාවේදි ගෙඹි කේක් සාදන ලද්දේ කොළ පැහැති වර්ණයෙනි. එනමුත් පසුව දුඹුරු හා රෝස පැහයෙන් නිමවූ කේක් එම පරාසයට එක්විය. එතැන් සිට උත්සව සමයන්ට උචිත වන ආකාරයෙන් (උදා: හිම මිනිසා සහ පාස්කු කුකුළු පැටව්) වෙනත් වෙනස්කම් සහිත කේක් වර්ග නිෂ්පාදනය කරන ලදී. මෙම ගෙඹි කේක් දකුණු ඔස්ට්‍රේලියාවට ආවේණික කේක් වර්ගයක් ලෙස හැදින්වූ අතර එය එම ප්‍රාන්තය හදුන්වාදී ඉදිරිපත් කිරීම සදහා හදුන්වාදි ඉදිරිපත් කිරීම සදහා පාවිච්චි කරන ලදී. ප්‍රාන්තයේ සංස්කෘතික වැදගත්කම අගය කිරීමක් වශයෙන් වර්ෂ 2001 හිදී මෙම ගෙඹි කේක් වර්ගය දකුණු ඔස්ට්‍රේලියානු ජාතික උරුමය පිලිබිඹු වන ලාංඡනයක් ලෙස දකුණු ඔස්ට්‍රේලියානු ජාතික භාරකාර මණ්ඩලය විසින් අදාල ලැයිස්තුවට ඇතුලත් කරන ලදී.

සම්මිශ්‍රණය[සංස්කරණය]

ගෙඹි කේක් ඇතුලාන්තය හරස්කඩක්.

ගෙඹි කේක් යනු ගෙම්බෙකු කට ඇරගෙන සිටිනා ආකරයට සාදන ලද කුඩා අතුරු පසකි. මෙහි පතුල වටෙහි සැහැල්ලු කේක් වලින් පුරවා ඇති අතර මද ජෑම් තට්ටුවකින් සමන්විතය. උඩ කොටස කෘතිම ක්‍රීම් වර්ගයකින් පුරවා මුළු කේක් කැබැල්ලම සැහැල්ලු පැණිරස අයිසිං තට්ටුවකින් ආවරණය කර ඇත. 1920 වර්ෂයේදි පලමුවෙන් සාදන ලද මෙම කේක් වර්ගයේ වට්ටෝරුව අදටත් එලෙසම භාවිතා කරයි. මෙම කේක් විශාල තට්‍ටු ලෙස නිෂ්පාදනය කර යන්ත්‍රානුසාරයෙන් අයිසිං තවරා ඇති හැඩයට කපා පසුව රත්කළ පිහියක් භාවිතයෙන් කට විවෘත වන ලෙස සකස් කර ගනු ලබයි. මෙහිදි හිසෙහි වර්ණයට වෙනස් වර්ණයක් ඇස් සදහා යොදාගනු ලබන අතර නිමකළ අතුරු පස කඩදාසි තැටියක තබා ඉදිරිපත් කරයි. පිටත ආවරණය කර ඇති පැණිරස සැහැල්ලු අයිසිං සාමාන්‍යයෙන් දුඹුරු, කොළ හා රෝස පැහැති වන අතර විශේෂ අවස්ථාවන් සදහා රතු හා කහ වර්ණයන්ද වෙනසක් ලෙස භාවිතා කළ හැක.

පුරාවෘත්තය[සංස්කරණය]

බැල්ෆර්ස් බේකරි ව්‍යාපරයේ සම ආරම්භකයන්ගෙන් කෙනෙක් වූ ජෝන් බැල්ෆර්ගේ බැණනුවන් වූ ගෝර්ඩන් බැල්ෆර් ක්‍රි.ව. 1920 මුලදී කළ ප්‍රංශයේ සංචාරයේදි එහි යුරෝපා රසකැවිලි කර්මානතයේ තිබූ ගෙඹි කේක් තුලින් ඔහුට මහත් පෙළඹවීමක් ඇතිවිය. එනිසා ගෝර්ඩන් මහතා ඇඩිලේඩ් නගරයට පැමිණිමෙන් පසු තේපැන් ශාලා මහත් ජනප්‍රියතාවයට පත්ව ඇති කාලයකදි වර්ෂ 1922 දී බැල්ෆර්ස් විසින් ගෙඹි කේක් හදුන්වා දෙන ලදී. මෙය ඉක්මණින්ම බැල්ෆර්ස් හට වාසනාව ගෙන දෙන්නක් වූ අතර, එය සම්ප්‍රදානුකූලව දකුණු ඔස්ට්‍රේලියාවේ පමණක් විකුණන දෙයක් බවට පත්විය. නමුත් පසුව වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් හා කුවින්ස්ලන්ඩ් ප්‍රාන්ත වලත් එය දැන් විකිණීම සදහා ඇත. ආරම්භයේදි ගෙඹි කේක් කොළ පැහැති වූ අතර එය මහත් ජනප්‍රිය විය, නමුත් පසුව චොකලට් සහ රෝස පැහැති ගෙඹි කේක් ද එම පරාසයට එක්විය. එසේම ගෙඹි කේක් හි රසය ප්‍රබල වෙමින් විශේෂ අවස්ථාවන්හිදී, වෙනත් ආකෘති වලටද, එනම් 'නත්තල් සීයා' හා 'හිම මිනිසා' නත්තල් සමයේදිත් හා 'කුකුළු පැටවා' කේක් පාස්කු උත්සව සමයේදිත්, මෙම කේක් සාදන ලදී. එසේම ඇඩිලේඩ් පාපන්දු ක්‍රීඩා සමාජයේ වර්ණයන්ගෙන්ද ගෙඹි කේක් නිෂ්පාදනය කරන්නට සිදු විය. ගෙඹි කේක් දකුණු ඔස්ට්‍රේලියාවේ ලාංඡනයක් ලෙස දීර්ඝ කාලයක් භාවිතා කළ අතර සමහර අවස්ථාවලදී ප්‍රාන්තය නංවා සිටීම සදහාද ආධාර විය. උදාහරණයක් වශයෙන් වර්ෂ 2007 දී ලෝක පොලිස් හා වෙඩි තැබීමේ ක්‍රිඩාවාරය සදහා ඇඩිලේඩ් ප්‍රාන්තයට ලබාගැනීම් සදහා වර්ෂ 2001 දී සිදුවූ අවසන් ප්‍රයන්තයේදි ජෝන් හෝල් විසින් එම විනිශ්චය කරුවන් හට ගෙඹි කේක් වලින් සංග්‍රහ කිරීම සදහන් කළ හැක. එසේම ගෙඹි කේක් සදහා ස්මාරක තැනීම වැනි උපහාසාත්මක යෝජනා හා පීටර් ගෝර්ස් වැන්නන්ගේ උපහාසය මධ්්‍යයේ, වර්ෂ 2001 දී පැවැත්වූ ප්‍රාන්තයේ 165 වැනි සංවත්සරයේදි දකුණු ඔස්ට්‍රේලියාවේ ජාතික භාරකාර මණ්ඩලය විසින් දකුණු ඔස්ට්‍රේලියාවේ එක් ලාංඡනයක් ලෙස ගෙඹි කේක් ලාංඡනය ‍තෝරාගෙනීම හා ගෙඹි කේක් ජාතික උරුමයන්ගේ ලැයිස්තුවට 'චංචල දේපල' ක් ලෙස ඇතුලත් කිරීම ගෙඹි කේක් නියම වශයෙන් අගය කිරීමක් ලෙස දැක්විය හැක.


ඇක්ලන්ඩ් වීදිය,මෙල්බර්න්, වික්ටොරියා, ව්‍යාජ ගෙඹි කේක් විකිණීම .

ඓතිහාසිකව ගෙඹි කේක් බැල්ෆර්ස ආ

"https://si.wikipedia.org/w/index.php?title=ගෙඹි_කේක්&oldid=420647" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි