ගෘහස්ථ සිනමා පරිගණකය

විකිපීඩියා වෙතින්
VFD දර්ශන තිරය සහිත , 5.25” ධාවක රාක්කයක් (Drive bay), ශබ්ද පාලකය සහ අඩංගු අන්ටෙක් ෆියුෂන් v2 (Antec Fusion v2) වර්ගයේ ගෘහස්ථ සිනමා පරිගණක බහාලුවක් මෙහි දැක්වෙන අතර එහි ඉදිරිපස කොටසේ port (දොරටු) කිහිපයක් ද එය මත යතුරු පුවරුවක් ද ඇත.


ගෘහස්ථ සිනමා PC (HTPC) හෝ සන්නිවේදන PC යනු පුද්ගලික පරිගණකයක හා අංකිත වීඩියෝ පටිගතකරණයක එකතුවකින් සෑදුණු උපකරණයකි. එය රූපවාහිනියට හෝ රූපවාහිනී ප්‍රමාණයේ දර්ශන තිරයකට සම්බන්ධ කර ඇති අතර බොහෝවිට මෙය අංකිත ඡායාරූප, සංගීත, වීඩියෝ වාදකයන්, TV ග්‍රාහකයක් හා අංකිත වීඩියෝ පටිගතකරණයක් ලෙස භාවිතා කෙරේ. ගෘහස්ථ සිනමා පරිගණක මාධ්‍ය මධ්‍යස්ථාන පද්ධති හෝ මාධ්‍ය සේවාදායක ලෙසද හදුන්වනු ලැබේ.

HTPC හි පොදු අරමුණු වනුයේ ගෘහස්ථ සිනමා සැකැස්මක සියලු අංග සම්බන්ධ කර තනි ඒකකයක් බවට පත් කිරීමයි. ඒවා රූපවාහිනී වැඩ සටහන් පුද්ගලික පරිගණකයට එකතු කිරීමට අවශ්‍ය දෘඩාංග හා මෘදුකාංග සමග පෙර හැඩ ගසන ලද (pre-configured) ඒකක ලෙස මිළදී ගැනීම හෝ වින්ඩෝස් මාධ්‍ය මධ්‍යස්ථානය, GB-PVR, Sage TV, ෆමියුලන්ට් (Famulent) හෝ ලිනක්ස් MCE හි පොදුවේ සිදුකර ඇති පරිදි වියුක්ත උපාංග (Discreet Component) වලින් සකසා ගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ගෘහස්ථ_සිනමා_පරිගණකය&oldid=471801" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි