ගෘහස්ථ ධාවන පිටියේ තරඟ

විකිපීඩියා වෙතින්

ධාවන හා පිටියේ තරඟ සඳහා සෘතු 02 ක් ඇත. එනම්‍ ශීත සෘතුව හා ගෘහස්ථ ධාවන හා වසන්ත හා ග්‍රීෂ්ම සෘතු බාහිර ධාවනයන් ලෙසිනි. බොහෝ ධාවන පත තරඟ මීටර් 200 වන අතර ධාවන පථ හතර හෝ හයකින් සමන්විත ‍ෙව්‍. එලෙසෙම මීටර් 200 ට අඩු හා 200 ට වැඩි ධාවන පථ ද යොදා ගනී. ගෘහස්ථ ධාවන තරඟ වාර්තා ගැන උනන්දුවක් නොදක්වන ඇමෙරිකානු මළල ක්‍රීඩකයින් අතර මීටර් 200 ට වැඩි ධාවන තරඟ ජනප්‍රියය. එලෙසම ගෘහස්ථ ධාවන තරඟයන්හි සිදුවන ආබාධ හා අනතුරුවලදී වන්දි ආරක්ෂණ ක්‍රමයක්ද ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කර ඇත.

ගෘහස්ථ ධාවන අංශයන්හි බාහිර ධාවන අංගයන්ගේ ස්වරූපයන් ගන්නා අතර කඩුලු පැනී‍ෙම්‍ ඉසව්‍ හා මීටර් 10000 , 3000 හා මීටර් 400 කඩුලු පැනීම්‍ ඉසව්‍ හැර අනිකුත් ඉසව්‍ අංශ දෙකෙන්ම එක හා සමාන ‍ෙව්‍. මීටර් 10000 ඉසව්‍ව වෙනුවට ගෘහස්ථ ක්‍රිඩාවන්හි මීටර් 3000 ජේෂ්ඨ හා උසස් මට්‍ට‍ෙම් දිවීම්‍ ලෙස භාවිතා කෙරේ. දුර වැඩිම අංශය ලෙස මීටර් 5000ක ඉසව්ව හැඳින්විය හැකිය. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවලදී මීට වඩා දුර ප්‍රමාණ ද තරඟ සඳහා යොදා ගත් අවස්ථා පවතී. එසේ 20වන ශත වර්ෂයේ මැදභාගයේදී ද්වන්ධ ධාවන තරඟ විශේෂයෙන් පිරිමි දෙදෙනෙකු අතර මැරතන් ධාවන තරඟ (සැ.26.2) බොහෝම කලාතුරකින් පැවැත්වුණි. ඇතැම් අවස්ථාවලදී සාමාන්‍යයෙන් එළිමහන් ක්‍රීඩා උත්සවවලදී පැවැත්වෙන මීටර් 400 ධාවන තරඟය වෙනුවට ගෘහස්ථ ක්‍රීඩා තරඟවලදී මීටර් 500 ඉසව්වක් පැවැත්වෙනු දැකගත හැක.එසේම බොහෝ විද්‍යාලීය ක්‍රීඩා උත්සව වලදී ගෘහස්ථව මෙම ඉසව් යුගලම පැවැත්වේ.

ගෘහස්ථ පිටියේ දී පැවති තරඟ අතර , උස පැනීම රිටි පැනීම, දුර පැනීම, තුන්පිම්‍ම හා යගුලිය විසිකිරීම කැපී පෙනෙයි. ඉඩ අවකාශ සීමා සහිත බැවින් හෙල්ල විසි කිරීම , කවපෙත්ත විසි කිරීම සහ මිටිය විසි කිරීම යන ඉසව්‍ බාහිරව ක්‍රිඩා කරයි.

ගෘහස්ථ ක්‍රීඩා (විශේෂයෙන්ම උතුරු ඇමරිකානු රටවල) තරඟ සඳහා විශේෂිතව අනෙකුත් ඉසව් අතරට මීටර් 300, 500, 600 සහ 1000 යන ඉසව් ද කිලෝග්‍රෑම් 16 ක බරක් විසි කිරීම යන ඉසව් ද හැඳින්විය හැක. එසේම නොර්වේ වැනි රාජ්‍යයන්හි දී ජාතික තරඟාවලිවලදී පවා දිව ඒමකින් තොරව සිදු කරන දුර පැනීම සහ උස පැනීම වැනි තරඟ පැවැත්වේ.

විවිධ මලල ක්‍රිඩා අංශයන්හි ක්‍රිඩිකාවන්ට මීටර් 60 කඩුලු පැනීම, උස පැනීම, යගුලිය විසි කිරීම, දුර පැනීම හා මීටර් 800 යන ඉසව්‍ 05 ද පිරිමි ඉසව්‍ සඳහා මීටර් 60 , දුර පැනීම, යගුලිය විසි කිරීම, මීටර් 60 කඩුලු පැනීම, රිටි පැනීම සහ මීටර් 1000 ගෘහස්ථ ක්‍රිඩා ඉසව්‍ 07 ඇතුලත් කර ඇත.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Athletics_%28track_and_field%29#Indoor_track_and_field