ගූගල් ලූනර් X (චන්ද්‍ර X) ත්‍යාගය

විකිපීඩියා වෙතින්

ගොනුව:Glxp logo.jpg

මෙය සරලව චන්ද්‍ර 2.0 ලෙස ද හැඳින්වේ. X ත්‍යාග පදනම මගින් සංවිධානය කෙරෙන ගූගල් සමාගම් අනුග්‍රහය ලැබෙන අජටාකාශ තරගයකි. මෙය 2007 සැප්තැම්බර් 17 දින වයර්ඩ් නෙක්ස්ට් ෆෙස්ට්හි දී නිවේදනය කරන ලදී. ව්‍යාපෘති සම්පාදක පීටර් ඩයමන්ඩ්ස් නිල වෙබ් පිටුවේ සඳහන් කරන පරිදි අප විසින් “චන්ද්‍රයා මතුපිට සිට සඳ ගවේෂණය කළ තැන් සිට දශක ගණනාවක් ගතවී ඇත. වෙනත් රජයක් යළි පැමිණීමට පෙර තවත් වසර 6-8 දක්වා ද කටයුතු සිදු වනු ඇත. නමුත් බොහෝ විට ඉතා සුළු ප්‍රජා දායකත්වයක් ඇති විය. මෙම ත්‍යාගයේ අරමුණු අන්සාරී X ත්‍යාගයට සමානය. එනම් දැනට මුහුණ පෑමට සිදු වී ඇති අභ්‍යාවකාශ ගවේෂණයේ සීමා මායිම් අභිබවා යෑම සඳහා වඩාත් වියදම් සහගත එහෙත් කාර්යක්ෂම තාක්ෂණ හා අමුද්‍රව්‍ය සපයා ගැනීමෙහි ලා පුද්ගලික ආයෝජන සිදු කිරීමට නව පරපුර උනන්දු කරවීමය. මෙ මගින් පහත සඳහන් ආකාරයේ තාක්ෂණික හැකියාවන් සිදු කිරීමට හැකි වනු ඇත.

  • අජටාකාශගාමීන් සූර්යා හා කොස්මික් විකිරණවලින් ආවරණය කිරීම
  • සෞරග්‍රහ මණ්ඩලයේ ගමනා ගමන වේගය වැඩි කිරීමට කම්දබ බලය යොදා ගැනීම
  • විශ්වයේ වර්තමානය හා අනාගතය පිළිබඳ වැඩි දුර දැන ගැනීමට විශාල දුරේක්ෂ හා වෙනත් අභ්‍යාවකාශ උපකරණ ඉදි කිරීම.
  • උල්කාපාත හා වල්ගා තරු ගැටීම්වලින් මිහිතලය ආරක්ෂා කර ගැනීම.