ගීතය - සෝබන සැන්දෑවේ

විකිපීඩියා වෙතින්
"සෝබන සැන්දෑවේ"
ගීතය
ගණයසරල ගී

සෝබන සැන්දෑවේ

සීතල මද පවනේ
ඔබ එනතුරු සිටියා //


සුවඳ මලේ පෙම් කුසුමේ//
කිම අහො තව නාවේ
අඳුරද ලොව පැතිරේ

හිරු දෙවිඳා මුහුදෙ ගිලී//
බැසයයි මා හැරදා
ඔබ කොතැනද සොඳුරේ

රංජනියේ නන්දනියේ//
එනු එනු හනික සුදෝ
ඔබ අමතකව නොයේ
සෝබන සැන්දෑවේ...

"https://si.wikipedia.org/w/index.php?title=ගීතය_-_සෝබන_සැන්දෑවේ&oldid=269026" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි