ගිනි ප්‍රතිරෝධී කාර්ය මණ්ඩල ඇඳුම

විකිපීඩියා වෙතින්

ගිනි ප්‍රතිරෝධී කාර්ය මණ්ඩල ඇඳුම (FROG) යනුවෙන් හැඳින්වෙන්නේ එක්සත් ජනපද මැරීන් බලකාය විසින් ගින්නෙන් සහ පුළිඟුවලින් ඇතිවන තුවාල සංඛ්‍යාව (විශේෂයෙන්ම පිළිස්සීම්) අවම කරගැනීමට භාවිතා කරන ඇඳුමකි. ඇෆ්ගනිස්ථානය සහ ඉරාක යුද්ධයේ දී පුපුරන ද්‍රව්‍ය භාවිතයට ගැනීම වැඩිවී ඇති හෙයින් මෙම වස්ත්‍රය පැළඳීමට සිදුවී තිබේ.[1]

FROG බැලක්ලාවාවක් සහ කමිසයක් ආදර්ශනය කරන මැරීන් භටයෙක්

ලක්ෂණ[සංස්කරණය]

FROG පද්ධතිය අත්දිගු කමිසයක්, ටී-ෂර්ටයක්, ප්‍රහාරක කලිසම්, අත්වැසුම් සහ බැල්ක්ලාවාවකින් සමන්විත වේ. කමිස සහ කලිසම් MARPAT වලින් හැඩගන්වා ඇති අතර සෙසු ඒවා වැලි වර්ණයෙන් හෝ ඔපය අඩු ඔලිව් වර්ණයෙන් වර්ණගන්වා තිබේ.[2]

  • බැලක්ලාවාව සතුව සම්බන්ධිත මුහුණු ආවරකයක් ඇති අතර, පැළඳ සිටින ආරක්ෂක හිස්වැස්ම (හෙල්මටයක්) හෝ බැලක්ලාවාව ඉවත් නොකර එම මුහුණු ආවරක කොටස පමණක් පහළට ඇද සිය මුහුණ නිරාවරණය කළ හැක.
  • අත් දිග කමිසයේ ව්‍යාජ ගෙලක් ඇති අතර, තෙතමනය උරාගැනීම සහ ක්ෂූද්‍රජීවින්ට ප්‍රතිරෝධය දැක්වීමේ ගුණාංග ද ඇත.
  • ටී-ෂර්ටයේ බොහෝ ගුණාංග ද අත්දිග කමිසයටම සමාන ය.
  • ප්‍රහාරක කමිසය මැරීන් බලකා ප්‍රහාරක උපයෝග්‍යතා නිලඇඳුමට සමානත්වයක් දැක්වූව ද, බැනියමේ ඇති ආරක්ෂක ගුණාංග හේතුවෙන් සුවපහසුව සැලසීම සඳහා මැරීන් දේහ සන්නාහයෙන් (පිටත ෂූක්ෂ්ම බැනියම හෝ මොඩියුල යුධ හැසිරවුම් බැනියම වැනි) සිරුරේ ආවරණය වන පෙදෙස වඩාත් ශක්තිමත්ව තනා නැත. ඉහළ අතෙහි සාක්කු දක්නට ලැබේ.
  • ප්‍රහාරක කලිසම් උපයෝග්‍යතා නිල ඇඳුමට සමාන නමුත්, ජංඝා පෙදෙසේ අමතර සාක්කුවක් ඇති බැවින් FROG-‍නොවන කලිසම්වලින් වෙන් කර හඳුනාගත හැක.
  • අත්වැසුම් කල් පවතින අයුරින් ශක්තිමත්ව තනා ඇත.
  • ශීත-දේශගුණයන්ට ඔරොත්තු දෙන ගිනි ප්‍රතිරෝධී FROG ආම්පන්න අතරට පහත ඒවා ඇතුළත් ය:
    • බරැති සේද යටකමිස සහ යටකලිසම් ("polypro" යනුවෙන් කටවහරේ හැඳින්වේ) පෝලෝ කොලරයක් සහිතව නිර්මාණය කර ඇති අතර, ඒවා සමට ආසන්නව පළඳිනු ලැබේ.[3][4]
    • දැල් ආකාර ලොම්වලින් තැනූ මැදි-බරැති යටඇඳුම් අතරට උඩුකය වැසෙන ඇඳුමක් සහ කලිසමක් (කොළ සහ කොයෝ‍ටි දුඹුරු පැහැයෙන්) ඇතුළත් ය.[5][6]
    • කටුක දේශගුණ ප්‍රහාරක කමිසය වැස්සෙන් සහ හිමෙන් ආරක්ෂා වීමට භාවිතා වන්නේ සර්වකාර්ය පරිසර ඇඳුම් පද්ධතිය (APECS) ගිනි ප්‍රතිරෝධී නොවන හෙයිනි.

පියාසර සහ වාහන සේවා ඇඳුම් FROG II නිල ඇඳුම් ලෙස යළි වර්ගීකරණය කොට ඇත.

ඒකකයේ අණදෙන නිලධාරියා හට අවශ්‍ය ආරක්ෂක තත්ත්වය සලකා වෙනස් FROG මට්ටම් දෙකෙන් එකක් ඇනවුම් කළ හැක. මෙය කෙතරම් ආරක්ෂක ඇඳුම් ප්‍රමාණයක් අවශ්‍ය වේ ද යන්න හා අදාළ ය.

ඇෆ්ගනිස්ථානයේ දැඩි ශීත ශිශිර ඍතු වැනි පරිසරවල සේවය කරන බලකා නව ශීත-දේශගුණ ගිනි-ප්‍රතිරෝධී කමිසයක් භාවිතා කරති. හේ සමග නව ගිනි-ප්‍රතිරෝධී අත්වැසුම් ද භාවිතා වේ.[7]

ඉතිහාසය[සංස්කරණය]

FROG වැඩසටහන දියුණු වූයේ 2006 දී ය. එය ඒකක වෙත ආදේශ කෙරුණේ 2007 දී ය. 2009දී ඔවුන්ගේ අවදනාය ඉරාකයේ සිට ඇෆ්ගනිස්ථානය වෙත යොමුවීමත් සමග ශීත-දේශගුණ ඇඳුම් වැඩිදියුණු විය. 2010 මැයි මස, Marine Corps Times පත්‍රය විසින් FROGහි කල්පවත්නා බව අඩුවීම පිළිබඳඅවධානය යොමු කොට තිබිණි. ඇෆග්නිස්ථානයේ දී ක්‍රමානුකූලව සේදුම් කටයුතු සිදුනොවන නිසා වසරක් වෙනුවෙන් සැලසුම් කළ ඇඳුම් සති කිහිපයක් තුළ දී විනාශයට පත් විය. මේ නිසා ජලයට හෝ දහඩියට නිරාවරණය වී නිසිපරිදි වියළීමක් සිදුනොවූ විට, රෙදි වර්ගය බිඳෙනසුලු ස්වභාවයකට පත්වේ. එය කුඩා ආතතියකින් පවා ඉරෙනසුලු වේ. මෙයට විසඳුමක් ලැබෙන තෙක් මැරීන් නිලධාරීන් අමතර ඇඳුම් නිකුත් කිරීම සිදුකරයි.[8]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Nothing "Sheepish" About Fire-Safe Fabrics" (PDF). October 29, 2012 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 1, 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. "MCSysCom infopacket" (PDF). September 16, 2012 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 31, 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. Underwear, Next-to-skin, Cold Weather, http://www.marcorsyscom.usmc.mil/sites/pmice/InfoPapers/Clothing/SilkweightUnderwear_2008.pdf, ප්‍රතිෂ්ඨාපනය 2017-03-25 
  4. Flame Resistant (FR) Silkweight Underwear, Next-to-skin, Cold Weather, http://www.marcorsyscom.usmc.mil/sites/pmice/InfoPapers/clothing/2009/FRCWSilkweight_2009.pdf, ප්‍රතිෂ්ඨාපනය 2017-03-25 
  5. Grid Fleece, http://www.marcorsyscom.usmc.mil/sites/pmice/InfoPapers/Clothing/CWUnderwearGridFleeceMidWeight_2008%20.pdf, ප්‍රතිෂ්ඨාපනය 2017-03-25 
  6. Flame Resistant (FR), Grid Fleece Underwear, Mid-Weight, Cold Weather, http://www.marcorsyscom.usmc.mil/sites/pmice/InfoPapers/clothing/2009/CWFRMidweight_2009.pdf, ප්‍රතිෂ්ඨාපනය 2017-03-25 
  7. Lamothe, Dan (November 3, 2008). "Flame-resistant shirt tailored to Marines in Afghanistan". Marine Corps Times. Army Times Publishing Company. p. 13.
  8. Lamothe, Dan (May 31, 2010). "Utility doesn't fit bill: Corps working 'around the clock' to fix premature wear woes on cammies". Marine Corps Times. p. 16.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:US Marine Corps navbox