ගිණුම්කරණ ආචාරධර්ම

විකිපීඩියා වෙතින්

"ගණකාධිකරවරුන් හා ගණකාධිකාර වෘත්තිය ප්‍රජා සේවා උපාය මාර්ගයක් හේතුවෙන් පැවතෙන අතර එය අනෙකුත් ජීවිකා වෘත්ති වලින් වෙනස් වන්නේ සේවාදායකයා විසින් ගෙවන මුදලට වඩා ඔබ්බෙන් මෙම වෘත්තියේදී ඔවුන් විසින් ප්‍රජාවගේ කැමත්ත හා ප්‍රමිති වලට අනුව කටයුතු පවත්වා ගෙන යාම නිසවෙනි. "

—Robert H. Montgomery, describing ethics in accounting[1]

"ගිණුම්කරණ ආචාරධර්ම” යනු මුලිකවම ව්‍යවහරික මූලධර්ම, සදාචර අගයන් සහ තීන්දු ඇතුළත් ගණකාධිකරණයය්. එය වෘත්තීය ආචාරධර්ම සඳහා උදාහරණයකි. ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයේ පැවතිය යුතු වෘත්තියමය ගුණධර්ම පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ. එය මුලින්ම හදුන්වා දෙනු ලැබුනේ "ලුකා පෙසියොලි" විසිනි. පසුව රාජ්‍ය කණ්ඩායම්, වෘත්තිමය සංවිධාන මගින් තවදුරටත් පුළුල් විය. ගිණුම්කරණ ආචාරධර්ම පාඨමාලා උසස් අධ්‍යාපන ආයතන වල මෙන්ම සමාගම්හි ගණකාධිකාරවරුන් සහ විගණකාධිවරුන් හට පැවෙත්වේ.

මෑතකදි ගිණුම්කරණයේ ඇති වූ වෙනස් වීම් රැස නිසා ඇති වු ආර්ථික අර්බුදයන් සමග ගිණුම්කරණ වෘත්තියේ පිළිගත හැකි ගිණුම්කරණ ආචාරධර්ම පිළිබඳවද අවධානය පුළුල් විණි. [2]මක්නිසාදයත් මෙම අර්බුදත් සමග වංචනික ගිණුම්කරණ මාර්ග ව්‍යාප්ත වු අතරම ඒ සදහා අදාළ නීතිමය විකල්ප වලට යොමු වීම අත්‍යාවශ්‍යමය විය.[3] ගිණුම්කරණ ආචාරධර්ම, ගිණුම්කරණ වෘත්තිය වෙනුවෙන් විවිධ ආයතන සහ රජයයන් රෙගුලාසි සහ ප්‍රතිකර්ම සම්පාදනය කොට ඇත.

ආචාරධර්ම පද්ධතියේ වැදගත්කම[සංස්කරණය]

ගණකාධිකරණයට මෙන්ම විගණනයටද ඔවුන්ගේ කාර්යයන් වල ස්වරූපය අනුව ඔවුන් හට ඉහළ තත්වයේ ආචාරධර්ම වැදගත්ය. හවුල්කරුවන්, අනාගත හවුල්කරුවන් සහ අනෙකුත් මුල්‍ය වාර්තා වැදගත් වන පාර්ශව ආයෝජනයට අදාළ තොරතුරු සමාගම් මගින් වාර්ෂිකව නිකුත් කරන ප්‍රකාශන පාදක කොට ගෙන, මෙමගින් තොරතුරු ලබාගෙන අදාළ මුල්‍යමය තීරණ වලට එළබෙති. ඒ සඳහා ඔවුන් පාදක කරගනු ලබන්නේ යථෝක්ත විගණනයට ලක් වු වාර්තා වන අතර ආචාරපද්ධතිය මගින් විගණනයේදි ඇතිවන ගැටළු වලට ව්‍යාපාරය තුළින් මෙන්ම බාහිර පාර්ශවයන්ද ඵලදායි විකල්ප ලබා දේ. ආචරධර්ම පිළිබඳ දැනුම ගණකාධිකාරවරුන්ට මෙන්ම විගණනකාධිකරවරුන්ට උභතෝකෝටික ප්‍රශ්න මැඩපවත්වා නිවරදි තීරණ ගැනීමට පිටුවහලක් වේ. එමගින් සමාගමට වාසියක් සිදු නොවුනද මහජනාතාවට යහපතක් සිදුවේ.

බොහෝ රටවල් විවිධ වු පැතිකඩ වලින් ගිණුම්කරණ නීති ක්‍රියාවට නන්වනු ලෑබේ. ජර්මනියේ ගණකාධිකරණ රෙගුලාසිය පාලනය වනුයේ බදු පාදක වීමෙන් වන අතර එය “බදු නීතිය" නම් වේ, ස්වීඩනයෙ “ගිණුම්කරණ නිති” ද, එක්සත් රාජධානියෙ “සමාගම් නීතිය” ද, භාවිතා කරනු ලැබේ. මීට අමතරව තමගේම ගිණුම්කරණ රෙගුලාසි සංවිධාන පවතින රටවල් ඇත. උදාහරණ ලෙස, ස්වීඩනය Bokföringsnämden (BFN - Accounting Standards Board), ස්පාඤ්ඤය Instituto de Comtabilidad y Auditoria de Cuentas (ICAC) සහ ඇමරිකාව Financial Accounting Standards Board (FASB) ලෙස දැක්විය හැක.

ඉතිහාසය[සංස්කරණය]

ලුකා පෙසියොලි,1494 දී ගිණුම්කරණ ආචාරධර්ම ග්‍රන්ථය රචනා කරන ලදී. 1495 නොදන්නා චිත්‍ර ශිල්පියකු විසින් අඳින් ලදී.

ගිණුම්කරණයේ පියා වන "ලුකා පෙසියොලි", 1494 වන වර්ෂයේදී, මේ පිළිබඳව "Summa de arithmetica, geometria, proportioni, et proportionalita" නම් ඔහුගේ පළමු කෘතිය රචනා කළේය. ඒ වනතුරු ආචාරධර්ම ප්‍රමිති ගොඩනැගුවේ රාජ්‍ය කණ්ඩායම්, වෘත්තියම සංවිධාන සහ ස්වාධීන සමාගම්ය. මෙම විවිධ වූ කණ්ඩායම් හේතුවෙන් ගණකාධිකාරවරුන් හට ආචරධර්ම පද්ධති කිහිපයක් සමඟ වෘත්තිමය කටයුතු සිදු කිරීමට සිදුවිය. ගණකාධිකාරවරුන් විසින් ඔවුන් සාමජිකත්වය දරන වෘත්තිමය සංවිධානයේ ආචාරධර්ම සංග්‍රහයට අනුව කටයුතු කළ යුතු වේ. ඇමරිකාවේ ගිණුම්කරණ සංගම් වන රාජ්‍ය ගණකාධිකාරවරුන්ගේ සංගමය, අභ්‍යන්තර විගණකාධිවරුන්ගේ ආයතනය සහ ජාතික ගණකාධිකරවරුන්ගේ සංගමය යන සෑම ආයතනයක් සතුවම ආචාරධර්ම සංග්‍රහයක් ඇති අතරම බොහෝ ගණකාධිවරුන් මෙයින් එකක හෝ කිහිපයක සාමජිකත්වය දරයි.

1987 වර්ෂයේදී American Association of Public Accountants (AAPA) ආරම්භ විය; එය ඇමරිකාවේ ගණකාධිකරණ වෘත්තිය දක්ෂතා නැන්වීමේ පළමු පියවරයි. 1905 වන විට AAPA මගින් පළමු ආචාරධර්ම පද්ධතිය සාමාජිකයන් හට ඉගෙන ගැනීමට සැලැස්විණි. 1907 වර්ෂයේ පැවති ඔවුන්ගේ විසිවෙනි සංවත්සරය වෙනුවෙන් පැවති සමුළුවේදී "ආචාරධර්ම" ප්‍රධාන මතෘකාව ගත්තේය. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ආචාරධර්ම ලයිස්තුවක් සංවිධානයේ අතුරු නීති ලෙස සම්මත විය. මෙමගින් ව්‍යාපාරය තුළ ආචාරධර්ම ක්‍රියාවට නෑන්වීම පුළුල් විණි. කෙසේ වුවද සාමාජිකයන් ස්වේච්ඡාවෙන් මෙම ආයතනයේ සාමාජිකත්වය දරණ හෙයින් ආයතනය විසින් සාමාජිකයන් හට අණුකූළ හැසිරී පිළිබඳව විෂේශයෙන් යෝජනා කිරීමට අවශ්‍ය නොවිණි. අනෙකුත් ගිණුම්කරණ ආයතන, උදාහරණයක් ලෙස "ඉලිනොයිස් ගිණුම්කරණ ආයතනය" වුවද මෙම ක්ෂේත්‍රයට අදල ආචරධර්ම වල පවත්න වැදගත්කම පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. AAPA යන නාමය ඉතිහාසය පුරා කිහිප වාරයක්ම තම නම වෙනස් කරමින් වර්තමානයේ පවතින නාමය වන ඇමරිකානු සහතිකලත් මහජන ගණකාධිකාරවරුන්ගේ ආයතනය (AICPA) බවට පත් විය. AICPA ආයතනය මගින් සාමජිකයන් විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති කොට්ඨාස පහක් ගොඩනගණු ලැබිණි. "ස්වාධීනත්වය", "නිවරදිභාවය හා විෂයාණුකුලතාවය", ප්‍රවීණත්වය" හා "තාක්ෂණික ප්‍රමිත" යන වගකීම් හා ක්‍රියා පිළිවෙත් මගින් ගණකාධිකාරවරුන් සේවදායකයට හා අනෙකුත් හවුල්කාර පාර්ශවයන්ට බැඳී සිටින බව පෙන්වා දෙන ලදී. මෙම සෑම ප්‍රතිපත්ති කොට්ඨාසයක් මගින්ම සහතිකලත් මහජන ගණකාධිකාරවරයකු (CPA) වෘත්තීයවේදියකු ලෙස හැසිරිය යුත්තේ කෙසේද යන්න පහැදිළි කරන මාර්ග උපදේශ ලබා දෙනු ලැබේ. මාර්ග උපදේශ බිඳ වැටීමක් ගණකාධිකාරවරයෙක් හට ගණකාධිකාරවරයෙකු ලෙස ක්‍රියා කිරීම වළකාලීමට හේතු සාධක වේ. ගිණුම්කරණ ප්‍රතිපත්ති සැකසීමේදී AICPA ආයතනය වුවද, ගිණුම්කරණ ක්ෂේත්‍රයෙන් පිටත සිටද අධ්‍යනය කර, එම පිළිබඳවඩ සළකා බලා ප්‍රතිපත්ති සකසනු ලැබේ.

ආචාරධර්ම ඉගැන්වීම[සංස්කරණය]

ආචාරධර්ම ඉගැන්වීම විශ්වවිද්‍යයාල තුළ ව්‍යාපාර ආචාරධර්ම අධ්‍යයනය ඈරබුනේ 1980 වසරදිය.මෙය ඈමරිකාවේදි 1993 වර්ෂයේදි “State University of NewYork Binghamton” මගින් ආරම්භ කෙරිනි. 1988 විසින් මේ සඳහා අරමුණු හතක් තිබිය යුතු බව අවධාරනය කර සිටි අතර එය පුද්ගලයා ඉලක්ක කර සිදුවිය යුතු බවට නිගමනයකට එළබිණි. ආචර්යවරුන්ට නිසි පුහුණු ක්‍රමවේදයක් අනුව පුළුල් දෑනුමක් ලබා දිය යුතු අතර ශිෂ්‍යයාට පාඨමාලව ඇතුලත නිසි දෑනුම ලබ දිය යුතු බවද අවධාරණය කෙරිණි.

විශ්වවිද්‍යායලය තුළ ව්‍යාපාර ආචරධර්ම උගැන්වීම පිළිබඳව විවාදයක් ඇතිවිණි. එක් පිරිසක් එය වෘත්තිමය කටයුතු වලට වැදගත් වන සහ අයහපත් තීරණ ගැනීමෙන් ශිෂ්‍යයන් වළකන බව පැවසු අතර, අනෙක් පිරිස එය අරමුණු රහිත නිශ්ඵල ක්‍රියාවක් බවට අවධරණය කලහ. මේ අතර එහි වැදගත්කම පිළිබඳව නොයෙක් වෘත්තිමය සන්විධාන අවධාරනය කරමින් කියා සිටියේ වටිනා සහ වැදගත් තීරණ ගැනීමට ආචාරධර්ම මනා පිටිවහලක් වන බවයි. “Phillip G. Cottel“ ගේ විවාදය වුවේ ගණකාධිකාරවරයෙක් සතුව පුළුල් ආචරධර්ම පැවතිය යුතු අතර එම ආචාරධර්ම අසීරු අවස්ථාවන් වලදි අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරිමට රුකුලක් වන අතරම ව්‍යාකූල අවස්ථාවලදි පලදායි තීරණ ගැනීමට යොද ගතහැකි බවයි.

Seven goals of accounting ethics education ගිණුම්කරණ ආචාරධර්ම අධ්‍යාපනයේ ප්‍රධාන අභිලාෂ හත • ගිණුම්කරන අධ්‍යාපනය සදාචරමය හා සම්බන්ධ ගැටළු වලට අදාළ වීම. • ගිණුම්කරනයේ ආචාරධර්ම හා ගම්‍ය වී ඇති ගැටළු හඳුනා ගැනීම. • ගිණුම්කරණයේ නීතිමය සදාචාරය හෝ වගකීම් පිළිබඳව දැණුමක් ඇති කිරීම. • ආචාරධර්ම මත ගැටුමකදී හෝ උභතෝකෝටික ප්‍රශ්නයකදී මුහුණදිමට අවශ්‍ය හැකියව දියුණු කිරීම. • ගිණුම්කරණ වෘත්තියේ ඇති අවිනිශ්චිතතාවයන්ට මුහුණ දීමට ඉගැන්වීම. • ආචාරධර්ම වලට අනුකූලව හැසිරීමට වේදිකාවක් සැකසීම. • ගිණුම්කරණ ආචාරධර්ම ඉතිහාසය හා සියළු අරමුණු වල සංයුතියට සාමාන්‍ය ආචාරධර්ම වල ඇති සම්බන්ධය තේරුම්ගැනීම හා ඒවා ඇගයීම. —Stephen E. Loeb[4]

ගිණුම්කරණ අර්බුධ[සංස්කරණය]

ගිණුම්කරණ දෝෂ අවමකිරීමදි ව්‍යාපාරයේ අභ්‍යන්තර සහ බාහිර සමතුලිතාවය පවත්වා ගැනීම ඉතා වැදගත් කොට සළකණු ලැබේ. මෙහිදී අවධානය යොමු කළ යුත්තේ ව්‍යායපාරය තුළ සිදු වු අලාභයකදී අදාළ නිර්ණායක නියමිත පරිදි භවිතයට ගැනීම වෙතටය. ගණකාධිකාරවරුන් සමාජයට අත්‍යාවෂ්‍ය වනුයේ මහජනයා හට නිවරදි මූල්‍ය තොරතුරු ලබා ගැනීමටය. මෙම තොරතුරු කළමණාකරුවන්ට, ආයෝජකයින්ට ඉතා වැදගත් වන අතර ගනු ලබන නිවරදි ක්‍රියාමාර්ග හේතුවෙන් පලදායි ප්‍රාග්ධන වෙළඳපොල ආර්ථිකයක් රට තුළ බිහිවීම සිදුවේ.

ගිණුම්කරණ දෝෂ අසත්‍ය මූල්‍ය තොරතුරු, වංචා, අල්ලස් දුෂණ ආදී මූල්‍යමය දෝෂ වලට මුලිකවම හේතුපාදක වේ. ඒ සඳහා “Nugan Hand Bank, Phar-Mor, WorldCom” සිදුවීම නිදසුන්ය. එසේම “ENRON” හි ඇති වු අසත්‍ය විගණන කටයුතු හේතුවෙන් අවසානයෙහි එම බහුජාතික සමාගම තුළ සේවය කළ 85000 ක සේවක පිරිසකට රැකියා අහිමි කරවමින් බංකොලොත් බාවයටද පත් විණි.

හේතු සාධක[සංස්කරණය]

ව්‍යාපාරයක අභ්ය.න්තර පරිසරය තුළ සිදුවන සදාචාරමය ගැටළු එහි මූල්‍යමය පැතිකඩට ඩැඩි බලපැමක් ඇති කරනු ලබයි.1977 වර්ෂය දක්වාම ආචාරධර්ම වලට මුලික තැනක් හිමි වු අතර ප්‍රචාරණ කටයුතු සියල්ලක්ම මූල්‍යමය ආයතනය මගින්ම සිදු වුණි. නමුදු එය විවිධ වංචාවන් සහ දුෂණ සඳහා හේතුපාදක විමට මග පාදන්නක් විය. මේ අතරම ව්‍යාපාර විගණනයෙන් බැහැරව වැඩි පිරිවැයකට හේතු වන උපදෙශන සේවාවන් වලට ආයතනයන් හට යොමු වන්නට සිදුවිය. 2007 වර්ෂයේ ලිපිය පළවූ ”Managerial Auditing Journal “ සඟරාව ගිණුම්කරන දෝෂ සඳහා හේතු වන කරුණු නවයක් ඉදිරිපත් කළේය. ස්වකැමත්ත, ස්වාධීන බවින් තොර වීම, නුසුදුසු වෘත්තිමය තීරණ, සන්වේදි නොවීම, නුසුදුසු නායකත්වය, පිරිහුණු සංස්කෘතික පරිසරය, තරඟකාරි බව අඩු වීම යනදි වශයෙන් කරුනු ගනනාවක් සදහන් කර ඈත.

ගිණුම්කරණ මූළධර්ම සහ නීතිරීති[සංස්කරණය]

ගිණුම්කරණ ආචාරධර්ම රීති සහ ප්‍රතිපත්තින් වශයෙන් කොටස් දෙකකට වෙන් කර බලමු. IFRS ලෙස ප්‍රතිපත්තින් වැඩිදුරටත් විශ්ලෙෂණය කර දි ඇති අතර එය ඉතා වැදගත්ය. එය තුල රටවල් 115 ක් අන්තර්ගත අතර ඇමරිකාව යොදාගනු ලබන්නේ ඔවුන්ටම අවේනික වු GAAP නම් රීති වලට අනුකූල පද්ධතියකි. මෑතක් වනතුරුම මතය වී තිබුනේ ප්‍රතිපත්ති පාදක කරගත් ක්‍රමය උචිත නොවන අතර එයට හේතුව වනුවේ එමගින් අනෙකුත් පාර්ශව මත විශාල පීඩනයක් ඇති කරන නිසා බවයි. එම නිසා මූල්‍ය වාර්තා මනා විනිවිඳ බාවයකින් යුක්තව නිරීක්ෂණය කල යුතු බව පෑහදිලි විණි. මෙහිදි 114 ක් විගණනවේදීන් නීති පාදක වු ක්‍රමයට වඩා රුචිකත්වයක් ඇති කළ බැවින් ලොව පුරා ප්‍රතිපත්ති පාදක සහ නීති පාදක ලෙසින් වර්ගීකරණයක් ඇති විණි. ප්‍රතිපත්තින් පාදක වනුයේ නම් IFRS ක්‍රමවේදයක් හරහාය. එහි මූලික අනු කොටස් වනුයේ හඳුනාගෑනීම්, අදාල බව ,නම්‍යතාවය සහ සන්සන්දනය වේ. නමුදු මෙය මුළු ලෝකය පුරාවටම ව්‍යාප්ත වීම සිදු වී නොමැත. නිදසුනක් ලෙස ඇමරිකාව තවමත් ඝැඇඵ් ක්‍රමය ක්‍රියාවට නන්වනු ලබයි. නමුදු 2008 වර්ෂයේ දි යෝජනා කළේ 2014 වන විට ඇමරිකාවද ඝැඇඵ් ක්‍රමය සිට IFRS වලට යොමු වීම වඩා යෝග්‍ය බවය.

ප්‍රතිචාර[සංස්කරණය]

වර්තමානය වන විට යතොක්ථ දෝෂ අවම කිරීම සදහා නව නීති සම්පදනය කර ඈත. මෙහිදී ගණකාධිකාරීන් හට අදාල අධ්‍යාපනික මෙන්ම නිසි පුහුණුව ලබා දීම ඉතා වෑදගත්ය. මේ සදහා අදාල වු නිති රීති "Sarbens oxley act" මගින් සම්පාදිත අතර එමගින් යම් යම් සීමාවන් පනවන ලදී . එනයින් මූල්‍ය සමාගම් තම ආදයම් මාර්ග තර කර ගෑනීමට යොදා ගත් ආචාරධර්ම වලට අනුකූල නොවු උපායන්ට වෑට බැඳිණි. එසේම මෙමගින් ව්‍යාපාරයේ අභ්‍යන්තර මූල්‍ය වාර්තා වල නිරවද්‍යතාවය කළමණාකාරවරයකු මගින් තහවුරු කල යුතු විය. 2003 වර්ෂයේදී ප්‍රධාන මූල්‍ය සමාගම් වල කඩා වැටීමත් සමග IFAC මගින් ගිණුම් රීති වල ප්‍රති සංවිධානය සිදුවිණි. ඒ සමගම වඩා පලදායි ආචරධර්ම පද්ධතියක් නිර්මාණය විය. මෙහිදි මේ පිළිබඳව කළමණාකරුවන් නිසි පරිදි පුහුණු කිරීමද සිදු විය. තවදුරටත් සහයෝගය වෑඩිදියුණු කිරීම සඳහා IAASB, IAESB, IESBA යන මණ්ඩල ආරම්භ විය.

මෑතකදි ඇමරිකානු ජනාධිපති බැරක් ඔබමා “The Dodd-Frank Wall Street Reform and Consumer Protection Act" ගිවිසුම අත්සන් කිරීමත් සමග මෙම සංකල්පය තවදුරටත් පුළුල් විණි. මෙහිදී පාරිභෝගික ආරක්ෂාව,ස්වාධීන බව, විනිවිද බාවය, නීතිමය පසුබිම, අදාළ වන්දීන්, ආයෝජකයින් සුරැකීම පිළිබඳව අවධානය යොමු විණි. තවද පලදායි මූල්‍යමය ආචාරධර්ම අනුගමනය කරන්නන් හට ඉහළ වරප්‍රසාද පිළිගන්විණි. එසේම පාරිභෝගික සුරක්ෂිත බාවයද වැඩි දියුණු විය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Love, Vincent J. (October 1, 2008). "Understanding Accounting Ethics, Second Edition" (Registration required). The CPA Journal. සම්ප්‍රවේශය May 18, 2009. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  2. Jackling, Beverly (2007). "Professional Accounting Bodies' Perceptions of Ethical Issues, Causes of Ethical Failure and Ethics Education" (Registration required). Managerial Auditing Journal. 22 (9): 928–944. doi:10.1108/02686900710829426. සම්ප්‍රවේශය April 8, 2009. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  3. Dellaportas, Steven (June 2006). "Making a Difference with a Discrete Course on Accounting Ethics" (Registration required). Journal of Business Ethics. 65 (4): 391–404. doi:10.1007/s10551-006-0020-7. සම්ප්‍රවේශය April 8, 2009.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Loeb322 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගිණුම්කරණ_ආචාරධර්ම&oldid=591919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි