ගිටාරය

විකිපීඩියා වෙතින්
ගිටාරය
තත් සංගීත භාණ්ඩය
වර්ගීකරණයString instrument (plucked or strummed)
Hornbostel-Sachs Classification321.322
(Composite chordophone)
ප්‍රවර්ධනය13th century
Playing range
(a standard tuned guitar)
Related instruments
සම්භාව්‍ය ගිටාරය.

ගිටාරය (ඉංග්‍රීසි:  guitar) පුළුල් සංගීත විලාසිතාවන් සමුහයක භාවිතා වන අතීත මූලයන්ගෙන් යුත් සංගීත භාණ්ඩයකි. සාමාන්‍යයෙන් එයට තත් හයක් පවතින අතර තත් හතර, හත, අට, දහය සහ දොළහක් පවතින ගිටාරද පවතියි.

Blues සංගීතය, Country සංගීතය, Flamenco සංගීතය, Rock සංගීතය සහ Pop සංගීතයේ බො‍හෝ ආකාර වල මූලික සංගීත භාණ්ඩයක් ලෙස ගිටාරය හදුනා ගත හැක. තනි සම්භාව්‍ය සංගීත භාණ්ඩයක් ලෙස ද මෙය හඳුනාගත හැක. ගිටාරයක් කම්පනය වන තත් මගින් නිපද වන ස්වරය එහි කුහරමය දේහය මගින් මුර්ජනය මගින් ශබ්දය නිපද වන එකක් හෝ ඉලෙක්ටෝනික වශයෙන් ස්වර හසුරුවන වර්ධකයක් මත රදා පවතින එකක් විය හැක. මෙවැනි විද්‍යුත් ගිටාර විසි වන සියවසේ දී හඳුන්වා දුන් අතර තව දුරටත් නව රැල්ල මත ප්‍රබල බලපෑමක් එල්ල කරයි.

සාම්ප්‍රදායිකව ගිටාර විවිධ ලී වර්ග එකමුතුවෙන් නිර්මාණය කෙරුණු අතර ඒවායේ තත් සදහා සත්ත්ව බඩවැල් භාවිත විය. නමුත් නූතනය මේ වෙනුවට නයිලෝන් හෝ ලෝහ තත් භාවිතා වේ. ගිටාර නිෂ්පාදනය සහ අළුත් වැඩියා සිදු කරන්නන් ඉංග්‍රීසි බසින් Luthiers ලෙස හැදින් වේ.

ආශ්‍රිත[සංස්කරණය]

සටහන් සහ මූලාශ්‍ර[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

උපහරණ[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගිටාරය&oldid=575621" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි