ගාසා තීරය - බටහිර ඉවුර

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ෆාටා - හමාස් දෙපාර්ශවය අතර 2006 දී ඇති වූ අර්බුද 2007 වසරේ මැද දක්වා කිනම් අයුරකින් හෝ දික් ගැහෙමින් තිබුනේය. ෆාටා - සහ හමාස් යන ප්‍රධාන පලස්තීන සංවිධාන දෙක අතර පලස්තීනයේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා තරඟයක් පැවතුනේය. මෙම සටන් අතරින් බොහොමයක් පැවතුනේ ගාසා තීරයෙහිය. මෙම ප්‍රදේශ 2007 ජුනි මාසයේදි හමාස්වරුන් විසින් භාර ගත් ප්‍රදේශයකි. ෆාටා සංවිධානයට එක්සත් ජනපද අනුග්‍රහය ලැබුණු අතර පලස්තීනයේ පැවති නිදහස් ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණය ජයගත් නමුත් එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරො‍්පා සංගමය විසින් හමාස් සංවිධානය දක්නා ලද්දේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසිනි.


මධ්‍යම ආසියාව / දකුණු ආසියාව[සංස්කරණය]

ඉන්දීය ජනරජය[සංස්කරණය]

1990 දශකයේ හා 21 වෙනි සියවස කාලය පුරා ඉස්ලාමීය ත්‍රස්තවාදය සමග ගනුදෙනු කිරීමට ඉන්දියාවට සිදු විය. ලක්ෂාර් - ඊ - ටයිබා, ජායිශ් - ඉ - මොහොමඩ්, හිස්බුල්ලා මුජහඩීන් සහ වෙනත් කාශ්මීර ත්‍රස්තවාදි කණ්ඩායම්වල නොබෝදා සිදු වූ නැගී සිටිම රටේ විශාල අර්බුදවලට හේතු විය. 1993 මුම්බායි බෝම්බ පිපිරවීම මෙන්ම වන්ධාම සමූල ඝාතනය වැනි කාශ්මීරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන් කලුචක් ඝාතන, චිට්ටිසිංග්පුර ඝාතන සහ වෙනත් ක්‍රියාවන් ඉන්දියාව තුළ සිදු වූ ප්‍රධාන පෙළේ ත්‍රස්තවාදී ක්‍රියාවන් ලෙස හැඳින්වේ. ර‍ටේ වෙනත් ප්‍රදේශවල ඇති වූ ත්‍රස්තවාදී ක්‍රියාවන් තුළට, ඉන්දියානු පාර්ලිමේන්තුවට 2001 වර්ෂයේදි එල්ල කළ ප්‍රහාරය 2005 ඔක්තෝම්බර් 29 දිල්ලි, 2005 ජඋන්පූර් දුම්රියතුල, 2006 ජුලි 11 මුම්බායි දුම්රිය තුළ, 2006 වර්නාසි නුවර, 2007 සම්ජාඋතට සීඝ්‍රගාමීයේ යනාදි ස්ථානවල සිදුවුණු බෝම්බ පිපිරුම්, අක්ෂර්ධම් කෝවිලට එල්ල කළ ප්‍රහාරය 2005 දි අයෝධ්‍යාවේ සිදු කළ රාම් ජන්ම භූමී ප්‍රහාරය, 2006 මාලෙගාඔන් පිපිරුම යනාදි සිදු වීම් ඇතුළත් වේ.

ඔසාමා බින් ලාඩන්ගේ ජියාඩ් සංවිධානය ඉන්දියාව සමග යුද වැදිය යුතුය යන නිරන්තර ඉල්ලීම සමග අන්තර් ජාතික ත්‍රස්තවාදි ජාලයක් වූ අල්කයිඩා සංවිධානය මත වාදි සහ මූල්‍යමය වශයෙන් කාශ්මීර ජාලයක් වූ අල් කයිඩා සංවිධානය මතවාදී සහ මූල්‍යමය වශයෙන් කාශ්මීර ත්‍රස්තවාදයට ආධාර කරයි. එමෙන්ම ඉස්ලාමීය අන්තවාදි ව්‍යාපාරය “කාශ්මීරය අයිති කරගෙන සිටින ප්‍රතිමා වන්දනා කරන හින්දූන්” යන වචන භාවිතා කරමින් බොහෝ රටවල්වල ඉන්දියාවට එරෙහි ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු වැපුරූහ.

ඉන්දීය රජය සහ හමුදාව රට තුළ නැගී ගෙන එන ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා නොයෙකුත් ක්‍රියා මාර්ග ගෙන තිබුනේය. මෙම ක්‍රියා මාර්ගයන්ගෙන් ඇතැම් ඒවා විශේෂයෙන් කාශ්මීරයේ කෙරෙන ක්‍රියාවන් ඉතා දරුණු ඒවා ලෙස මානව හිමිකම් සංවිධානවල විවිචෙනයට ලක් විය. ඇතැම් චෝදනා සටන් කාමීන් වෙත ද එල්ල වියත 2001 වර්ෂයේදි ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ඉන්දියාව සහ පකිස්ථානය දෙරට විසින්ම විශාල හමුදා බල ඇණි කාශ්මීර කලාපය තුළ එක් රැස් කළ අතර වෙඩි හුවමාරුද සිදු විය. මෙම සිදු වීම 2001 – 2002 ‘ඉන්දීය පකිස්ථාන් විරසකය’ ලෙස හැඳින්වේ. 2002 ජනවාරි 12 දින, පකිස්ථාන් ජනාධිපති පර්වේශ් මුෂාරෆ් කළ දේශනයකින් ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින උණුසුම් තත්වය අඩු විය යුතු යැයි අදහස් කළේය. තම භූමීයේ සිටින අන්තවාදින්ට එරෙහිව සටන් කරන බවත්, එනමුදු කාශ්මීරයට තමන්ට අයිතියක් තිබෙන බවත් ඔහු නිවේදනය කළේය. ඉන්දීය නායකයින් එම ප්‍රකාශය දිහා බැලුවේ සැකයෙනි. විදේශ කටරයුතු රාජ්‍ය ඇමැති ඕමාර් අබ්දුල්ලා එම කථාවෙහි අලුත් කිසිවක් නොමැති බව ප්‍රකාශ කළේය. ඉන්දියානු ස්ථාවරයේ වෙනසක් එයින් ඇති නොවන බව අනෙක් අය කීහ. කෙසේ වෙතත් යම්තරමකට උණුසුම් තත්වයක් පහව ගියේය. ඉන්දියානු ජනපති ඔහුගේ හමුදා ප්‍රධානීන්ට කීවේ “දැනට පහර දීමක් නොකෙරේ” යනුවෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=ගාසා_තීරය_-_බටහිර_ඉවුර&oldid=143981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි