ගාමිණි අභය රජ (දුටුගැමුණු රජ)

විකිපීඩියා වෙතින්

දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. දුට්ඨගාමිණී අභය, ගාමිණී අභය යන නම් වලින්ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල ලංකාව පාලනය කළ මෙතුමා රජරට පාලකයාව සිටි ආක්‍රමණික එළාර රජ පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ.මොහුට දස මහා යෝධයෝ සිටියෝ ය. ඔවුන් "සුරනිමල, මහාසෝන, ගෝඨයිම්බර,ථේරපුත්තාභය, භරණ, වේළුසුමන,ලභියවසභ,ඛංඡදේව, පුස්සදේව,නන්දිමිත්‍ර වේ.