ගස් සිටුවීම

විකිපීඩියා වෙතින්

ගස් සිටුවීමේ ක්‍රියාදාමය යනු වන විද්‍යාව සදහා මුඩු බිම් අස්වැද්ද වීම හෝ භූමි අලංකාර කටයුතු සදහා ශාකවල පැළ සිටුවීම ය. මෙය ශාක හා ලදු වගාවේ සිදු කරන විශාල ගස් සිටුවීමෙන් හා අඩු වියදම් හා අඩු ව්‍යාපෘතියක් හා සෙමින් වර්ධනය වන ශාක බීජ සිටුවීමෙන් වෙනස් වේ.

මෙය වන වගාවට අයත් ක්‍රියාකාරකමක් වන අතර එය නැවත වනාන්තර ඇති කිරීම ලෙස හදුන්වයි. මෙය කළින් අස්වැද්ද වු වනාන්තරයක්ව හෝ රෝගයක් හෝ කෘමින් මගින් විනාශ කරන ලද වනාන්තරයක්ව පැවති ප්‍රදේශයක කුඩා ශාක පැල සිටුවීම හා සම්බන්ධ වේ. මෙම ගස් සිටුවීම ලෝකයේ විවිධ ප්‍රදේශවල සිදුවන අතර එය ජාතීන්, ප්‍රදේශ හා නැවත වන වගා කිරීමේ එක් එක් ආයතන අනුව ද වෙනස් වේ. ගස් සිටුවීම, වන විද්‍යාවට ඇතුළත් වන අතර මෙය නිවැරදිව සිදු කළහොත් වනය විනාශ වූ ප්‍රදේශවල නැවතත් සාර්ථකව වන වගාව කළ හැක. නැවත වන වගා කිරීම වාණිජමය ගස් කැපීමේ කර්මාන්තයක් වන අතර එය විශාල පරිමාණයේ පැරණි හොදින් වර්ධනය වූ වනාන්තර විනාශ කිරීමට කදිම පිළිතුරකි. නමුත් සිටුවන ලද වනාන්තර මගින් කලාතුරකින් ස්වභාවික වනයේ ජෛව විවිධත්වය හා සංකීර්ණභාවය නැති විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ගස්_සිටුවීම&oldid=464926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි