Jump to content

ගස්ටන්-ජගත් ගුරුකුලය

විකිපීඩියා වෙතින්

පිලිප් ගස්ටන්ගේ කලාවේ සෞන්දර්ය විලාසය හා තථ්‍යාකාරය ගුරුකොට ගනිමින් ශ්‍රී ලංකාවේදී 1990 දශකයේ මුල භාගයේදී ජගත් වීරසිංහ ඇතුලු ගීතාංජන කුඩලිගමගේ, ප්‍රදීප් චන්ද්‍රසිරි, හර්ෂා මනෝජනී, කෝරලේගෙදර පුෂ්ප කුමාර හා නිලන්ති වීරසේකර යන සිත්තර සිත්තරියන්ගෙන් යුක්තව ක්‍රියාකාරී වූ ගුරුකුලය ගස්ටන් - ජගත් ගුරුකුලය නම් වේ. අනූව දශකයේ ම සහ 2000 වර්ෂය ආසන්නයට වන විට වීරසිංහ ගස්ටන් ආකෘතික ලක්ෂණ යම් යම් වෙනස්කම් වලට භාජනය කරන අතර ඒ අනුව හෙතෙම ඇතුළු ප්‍රදීප් චන්ද්‍රසිරි සහ කෝරලේගෙදර පුෂ්පකුමාර ස්ථාපන කලා, බහු මාධ්‍ය කලා මාධ්‍ය වෙතට යොමු වන අතර කුඩලිගමගේ යන අය සුපැහැදිලි පරිවර්තනයන් පෙන්නුම් නොකරමින් ගස්ටන් - ජගත් ගුරුකුලයේ අඛණ්ඩ එකම ක්‍රියාධරයා වේ. මෙම ගුරුකුලයේ සුහුඹුල් අවධියේ කලාකාරිණියන් දෙදෙනෙකු වන නිලන්ති වීරසේකර සහ හර්ෂා මනෝජිනී යන අය කලාකාරිණියන් හැටියට සක්‍රීය නැත. මනෝජිනී යන අය සක්‍රීය නොමැති කාලය දශක දෙකහමාරක තරම් කාලයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ගස්ටන්-ජගත්_ගුරුකුලය&oldid=758668" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි