ගවුස්ගේ නියමය

විකිපීඩියා වෙතින්

ගවුස් ප්‍රමේයය:- තෝරාගන්නා ලද සංවෘත පෘෂ්ඨයක් හරහා ගමන් කරන ස්ථිති විද්යුත් ස්‍රාවය ඒ තුල අන්තර්ගත ආරෝපණය මාධ්‍යයයේ පාරවේදීතාවයට දරන්නා වූ අනුපාතයට සමාන වේ. මෙහිදී තෝරාගන්නා පෘෂ්ඨය ගවුස් පෘෂ්ඨයක් ලෙස හඳුන්වයි. ගවුස් ප්‍රමේයයට අදාළ වැදගත් කරුණු:- 1. ගවුස් පෘෂ්ඨයක් හරහා ගමන් කරන ස්‍රාවයට බලපෑම් කරනු ලබන්නේ ගවුස් පෘෂ්ඨය තුල පවතින ආරෝපණය පමණි. ගවුස් පෘෂ්ඨයට පිටතින් පිහිටි ආරෝපණ නිසා ගවුස් පෘෂ්ඨය හරහා බල රේඛා ගමන් කළද සමක ස්‍රාවය ශුන්‍ය වේ. මන්දයත් බාහිර ආරෝපණයක් නිසා ගවුස් පෘෂ්ඨය හරහා යන බලරේඛා එයින් පිටතට යන බැවිනි. 2. ගවුස් පෘෂ්ඨය තුල පවතින ආරෝපණය + නම් ඉන් ස්‍රාවය පිටතට යන ලෙසත් එම ආරෝපණය - නම් ස්‍රාවය එය තුලට එන ලෙසත් ගනු ලබයි. 3. ගවුස් පෘෂ්ඨය හරහා ගමන් කරන විද්යුත් ස්‍රාවය එය තුල ආරෝපණය පිහිටි ස්ථානය අනුව රඳා නොපවතී. 4. ගවුස් පෘෂ්ඨයක හැඩය, පරිමාව වෙනස් කළඳ එය තුලින් ගලන සඵල විද්යුත් ස්‍රාවය නොවෙනස්ව පවතී.

  1. sciwad
"https://si.wikipedia.org/w/index.php?title=ගවුස්ගේ_නියමය&oldid=469971" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි