ගල් පාළම,පදවිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

වැව් බැදි රාජයේ කිසිවෙකුගේ නෙතට හසු නොවූ වනයේ සැගවී ගිය ඉතා විශිෂ්ට නිමැයුමකි. එය නමින් "ගල් පාළමයි".

පිහිටීම[සංස්කරණය]

වාරිතාක්ෂණයේ විශිෂ්ට නිර්මාණය සොයා යන ගමන් මග වැටී ඇත්තේ පරාක්‍රමපුර නගරය මධයේ සිට කිලෝමීටර 5 කට ආසන්න දුරකිනි. පරාක්‍රමපුර නගර මධයේ සිට කිලෝමීටර 1 1/2 ක දුරට උතුරු දෙසට තාර දැමූ මාර්ගය ඔස්සේ ගොස් එතැන් සිට බටහිර දිශාවට කිලෝමීටරයක දුරක් 11 වෙනි බෙදුම් ඇළට (ඩී 11) යාබද මාර්ගය ඔස්සේ ගොස් එතැන් සිට උතුරු දිශාවට කිලෝමීටර 2 1/2 පමණ දුරක් කටු පඳුරු වන ලැහැබවල් මැදින් වැටී ඇති පුංචි අඩිපාරක් දිගේ යා යුතුය. ඉතා දුෂ්කර වූ ගමනක වෙහෙස සංසිඳුවමින් අපි ලගාවූයේ රෑසියන්ගේ හඩ දෝංකාර දෙන විශාල ජල දහරාවක් ගලායන රූස්ස මහ වනය මැද පිහිටි විශ්මිත "ගල් පාළම" අභියසටයි. උතුරු දිශාවෙන් 223 බලසේනා මූලස්ථානයට ද , දකුණු දෙසින් සමූහ ගොවිපළකට ද , නැගෙනහිරින් යාය 5-6 කෙත් යායට ද , බටහිරින් නිකවැව ගම්මානයට ද මායිම් ව පවතින මෙය අනුරාධපුර දිස්ත්‍රීක්කයත් වන්නි දිස්ත්‍රීක්කයත් වෙන් කරන ඉසව්වේ පිහිටයි.NPPI

ඉතිහාසය[සංස්කරණය]

විශාල රූස්ස වනයක් මැද විශාල ජල දහරාවක් හරස් කරමින් ප්‍රතාපවත් ලෙස නැගී සිටින මෙය දුටු හැම කෙනෙකුගේම සිත් ඇද ගන්නා බව නොරහසකි. අපි එතනට ලගාවන විට මධයහ්න 12 පසුවී තිබුනත් ඒ පරිසරය කියා පෑවේ සන්ධ්‍යාවක බිම් කරුවලට හුරු දසුනක්ය.ඒ රූස්ස ගස්වල අතු හිස් අවකාශයට වියන් බැඳ තිබූ බැවිනි. සතර දිශාවෙන්ම මහ වනයෙන් වටවී විහඟුන්ගේ නාදය දෙසවන් පිනවද්දී විටින් විට ඇසුණු වෙඩි හඩවල් කිහිපයක්අපේ සිත් බ්යට පත් කළෝය.එනමුත් මෙහි සුලමුල සොයා ගැනීමේ පරමාර්ථය මා සිත් දැඩි කොට බැඳ තබා තිබුණි. එබැවින් පරාක්‍රමපුර ගම්මානයේ මුල් පදිංචි කරුවෙකු වූ පේමචන්ද්‍ර මහතාගෙන් අපි මේ පිළිබද විස්තර විමසුවෙමු.ජනප්‍රවාදයේ පවතින ආකාරයට මීට වසර ‍2000 කටත් පෙර සිට මේ පාළම ප්‍රසිද්ධ ගමනාගමන මාර්ගයක් ලෙසද, විශාල වාරිමාර්ග පද්ධතියක් ලෙස ද, යොදාගෙන තිබේ. ක්‍රි:පූ 13 වන සියවසේ දී මහා පරාක්‍රමභාහු රජු විසින් ඉදි කරන ලද "පදවි වැවේ"වැඩි ජලය පහත් බිම් කරා ගෙන යාමේ ජල මාර්ගයක් ලෙස "මොර ඔය" යොදා‍ගෙන තිබේ.එසේම කෙත්වතු වලින් ගලායන වැඩි ජලය ද මෙම මොර ඔය දිගේ පහළට රැගෙන යයි.වැළිඔය ගම්මානයට ජලය සපයන මෙම මොර ඔය ද, ඊට බටහිර දිශාවෙන් පිහිටි කිවුල් ඔය ද,එකට එක්වන ස්ථානය ,එනම් දෙමෝදර හරස් කොට මෙම ගල් පාළම නිර්මාණය කොට තිබේ.පළලින් අඩි 2 ක් ද, දිගින් අඩි 7 ක් ද වන ගල් එකමත එකතබා අඩි 8 කට ආසන්න උසකින් අඩි 6 කට ආසන්න පළලකින් යුක්ත ෙව්.

වර්තමාන තත්වය[සංස්කරණය]

සෙන්ටිමීටර 100 කටත් වඩා වැඩි දුරකට විහිදී යනමෙහි ජලය පිට කිරීමට සෑදූ දොරටු දෙකක නටබුන් ද දක්නට ලැබේ.දැනට ස්ථාන තුනකින් කැඩී ගොස් ඇති මෙහි ගල් තනිකලු ගල්ය.පාළම ස්ථාන තුනකින් ම කැඩී යාමට හේතුව ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන්නේ එක් වර්ෂයක දී "පදවි වැව" පිටාරගලා ගොස් "මොර ඔය" හරහා ආ ජල පහරේ වේගයට මෙම පාළම මැදින් කැඩී ගොස් ඉවුරු දෙක අයිනෙන් බිදී ගියේ ඔයට එකතු වූ ජල දහරාවේ ප්‍රමාණයට ඔරොත්තු නොදුන් නිසා බවයි.මෙම පාළම මොර ඔය හා කිවුල් ඔය හරස් කොට අමුණක් ලෙස නිමවා එතැන් සිට" වැලි ඇල "දිගේ පහළ පිහිටි නිකවැව,කිරිඉබ්බන්වැව,ආදී වැව් පෝෂණයට යොදා ගත් බවයි.එමෙන්මමීට වසර 2000කට පෙර එනම් ක්‍රි:ව 07 දී පමණ දැනට ගල්වංගුව ලෙසින් හදුන්වන ප්‍රදේශය හරහා වැටී තිබුන ගමන් මාර්ගයක් මේ පාළම හරහා ද ,ගිය බව ජනප්‍රවාදයේ එයි.ඒ බව සනාථ කළ හැකි සාධක ද ඒ අවට ප්‍රදේශ වලින් හමුවී තිබේ.1961 වර්ෂයේ පදවිය ජනපදවාසීන් පිරිසක් විසින්කිවුල් ඔයට කෙත් බිම් හරහා යන වැඩි ජලය එක් කර ගැනීම සඳහා කුඩා ඇල මාර්ගයක් කපමින් සිටියදී පසට යටවී තිබී හමු වූ ලිග්ගල් තුනක් ද, හැන්දක් ද, අළු ද, මෙය සනාථ කරනු අස් හොඳම ශේෂ වස්තූන්ය.ඒ ආකාරයටම අදටත් වැල්ලෙන් යටවී පවතින විශාල පාදමක් ද , සමූහ ගොවිපළ ආසන්නයෙන් දැකගත හැකිය. එම පාදම එදා මහසෙන් රජු විසින් පදවි වැව ආසන්නයේ ඉදි කළ පාදමකට ඉතා කිට්ටු නෑකම් කියන්නක් බව ජනපද වාසීන්ගේ අදහසයි.එලෙසම පාළම අවසන් වන ස්ථානයේ ඇති ස්ථුපයක නටඹුන් ද,දක්නට ලැබේ.එය ගමයි,පන්සලයි,වැවයි,දාගැබයි,යන සංකල්පය පසක් කරන ස්ථානයක් වැනිය.කෙසේ නමුදු මෙම යෝධ නිර්මාණය පිළිබදව කිසිම පත පොතක හෝ සෙල්ලිපියක සඳහන් නොවීම නිසා කවදා, කෙදිනක,කවුරුන් විසින් මෙය නිර්මාණය කළාද, යන්න නිශ්චිතවම සඳහන් කළ නොහැක.එහෙත් ජනප්‍රවාදයේ සඳහන් ආකාරයට පරාක්‍රමභාහු රජ දවස මෙය නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාසයක් පවතී. මීට වසර2000 කට පෙර ඈත අතීතයේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් ව පැවති මේ ප්‍රදේශය විජිතපුර රාජධානි කොට ගත් එළාර වැනි දකුණු ඉන්දියානු ජාතිකයන්ගේ ආක්‍රමණත් උතුරින් එල්ල වූ දමිළ ඊලාම් බලපෑමත් නිසා දෙකඩ වී විනාශ වී ගියේය.ඉන් පසු පසට යටවී වල් බිහිවුණු මේ අනර්ඝ ස්ථාන නැවත යන්තම් හෝ එළි පෙහෙළි වූයේ 1957 වර්ෂයේ පදවිය ජනපදය පිහිටු වීමත් සමඟය.එසේ ජනපද බිහි වූවත් කණගාටුවකට කරුන වී ඇත්තේ කිසිදු බලධරයෙකුගේ හෝ පුරාවිද්‍යා ගවේශකයෙකුගේ දෙනෙතට මෙවන් යෝධ නිර්මාණයන් හසු වී නොතිබීමයි.

" බැදනී ගඟ වැව් 
සිරිලක ,කෙත් ද කරවා
සියල් දිය රඳවා 
පැරකුම් නිරිඳු කළෙ මේ"

යනුවෙන් පදවි වැවේ සෙල්ලිපියේ සඳහන් වූවා සේ මෙම ස්ථානයේ ද,කුමන හෝ තැනක එවන් වැකියක් සඳහන් වූවා නම් ඒ ප්‍රෞඪ අතීතය පිළිබඳ අනාගත ලොවට දැනෙන හැගීම කියා නිමකල නොහැක. කෙසේ නමුදු අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුතුව ඇත්තේ වැසී යන ප්‍රෞඪ ශිෂ්ටාචාරයක නටඹුන් වනයෙන් වැසී ගිය ද අදත් ඒවා ශේෂව පවතී.එබැවින් ඒ ශේෂ වස්තූන් හෝ රැක ගැනීමට කාගේ හෝ දෙනෙත යොමු විය යුතු කාලය එළඹ ඇති බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=ගල්_පාළම,පදවිය&oldid=275390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි