ගල්ලෙන් ගොල්ල රජමහා විහාරය

විකිපීඩියා වෙතින්

මෙම විහාරය ශ්‍රි ලකාවේ මහනුවර දිස්ත්‍රික්කය උඩුනුවර උරුලෑවත්ත ග්‍රාමයේ පිහිටා ඇති අතර , ප්‍රධාන මහල් දෙකකින් හා තවත් එක් මහලකින් සමන්විත මෙම විහාරය ව්‍යහරික වර්ෂ 1874 දී වැලිගමුවේ අත්ථදස්ස්‍යභිධාන බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ හා බොහෝ ශ්‍රද්ධාවන්තයන්ගේ උපකාර ඇතිව රුපියල් .50 000 එකතුකොට අවුරුද්දක කාලයක් ඇතුළත විහාරය නිර්මාණය කර පොත්ගුල් තබ්බවා වැඩ අවසන් කොට ඇත . තවද එහි මනා ලෙස අදින ලදා චිත්‍ර ඇති අතර එවා ජී.එල්. සෙන්දිරිස් නැමැති චිත්‍රශිල්පියෙකු විසින් ඇද 1915 අප්‍රේල් මස 25 වන දිනයේ දී අවසාන කළ බව එහි දෙවෙනි මහලේ ලියා ඇති ලිපියෙහි දැක්වේ . මෙම පූජනීය ස්ථානය දේශීය මෙන්ම විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති අතර සාම්ප්‍රදායික සිංහල කලාව දැක බලා ගැනීමට සුදුසුම ස්ථානයකි .



ගල්ලෙන්ගල්ලෙන් ගොල්ල රජමහා විහාරය. ගොල්ල රජමහා විහාරය.

විහාරයේ ඉතිහාසය .[සංස්කරණය]

උඩුමහලේ ලියා ඇති විහාරය ගැන කියවෙන ලිපිය.
සිත්ත රුවා  ගැන කියැවෙන ලිපිය .
.

‌මෙම විහාරය නිර්මාණය වූ ආකාරය හා සිත්තාරු කිරීම පිළිබද කියැවෙන ලිපි දෙකක් එම විහාරයේ දෙවන මහලේ දැක්වේ .

ඉන් පළමු ලිපියෙහි දැක්වෙන්නේ විහාරය නිර්මාණය කිරීම පිළිබද කතා පුවතයි . එය පහත පරිදි දැක්විය හැකිය .

ශ්‍රී බුද්ධ වර්ශ දෙදහස් හාරසිය දහ අටවන (2418) අවුරුද්දේ දී ආරන්‍යවාසී සීවලිගමුවේ අත්ථදස්ස්‍යභිධාන බුද්ධදාස මහාස්ථවීරපාදයානන් වහන්සේ ප්‍රධානව බොහෝ ශ්‍රද්ධාවන්තයන්ගේ උපකාරය'බුද්ධ වර්ශ දෙදහස් හාරසිය දහ අටවන (2418) අවුරුද්දේ දී ආරන්‍යවාසී සීවලිගමුවේ අත්ථදස්ස්‍යභිධාන බුද්ධදාස මහාස්ථවීරපාදයානන් වහන්සේ ප්‍රධානව බොහෝ ශ්‍රද්ධාවන්තයන්ගේ උපකාරයෙන් රුපියල් පනස් දාහක් (50 000) පමණ වියදම් කරවා හය අවුරුද්දක් තුළ සියලු වැඩ නිමවා නේත්‍රා කොට පොත්ගුල් තබා මෙම ස්ථානයට උවමනා සියලු පිරිකර සහ තුනුරුවන්ට සිව්පසයෙන් ප්‍රයෝජනය පිනිස වතු කුඹුරු ආදිය පූජා කොට ත්‍රී කාල වර්තතී වූ ත්‍රිවිධ රත්නයට සර්ව සාංඝික කොට පුදා පරමාර්ත්ව බුදුබව පතා තමන් වහන්සේගේ ආත්මාර්ත්වය සලකා පූර්වයෙහි වැඩ සිටි ආරන්‍ය ස්ථානයටම වැඩ වදාරා බුද්ධ වර්ෂයෙන් 2435ට නිමි වර්ෂයෙහි දි ස්වර්ගස්ථ වී වාදාල සේක . එ උත්තමයානන් වහන්සේගේ මේ ජායා රූපය බව දනගත යුතුයි ,ක්‍රි . ( ක්‍රි.ව) 1874 .


ඉන් දෙවන ලිපියෙහි දැක් වෙන්නේ චිත්‍ර ඇදීම පිළිබද කතා පුවතයි . එය ද පහත පරිදි දැක්විය හැකිය .

ශ්‍රී . බුද්ධ වර්ෂයෙන් 2459 පැමිණි; ක්‍රි.වර්ෂයෙන් 1915 පැමිණි . ශක වර්ෂයෙන් 1857 පැමිණිය වු මවර්ෂයෙ ගල්ලැන් ගොලේල විහාරාධිපතිගොරව නියමාත්ගමු ධෙම්මජොති ආදිකාරි භික්ෂූන් වහන්සේ සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලාගේද අනසාසනා පරිදි ඇල්.බී . නවරත්නභාරකාරතැන සහ අසල්වාසී දායක මහතුන් විසින් ද උඩුනුවර යටිනුවර පිටපලාත්වල ස්‍රද්ධාබුද්ධි මහතුන්ගෙද මෙම ස්ථානේද ආධාර උපකාර අතිව මෙම ගල්ලැන් ගොලේල් පොත්ගුල් විහාරෙ පරාවේඝ භාවයට පැමිණි උඩමාලෙ ඇතුල පමණක් රුපියල් එක්දාහස් විසිහතරක් (1024 ) පමණ වියදම් කර ජී.ඇල්.සෙන්දිරිස් නැමැති සිත්තර කෙනෙකු ලවා සිතුයම් කර්මාන්ත ආදිය කරවා ජරා ඝෙ හැර 1915 හේ (ඔහු) අපේප්‍රල් (අප්‍රේල්) මස 29 දින නේත්‍රා මංගල්ලය පවත්වා අවශාණ කරණ ලදී .

විහාරයේ කලාව.[සංස්කරණය]

මෙම විහාරයේ පහළ මහලේ ඉතා විශාල හිටි පිළිම දෙකක හා එක් සැතපෙන පිළිමයක් ද ඊට උඩුමහලේ සමාධිපිළිම කිහිපයක් හා තවත් පිළිම ගණනාවක් ද දක්නට ලැබෙන අතර දෙවන මහලට පිවිසීමට තරප්පු පේලියක් ද තෙවන මහලට පිවිසීමට ඉනිමගක් ද එහි දක්කනට ලැබේ . සියලුම මහල් චිත්‍ර ඇද සරසා ඇත අතර සිංහල සම්ප්‍රදායික කලාව මනාව නිරූපනය වන මෙම විහාරය මනරම් පරිසරයක් තුළද පිහිටා ඇත .

පහළ මහලේ බිත්තිවල ඇද ඇති චිත්‍ර .
පහළ මහලේ සිවිලිම මත ඇද ඇති චිත්‍ර .

.


පහළ මහලේ ඇති පළමු හිටි පිළිමය  .
පහළ මහලේ ඇති දෙවන හිටි පිළිමය  .