ගලගොඩ අත්තේ ඥාණසාර හිමි

විකිපීඩියා වෙතින්

ගලගොඩ අත්තේ ඥාණසාර යනු ශ්‍රී ලංකාවේ කොළඹ අගනුවර පදනම් කොට ගනිමින් පිහිටුවනු ලැබූ සිංහල බෞද්ධ ජාතිකවාදී සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයේ වත්මන් මහ ලේකම් පදවිය දරනු ලබන භික්ෂුවයි.[1] මුස්ලිම් විරෝධී මතවාදයන් හේතුවෙන් ජාතිවාදියෙකු වශයෙන් උන්වහන්සේ දැඩි විවේචනයකට ලක් වී ඇති අතර එම සංවිධානයද අන්තවාදී සංවිධානයක් බවට සමහරු චෝදනා කරති.

ගිහි ජීවිතය

1975 මාර්තු මස 4 වැනිදා කරන්දෙණියේ ගලගොඩඅත්ත ග්‍රාමයේ වැඩිමහල් සොහොයුරන් තිදෙනෙක් සහ වැඩිමහල් සොහොයුරියක් ඇතුලු පස්දෙනෙකුගෙන් යුතු පවුලක බාලයා ලෙස උපත ලැබුවේ ය. [2] මව වලවේ දුරගේ ගුණවතී ය. [2]උන්වහන්සේ පැවිදි වීමට පෙර නම නුවන්සිරි කුමාර විය. [2] පහ ශ්‍රේණිය දක්වා ගමේ පාසල වන යක්කටුව කනිටු විදුහලෙන් ඉගෙනුම ලබා පසු ව බන්දුල සේනාධීර විද්‍යාලයට ඇතුළත් විය. [2]උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර නමින් පැවිදි වූයේ එහි හත්වැනි ශ්‍රේණියේ [2] සිසුවකු ලෙස ඉගෙනුම ලබමින් සිටිය දී ය.

පැවිදි ජීවිතය

ඉන්පසු ගාල්ලේ වතුරවිල ආරන්‍ය සේනාසනයේ අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ අනුරාධපුරයේ සාරානන්ද පිරිවෙනින් සහ කොළඹ විද්‍යෝදය සරසවියෙන් ද ඉගෙනුම ලැබී ය. කැලණිය විශ්වවිද්‍යාලයෙන් බුදුදහම පිළිබද වැඩිදුර හදාරා ශාස්ත්‍රවේදී උපාධියක් සහ එම්. බී. ඒ. උපාධියක් ද ලබාගත්හ. උන්වහන්සේ කලුපලුවැව පිරිවෙනෙහි විද්‍යාලාධිපතිවරයෙක් වශයෙන් සේවය කළේ ය.

ක්‍රියාකාරීත්වය

සිරගත වීම

2017 ජුනි මස පොලිස් අපරාධ මර්දන කොට්ඨාසය සති ගණනක් සෙවුම් කිරීමෙන් අනතුරු ව ඥානසර හිමියන් ව අත්අඩංගුවට ගත්තේ ය. ඒ වැලිකඩ සේව කළ පොලිස් නිළධාරියකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත ය. ප්‍රකාශයක් ලබා දීම සදහා පොලිස් ස්ථානයකට පැමිණි අවස්ථාවක එසේ අත්අඩංගුවට ගත් උන්වහන්සේ ව පසුව ඇප පිට මුදාහරිණු ලැබුවේ ය.

උසාවියට අපහාස කිරීමේ චෝදනාවක් මත වසර 6ක සිරදඩුවමක් ලැබූ උන්වහන්සේ වසර 2 කට ආසන්න කාලයකින් පසු ව 2019 මැයි මස 23 දින ජනාධිපති සමාව මත නිදහස් කරනු ලැබිණ.

ආශ්‍රිතය නාමාවලිය

  1. "බොදු බල සේනා රීග්‍රෙට්ස් ඇක්ට්ස් කොමිටඩ් බයි අදර්ස් ඉන් ඉට්ස් නේම්". අයිලන්ඩ්.එල්කේ. ජනවාරි 28, 2013. සම්ප්‍රවේශය අගෝස්තු 5, 2014.
  2. 2.0 2.1 2.2 2.3 2.4 සුසිල් ප්‍රියන්ත, එම්. පුතා මහණ කළා කියලා තාත්තා මා එක්ක මාස දෙකක්ම කතා කළේ නෑ :ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මව කියන කතාව. තක්සලාව. ඉරිදා ලංකාදීප. 2018 ජුනි 30

අඩවියෙන් බැහැර පිටු