ගණේගොඩ පුරාණ දේවාලය

විකිපීඩියා වෙතින්
  • පිහිටීම


ඓතිහාසික 'ගණේගොඩ පුරාණ දේවාලය' පිහිටා තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ, මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙපානම ගම් පියස තුල ය. පන්නිපිටිය - බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයට සම්බන්ධ දේවාල පාර නම් අතුරු මාර්ගයේ මීටර් 200 ක් පමණ ඉදිරියට ගමන් කල විට රමණීය භූමි භාගයක දේවාල පරිශ්‍රය පිහිටා ඇත. වර්තමානය වන විට අක්කර දෙකක පමණ භූමියක් ඊට අයත් වේ.

  • ඉතිහාසය


ගණේගොඩ පුරාණ දේවාලයේ ඉතිහාසය කෝට්ටේ රාජධානි සමය දක්වා දිව යයි. අවට ප්‍රදේශයේ පවතින ජනප්‍රවාද අනුව කෝට්ටේ රාජධානි සමයේදී මෙහි පළමු වරට දේවාලයක් ඉදිකර ඇති අතර, දේවාලයේ නඩත්තුව හා එහි රාජකාරි කටයුතු ඉටු කිරීම සඳහා අවට ගම් බිම් පූජා කර තිබේ. ඒ බව සනාථවන්නේ දේවාලයට අවශ්‍ය මල් සැපයූ පුද්ගලයන් අයත්, 'මල්කරුගේ' පෙළපත් නාමය සහිත පිරිස් වර්තමානයේ ද දේවලය අවට දිවි ගෙවන බැවිනි. අතීතයේදී දේවලය සතුව අක්කර ගණනාවක භූමියක් පැවතුන බව පැරැන්නන් පවසන නමුත්, දැනට ඉතිරිව පවතින්නේ අක්කර දෙකක පමණ භූමියකි.

"https://si.wikipedia.org/w/index.php?title=ගණේගොඩ_පුරාණ_දේවාලය&oldid=615446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි