ඛාන් ඔරලෝසු කණුව

විකිපීඩියා වෙතින්
ඛාන් ඔරලෝසු කණුව
පිහිටීමකොළඹ, ශ්‍රී ලංකාව
අවසන් කළ දිනය20 වන සියවසේ මුල් සමය[1]
කැප කරන ලද්දේෆ්‍රම්ජී භිඛාජි ඛාන් සිහිවීම පිණිස, කොළඹ පුරවැසියන් වෙනුවෙන් ඉදිකෙරිණි.

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ ඉදිකොට තිබෙන ඛාන් ඔරලෝසු කණුව, ඉන්දියාවේ බොම්බෙයි (Bombay) හී ඛාන් පවුල විසින් මෙරට ඉදිකරන ලද ඔරලෝසු කණුවක් වේ. එය පිට කොටුව වෙළඳපළ පිවිසුම ආසන්නයට වන්නට ඉදිකොට තිබෙයි.

ඉතිහාසය[සංස්කරණය]

ඛාන් ඔරලෝසු කණුව 20 වන සියවසේ මුල් සමයේදී, ෆ්‍රම්ජී භිඛාජි ඛාන් (Framjee Bhikhajee Khan) පවුල විසින් ඉදි කරනු ලැබුවකි. ඔරලෝසු කණුවෙහි දක්වා තිබෙන සටහනකින් ඒ බැව් තහවුරු කරයි.

This clock tower and fountain was erected to the memory of Framjee Bhikhajee Khan by his sons Bhikhajee and Munchershaw Framjee Khan as a token of affectionate gratitude and dedicated through the Municipal Council to the citizens of Colombo on the fourth day of January 1923, the 45th anniversary of his death.

ෆ්‍රම්ජී භිඛාජි ඛාන් පියාණන් වෙත ආදරණීය කෘතගුණ දැක්වීමේ සංඛේතයක් වශයෙන්, මෙම ඔරලෝසු කණුව හා දිය උල්පත (ජල මල), ඔහුගේ පුතුන් විසින්, මහ නගර සභාව හරහා කොලඹ පුරවැසියන් වෙනුවෙන්, 1923 වසරේ ජනවාරි මස සිව් වන දින, එනම් ඔහුගේ මරණයට වසර 45 ක් සැපිරෙන කල, ඉදිකොට නිම කරන ලදී.

ඔරලෝසු කණුව සමග සක්‍රීය ජල මලක්ද ඉදිකෙරුණත්, එය තව දුරටත් ක්‍රියාත්මකව නොමැති බව සඳහන් වෙයි.

ඔරලෝසු කණුවෙහි ආකෘතිය[සංස්කරණය]

දල වශයෙන් සිව් මහල් ගොඩනැගිල්ලක උසකින් යුත් මෙම ඔරලෝසු කණුව, පිට කොටුව වෙළඳපළ පිවිසුම ආසන්න වටරවුමෙහි ඉදිකොට ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ක්ලොක් ටවර්ස් ඉන් ශ්‍රී ලංකා". දිනේෂාස් බ්ලොග්. සම්ප්‍රවේශය 23 මැයි 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ඛාන්_ඔරලෝසු_කණුව&oldid=306465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි