කෝවක්කා

විකිපීඩියා වෙතින්
කෝවක්කා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
ගෝත්‍රය: Cucurbitales
කුලය: Cucurbitaceae
ගණය: Coccinia
විශේෂය: C. grandis
ද්වීපද නාමය
Coccinia grandis
(Carolus Linnaeus) Joachim Otto Voigt

කෝවක්කා යනු ඖෂධීමය අගයක් ඇති වැල් වර්ගයකි. මෙය Coccinia grandis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ දකුණු ආසියානු රටවල වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබේ. කෝවක්කා ගෙඩි ලපටි කාලයේදී කොළ පැහැයෙන් දිස්වන අතර ඉදුණ ගෙඩි අලංකාර රතු පැහැයක් ගනී. කෙම් ගෙඩිය ලෙසින් ද කෝවක්කා ගෙඩිය පැරණි පොතපතෙහි හඳුන්වා තිබේ.

භාවිතය[සංස්කරණය]

ආහාරමය ප්‍රයෝජන ලෙස කෝවක්කා මැල්ලුම, කෝවක්කා කැඳ, හා කොවක්කා ව්‍යංජනය භාවිතා වන අතර කෝවක්කා වැලෙහි ලපටි කොළ මැල්ලූම් සෑදීම සදහා භාවිතා කරයි.

ඖෂධීය ගුණ[සංස්කරණය]

කෝවක්කා කොළ මැල්ලූම දියවැඩියා රෝගීන්ට හොද ඔසුවක් ලෙස සිංහල වෙදකමේ දී හැඳින්වේ. හේන් ගොවිතැන් කිරීමට කැලය කපන අවස්ථා වලදී කෝවක්කා වැල්ද කැපී යයි, එවිට කොවක්කා වැලෙන් වෑස්සෙන ජලය එකතු කර පානය කිරීමෙන් පිපාසය ඉක්මණින් සංසිදෙන බව ගොවීන්ගේ විශ්වාසය වේ.

සාහිත්‍යය[සංස්කරණය]

කෝවක්කා ගෙඩියේ පැහැය ගිරවාගේ හොටෙහි පැහැයට සමාන වීම නිසා ගිරා සංදේශයේද කෝවක්කා ගෙඩිය පිළිබඳව සඳහන් වන අතර මහා කවි කාලිදාසයන් කාන්තාවන්ගේ තොලෙහි පැහැය වර්ණනා කිරීම සහාද කෝවක්කා ගෙඩියේ පැහැය යොදාගෙන තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=කෝවක්කා&oldid=308067" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි