කෝලම් නැටුමේ මුලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සිංහල වෙස්මුහුණු කලාව හෙවත් කෝලම් නැටුම් කලාව ගැන කියැවෙන විට දකුණුලක මුහුදුබඩ ස්ථාන කිහිපයක් ගැන සිහියට නැගුනත් ජාතික සහ අන්තර් ජාතික වශයෙන් එA සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශය බව පෙනීයයි. අම්බලන්ගොඩ කෝලම් නැටුමේ සම්භවය කවදා සිදු වී දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි වුවද දැනට වසර දෙසීයයකට පමණ පෙර එහි බිහිවීම සිදු වූ බව නිගමනය කළ හැකිය. කෙසේ වෙතත් ලක්දිව දක්නට ලැඛෙන වෙස්මුහුණු වසර 250කට වඩා පැරණි නොවන බව මහාචාර්ය එම්. එච්. ගුණතිලක මහතාගේ අදහසයි.1 අම්බලන්ගොඩ ප්‍රදේශයේ තවමත් සාම්ප්‍රදායික කෝලම් නැටුම් ර`ග දක්වන ගුරුකුල දෙකක් පවතී . එනම් මහ අම්බලන්ගොඩ (තුඩුවමුල්ල) ගුරුකුලය සහ නම්බිමුල්ල (හිරේවත්ත) ගුරුකුලය යනුවෙනි. මහ අම්බලන්ගොඩ ගුරුකුලය ටුක්කා වඩු පරපුරේ නායකත්වයෙන් පවත්වාගෙන එනු ලබන අතර නම්බිමුල්ලේ ගුරුකුලය ජුවන් වඩු පරපුරේ නායකත්වයෙන් පවත්වාගෙන එයි. මේ නිසා අම්බලන්ගොඩ කෝලම් නැටුමේ ප්‍රභවය කෙබදුදැයි විචාරාත්මක සංවාදයකට බ`දුන් කරලීම මෙහි අරමුණයි.

අම්බලන්ගොඩ කෝලම් කලාවේ මුල් ස්ථානය මහ අම්බලන්ගොඩ බව ඔප්පු කිරීමට සාක‍ෂි කීපයක් තිබේ. මුල් අවදියේ මහ අම්බලන්ගොඩ මූලික කරගත්2 කෝලම් ගුරු කුලය පසු ව දෙකොටසකට ඛෙදී ගියේ ය.3

මුල් කාලයේ දී කෝලම් මුහුණු නිර්මාණය කරන ලද්දේ අද මෙන් වෙල් ක`දුරු :ීඑරහජයබදි භමං ඪදපසජ්- ලීයෙන් නොව මාදම්පා නදී තෙර ස්වාභාවිකව වැවුණු ජලාශ්‍රිත ශාකයක් වන ගිමිපොල් හෙවත් දින් ගස් :භසච් ත‍රමජඑසජ්බි- අතු වලිනි. මෙම ශාකය පොල් අතු වැනි ප්‍රමාණයෙන් සමාන අතු ඇත්තා වූ ද, එහෙත් තාල වර්ගයේ ගස්වල මෙන් ක`දක් නැත්තා වූ ද ප`දුරක් සේ වැඩෙන්නකි. මුහුණ කැපීමට භාවිතා කරන ලද්දේ මෙම ගිමිපොල් (දින්) අත්තේ ප`දුරට සම්බන්ධ මහත කොටස මිස අත්තේ අග කොටස නොවේ. කෝලම්කරුවන් ඛෙහෙවින් වාසය කොට ඇත්තේද, එම කලාව හැදී වැඩී ඇත්තේ ද, අම්බලන්ගොඩ දකුණු මායිමේ පිහිටි මාදම්පා නදිය අයිනේ ය. තවදුරටත් අදහස් දක්වන මෙතුමා කෝලම් නාටක සාහිත්‍ය නැමති කෘතියේ මෙසේ ස`දහන් කරයි. — අම්බලන්ගොඩ හිරේවත්තෙA ජේ.ඩබ්ලිව්. ආරියපාල ගුරුන්නාන්සේ ඔහුගේ මුත්තණුවන් වූ ජුවන් වඩු ඔන්දිරිස් ද සිල්වා විජේසූරිය වඩු ආරච්චි මහත්තයාගෙන්ද7 කෝලම් නැටුම් හා මුහුණු කැපීම උගත් අතර....˜8 — මේ අය අතරින් ද කලා ෙක‍ෂ්ත්‍රයට කැපී පෙනෙන ආරම්භකයා වන්නේ ජුවන් වඩු ඔන්දිරිස් ද සිල්වා විජේසුරිය වඩු ආරච්චි පදවියෙන් සම්මාන ලද කලාකරුවාය.9 මේ ප්‍රකාශ අනුව පෙනීයන්නේ හිරේවත්තේ කෝලම් පරපුරේ ආරම්භකයා ජුවන් වඩු ඔන්දිරිස් ද සිල්වා බවයි. ඔහු ජීවත් වී ඇත්තේ ක්‍රි.ව 1860 - 1929 යන කාලයේ දී ය.

නමුත් මහ අම්බලන්ගොඩ කෝලම් පරපුරේ දෙවන ආචාර්යවරයා වන ටුක්කා වඩු පෑලිස් ගුරුන්නාන්සේ උපත ලබා ඇත්තේ ක්‍රි.ව 1856 දීය. වසර 99ක් ආයු වළ`දා එතුමා අභාවප්‍රාප්ත වූයේ 1955 දීය. පෑලිස් ගුරුන්නාන්සේගේ පියා වන ටුක්කා වඩු ඔන්දිරිස් ගුරුන්නාන්සේගේ ජීවන කාලය ඊටත් ඇතට දිවයයි. එනම් ක්‍රි.ව 1800 මුල් දශක දක්වා විනැයි සැපකීම ප්‍රඥාගෝචරය. මේ අනුව නිගමනය කළ හැක්කේ අම්බලන්ගොඩ කෝලම් නැටුම් ඉතිහාසයේ මූලය මහ අම්බලන්ගොඩ ප්‍රදේශය බවයි.

1829 දී ජෝන් කැලවේ පියතුමා විසින් රචිත —යකුන් නටනවා සහ කෝලම් නටනවා˜10 යනුවෙන් ඉංග්‍රීසියට පෙරළා රචිත කෘතිය කෝලම් නාටකයේ මුල් ස්වරූපය වටහා ගැනීමට ඇති විශ්වාස කටයුතු සාක‍ෂියකි. මෙම ග්‍රන්ථයේ කෝලම් පිටපතට අනුව මුලින්ම ඇතුලත් කර ඇති ප්‍රාරම්භ ශ්ලෝක කවි කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේගේ අත්පිටපතේ එලෙසම ස`දහන් වී තිබේ. එපමණක් නොව කැලවේ ගේ ග්‍රන්ථයේ මෙන් කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේගේ අත්පිටපතේ ද අණඛෙරකරු පැමිණෙන්නේ හේවා කෝලමට පසුවයි.11 ජෝන් කැලවේ පියතුමා 19 වන සියවස මුල්භාගයේ ගාල්ල, මාතර යන ප්‍රදේශවල ආගමික කටයුතුවල යෙදුණු වෙස්ලියානු මීසමේ පූජකයෙකි.

මේ සාම්‍යයෙන් පවා පෙනෙන්නේ 1829 වන විට දී වුව ද මහ අම්බලන්ගොඩ කෝලම් කණ්ඩායම ස්ථාපිතව තිබූ බවයි.

මහ අම්බලන්ගොඩ කෝලම් කණ්ඩායම ප්‍රදේශයේ වඩාත් පැරණිම එක විය යුතුයයි හැගෙනුයේ තවත් කරුණක් නිසාය. එනම් zලංකාවේ කෝලම් නාටක සාහිත්‍යZ පිළබ`දවද

"https://si.wikipedia.org/w/index.php?title=කෝලම්_නැටුමේ_මුලය&oldid=430955" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි