නෙළුම් කුළුණ

විකිපීඩියා වෙතින්
(කොළඹ නෙළුම් කුළුණ වෙතින් යළි-යොමු කරන ලදි)

සැකිල්ල:Lotus tower

නෙළුම් කුළුණ (නැතහොත් කොළඹ නෙළුම් කුළුණ) , ශ්‍රී ලංකාවේ, කොළඹ නගරය තුල ඉදි කර ඇති 2019/09/16 දින නිළ වශයෙන් විවෘත කරන ලද [1] මීටර 350 ක් උසැති කුළුණක් වන අතර, මෙය නෙලුම් පොහොට්ටුවක හැඩ ඇති නිසා "නෙලුම් කුලුණ" ලෙස නම් කෙරේ.


ඉහල සිට පහල පෙනෙන ස්වභාවය

ගොනුව:Lotus tower.jpg
නෙළුම් කුළුණ


‍කොළඹ බේරෙ වැව අසල ඉදිකරමින් පවතින මෙම කුලුනේ ඉදි කිරීම් පිරිවැය ඈඩො මිලියන 104.3 ක් පමණ වන අතර, එම වියදම මහජන චීන ජනරජය සතු එක්සිම් (EXIM) බැංකුව මගින් දරනු ලැබේ.[2] මෙම කුලුන නිර්මාණය කිරීම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් කරනු ලබයි. [3] මුලදී මෙම කුළුණ පෑලියගොඩ නගරයේ ඉදි කිරීමට සැලසුම් කලත් පසුව රජය විසින් එය වර්ථමාන ස්ථානය කරා රැගෙන එන ලදී.[4] කුළුණ දකුණු ආසියාවේ උසම ඉදි කිරීම වනු ඇත.[5][6]

19 th tallest tower in the world-ලොව 19 වන උසම සම්ප්‍රේශණ කුලුන

Basic Processor(මූලික සැකසුම්කරු)-Processor Nimal Silva

ස්ථානය[සංස්කරණය]

කොළඹ උප නගරයක කුළුණ ස්ථාපිත කිරීමට මුලින් තීරණය කෙරුනත්, පසුව ශ්‍රී ලංකා රජය විසින් කුළුණ කොළඹ නගරයේ හදවත බඳු වූ බේරෙ වැව ආශ්‍රිත කලාපයකට ගෙන එන ලදී.

ඉදි කිරීම් කටයුතු[සංස්කරණය]

Construction progress as at March 2017.

කුළුණේ ඉදි කිරීම් පිළිබඳ ගිවිසුම් කටයුතු 2012 ජනවාරි 3 න් වන දින (TCRSL) හි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ඈතුළු පිරිස විසින් සිදු කරන ලදී.[7] පා. ම. බැසිල් රාජපක්ෂ මහතා විසින් 2012 ජනවාරි 20 වැනි දින කොළඹ නෙළුම් කුළුණ සඳහා මුල්ගල තබන ලදී. කුළුණ කොළඹ 10, D. R. විජයවර්ධන මාවතේ බේරෙ වැව ට මුහුණලා ඉදි කෙරේ.[8] කොළඹ නෙළුම් කුළුණේ මූලික ආදායම් මාර්ග වනු ඈත්තේ සංචාරක ව්‍යාපාරය සහ සම්ප්‍රේෂණ ඈන්ටනා බදු දීම වේ. මෙම කුළුණට ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50 කටත් ටෙලිසන්නිවේදන සේවා ආයතන 20 කටත් පහසුකම් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

ආකෘතිය[සංස්කරණය]

ඉදි කිරීම් ආකෘතිය නෙළුම් මලක හැඩයට සමාන වේ. නෙළුම් මල මගින් ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුව පිළිබදව අර්ථ ගන්වයි. කුළුණේ පාදම සඳහාද නෙළුම් මලක හැඩය යොදා ගැනේ. කුළුණ සඳහා රෝස හා ලා කහ පැහැයට හුරු වර්ණ යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

කුළුණ[සංස්කරණය]

කුළුණ මීටර 356 ක් උස වන අතර වර්ග මීටර 30,600 ක වපසරියකින් යුක්තයි.[9]

ගොඩනැගිල්ලේ අංග[සංස්කරණය]

කුළුණට ඇතුළු වීම සඳහා දොරටු 4 ක් පවතින අතර ඉන් 2 ක් විශේෂ අමුත්තන් සඳහා වෙන් වේ.

පාදම[සංස්කරණය]

පහත මාලයේ අවන්හලක් හා ටෙලිසන්නිවේදන කෞතුකාගාරයක් ඉදි කෙරේ. කුළුණේ පීඨිකාව මහල් 6 කින් සමන්විත වන අතර පලමු මහලේ කෞතුකාගාරයක්ද ප්‍රදර්ශන ශාලා 2 ක්ද ඉදි කෙරේ.

ප්‍රධාන බඳ[සංස්කරණය]

විදුලි සෝපාන 5

නෙළුම් මල[සංස්කරණය]

පළමු හා දෙවන තට්ටු[සංස්කරණය]

රූපවාහිනී හා ගුවන් විදුලි හා ජංගම දුරකතන ආයතන

තුන්වන තට්ටුව[සංස්කරණය]

උත්සව ශාලාව[සංස්කරණය]

හතරවන තට්ටුව[සංස්කරණය]

කරකැවෙන ආපනශාලාව 4 වන

පස්වන සහ හය වන තට්ටු[සංස්කරණය]

නඩත්තු අංශ

හත්වන තටිටුව[සංස්කරණය]

7 වන මහලේ නිරික්ෂණ වේදිකාව වේ.

අයිතිය[සංස්කරණය]

කොටස් වෙළඳපල හරහා

මේවාද බලන්න[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Foundation stone laid for Lotus Tower".
  2. "Sri Lankan version of Rs. 11bn Eiffel tower mooted". Asian Tribune News. සම්ප්‍රවේශය November 10, 2010.
  3. http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=3440:2010-11-08-02-16-17&catid=1:latest-news&Itemid=269 සංරක්ෂණය කළ පිටපත 2010-11-08 at the Wayback Machine ලංකා සී නිවුස් - ලොව පස්වැනි උසම කුළුම ලංකාවේ ඉදිරිකිරීමට යයි
  4. "Colombo to get 350m high multifunctional communication tower soon". Sunday Times. සම්ප්‍රවේශය December 15, 2011.
  5. "Tallest in South Asia". Development LK. සම්ප්‍රවේශය January 20, 2012.
  6. "Colombo Lotus Tower Project Contract Signing Ceremony". TCRSL Press. සම්ප්‍රවේශය January 20, 2012.
  7. CEIEC Signed the Contract of Colombo Lotus Tower Project සංරක්ෂණය කළ පිටපත 2018-09-26 at the Wayback Machine, CEIEC.com News. Retrieved January 03, 2012
  8. Colombo Lotus Tower – Minister Basil Rajapakse Lays Foundation Stone සංරක්ෂණය කළ පිටපත 2013-04-26 at the Wayback Machine, TCRSL Press. Retrieved January 20, 2012
  9. "Lotus Tower in Colombo". Akathy. සම්ප්‍රවේශය January 2012. {{cite web}}: Check date values in: |accessdate= (help)
"https://si.wikipedia.org/w/index.php?title=නෙළුම්_කුළුණ&oldid=592459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි