Jump to content

කොළඹ ඉතිහාසය

විකිපීඩියා වෙතින්
ගොනුව:Colombo City Map.jpg
කොළඹ නගරය

ග්‍රාමීය ප්‍රදේශයන්ට සා‍පේක්ෂව නාගරික ප්‍රදේශයන්හි ගතිකත්වය අතිමහත්ය. එම ගතිකත්වය සෑම අංශයකින්ම හඳුනාගත හැකිය. දිවයිනේ ප්‍රධාන පරිපාලන නගරය මෙන්ම වාණිජ නගරය වීම හේතුවෙන් කොළඹ නගරයේ මෙම ගතිකත්වය අනෙකුත් නගර සියල්ල අභිභවා සිටි. නගරයක ගතිකත්වය අනෙකුත් නගර අහිභවා සිටී. නගරයක ගතිකත්වය තුල විවිධ ක්ෂේත්‍රීය රටාවන් හඳුනාගත හැකිය. මෙය නාගරික රූපකාය ව‍ශ‍යෙන් හඳුන්වයි.

නාගරික රූපකාය සරලව පැහැදිලි කරන විට නගරයක ඉහලින් සිටින කුරුල්ලෙකුට නගරය දිස්වන ආකාරයයි. එහිදී එම පක්ෂියා හඳුනාගන්නේ නාගරික ක්ෂේත්‍රීය රටාවයි. මෙහිදී ගොඩනැගිලි ස්වරූපය කුමක්ද? එක සමාන උස ගොඩනැගිලි ස්ථානගත වී තිබෙන්නේ කුමන ප්‍රදේශයක් තුලද? නේවාසික රටාව කුමන ස්වරූපද? එහිදී එක් එක් සමාජ ස්තරයන්ගේ නිවාස පිහිටා ඇත්තේ කුමන ප්‍රදේශවලද? නගරයේ වාණිජ කටයුතු ස්ථානගත වී තිබෙන්නේ කෙසේද? මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය (CBD) පිහිටා ඇත්තේ කුමන කලාපයේද? ආදී වශයෙන් ක්ෂේත්‍රීය වශයෙන් හඳුනාගත හැකිය. මේවා මේ අයුරින් ස්ථානගත වී ඇත්තේ දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙනි. මෙය වර්තමානයේත් ක්‍රියාත්මක වේ. නිදසුන් ලෙස පැල්පත් පිහිටි ප්‍රදේශයක උසස් පෙලේ නිවාස හටගැනීමේ හැකියාව ඉතා අඩුය. දැඩි වාණිජකරණයට ලක්වු ප්‍රදේශයක නේවාසික රටාවක් බිහිවීමේ සම්භාව්‍යතාවය ඉතාමත් පහල මට්ටමක පවතී. නාගරික භූගෝල විද්‍යාඥයෝ මෙම ක්‍රියාවලිය පැහැදිලි කිරිමට පරිසර විද්‍යාවේ සංකල්පයක් උපයෝගී කරගනිති. එනම් නාගරික පෙරහන් ක්‍රියාවලියයි. වනාන්තරයක එක් එක් වෘක්ෂලතාවන්ගේ ව්‍යාප්ති රටාවන් දිගු පරිණාමයක ප්‍රතිඵලයකි.

එහිදි පළමුව නිරාවරණය වු භූමිය තුලට ශාක වර්ග පැමිණේ. එය ජලයෙන් හෝ සුලඟින් හෝ වෙනයම් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි තුළින් සිදුවිය හැකිය. එය ආක්‍රමණයකි. එම ශාක වර්ග අතර තරඟයක් පවති. එම තරඟයේදි මෙම ශාක අතර යම් යම් ප්‍රතික්‍රියා සිදුවේ. ඉන්පසු කිසියම් ශාක වර්ගයක් හෝ කිහිපයක් ස්ථායි වේ. එය උත්කර්ශය වේ. ස්වාභාවික වනාන්තරයක සිදුවෙන මේ ක්‍රියාවලිය නගරයක් තුලද සිදුවිය හැකිය. නාගරික භූගෝල විද්‍යාඥයින් පවසන්නේ නගරයක් ඇසුරින්ද එක් එක් කාර්යයන් අතර තරඟයක් පවතී. මේ නිසා නගර එකක් හෝ දෙකක් ස්ථායි වීමත් අනතුරුව අන් සියළු කාර්යයන්ගෙන් ඉස්මතු වී පෙනෙන්නට පටන් ගැනීම වශයෙන් හෝ ඉහත අවස්ථා සියල්ල ඒ ආකාරයෙන්ම හඳුනාගත හැකි බවයි. අද වනවිට සීඝ්‍ර නාගරීකරණයට හසුව ඇති කොළඹ නගරය දැනට අවුරුදු 500කට පමණ පෙර වන සතුන්ගෙන් ගහන කැලෑ රොදවළින් සහ ගොහොරුවලින් සමන්විත භූමියකි. වෙළෙඳාම ජීවිකාව කරගත් මුස්ලිම් පවුල් කිහිපයක් විසුහ. කොළඹ වරාය සංවර්ධනය කොළඹ නගරයක් ලෙස සංවර්ධනය වෙන්නේ 1885දී කිරීමෙන් අනතුරුව බව බොහෝ විද්වතුන්ගේ මතයයි. කොළඹ වරාය බිහිකිරීමද මේ මූලික සැලැස්ම පෘතුගීසීන්ගේය. මුලින්ම ඔවුන් බලකොටුවක් තැනූහ. එය කොටුව නම් විය. බේරේ වැව ඔවුන්ගේ නිර්මාණයකි. කැළණි ග‍ඟේ ජලය හැරවීමෙන් මෙය කළහ. කොටුවෙන් පිට නගරය පිටකොටුවයි. කොටුව හා පිටකොටුව අතර දිය අගලක් සහ පොල් වත්තක් විය. පසුව ලන්දේසීන් විසින් කොළඹ නගරය වඩාත් වාණිජ නගරයක් බවට පත් කෙරිණි. පෘතුගීසීන් ආරක්ෂක මාධ්‍යයක් ලෙස යොදාගත් බේරේ වැව මොවුහූ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදාගත්හ. ලන්දේසීන් ප්‍රථම වතාවට කුරුඳු වගාව ආරම්භ කළහ. එය වර්තමාන කුරුඳුවත්ත, ඇස් වාට්ටු හන්දිය, හා බොරැල්ල දක්වා විය. මරදාන එහි අවසන් කෙළවරයි.

කොළඹ නගරයේ වැදගත්ම සමය ඉංග්‍රීසි සමයයි. මෙතෙක් ජනාවාසයක්ව තිබූ කොළඹ ප්‍රදේශය, නගරයක් වන්නේ මේ කාලයේය. 1883දී කොළඹ දිවයිනේ අග නගරය කළහ. මේ සමග කොළඹ කේන්ද්‍ර කරගත් මහා මාර්ග හා දුම්රිය මාර්ග ජාලයක් බිහිවිය. එහි පළමු පියවර 1820 දී තැනීම ආරම්භ කරන ලද කොළඹ- මහනුවර මාර්ගයයි. මීලඟට 1867දී මෙරට පළමු දුම්රිය මාර්ගය වන මහනුවර-කොළඹ දුම්රිය මාර්ගය තැනිණි. මේ සමග කොළඹ කේන්ද්‍ර කරගත් අපනයන වෙළඳ රටාවක් වර්ධනය විය. 1886 දී දිවයිනේ ප්‍රධාන වරාය වශයෙන් කොළඹ වරාය සංවර්ධනය විය. මේ නිසා වරාය ආශ්‍රිතව නව රැකියා බිහි විය. විශාල වශයෙන් කම්කරුවන් නගරයට සංකේන්ද්‍රණය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් පාලන නායකයන් ප්‍රධාන ආයතන නායකයන් හා යුරෝපීය හා දේශීය ප්‍රභූ පැලැන්තිය සහ මුස්ලිම් පවුල් කිහිපයක් පමණක් විසු කොළඹ ජන සංයුතියට කම්කරු පංතිය එක් විය. කොළඹ නගරයේ කොටුව ප්‍රදේශයට අමතරව 1865 වනවිට තවත් කොට්ඨාශ 5ක් එක්ව තිබුණි.

  1. ශාන්ත බස්තියන්.
  2. ශාන්ත පාවුලු.
  3. මරදාන.
  4. කොල්ලුපිටිය.
  5. කොම්පඤ්ඤවීදිය.

ක්‍රි.ව 1910දී මෙම තත්වය තව දුරටත් වර්ධනය වෙමින් මෝදර හා වැල්ලවත්ත එකතු වී නාගරික කොට්ඨාශ 11ක් විය. ක්‍රි.ව 1935දී කොට්ඨාශ 20කටද ක්‍රි.ව 1943දී නැවත කොට්ඨාශ 30 කටද‍ බෙදන ලදි. පසුව කිරුළපනද ඈඳාගෙන කොට්ඨාශ 31ක් විය. ක්‍රි.ව 1958දී නැවත කොට්ඨාශ 37ක් කළේය. ක්‍රි.ව 1963දී එය 47කට බෙදීමෙන් අනතුරුව කොළඹ නගරයේ තිරස් විකාශනය අවසාන විය. නමුත් කාර්යමය වෙනස්කම් රැසක් අද දක්වා සිදුවෙමින් පවතී.

කොළඹ නගරයේ වර්ධනය ගැන විමසීමේදී පෙනී යන වැදගත් කරුණක් නම් අළුතෙන් සකස් වූ නව නේවාසික රටාවයි. 1859දී සර් හෙන්රි වොන් විසින් ගාලු මුවදොර ආරම්භ කිරීමෙන් පසු ඊට දකුණින්පිහිටි කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත ජනාවාස විය. එවකට ගාලු මුවදොර රේස් පිටිය කුරුඳුවත්තට ගෙනයාම සමග කුරුඳුවත්ත ජනාකීර්ණ විය. නිවෙස්වලින් සහ උද්‍යාන වලින් සමන්විතව තිබූ මට්ටක්කුළිය ප්‍රදේශය තුළ සමාජයේ ප්‍රභූපෙළ සිටියහ. වරාය සංවර්ධනය සමග විශාල කම්කරුවන් නගරයට පැමිණියහ. මොවුන් ඉහළ පෙලේ නිවාස පවුල් කිහිපයක් එක්ව කුලියට ගෙන කොටස් වලට බෙදාගෙන පදිංචි වූහ. මේ සමග විශාල මන්දිර වලට සීමාවූ කොළඹ නගරයේ නිවාස රටාවට පැල්පත්ද එක් විය. මේ නිසා මෙහි විසූ ඉහළ මධ්‍යම පංතිකයෝ තම අධ්‍යාපන ආයතන පවා රැගෙන දකුණට සහ අග්නිදිගට සංක්‍රමණය වූහ. එහිදී බිහිවූ ප්‍රධානතම ජනාවාසය කුරුඳුවත්තය. මේ ආකාරයට කොළඹ නගරය හොරගසක් සේ අතුළියලා වර්ධනය විය. එහි බීජද අවට ව්‍යාප්ත විය.

මේ අඩවියත් බලන්න

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කොළඹ_ඉතිහාසය&oldid=568485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි