කොහොඹා කංකාරිය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

කොහොඹා කංකාරිය කොහොඹ දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන  සංකීර්ණ වූත් චිත්තාකර්ශනීය වුත්  යාතුකර්මයකි . සතර  කෝරළය, සත් කෝරළය ,උඩුනුවර ,යටිනුවර, හොවාහැට, පාතදුම්බර, හාරිස්පත්තුව දේශයන්හි මෙම යාතු කර්මය පවත්වනු ලබති. නියඟයක් අපල උපද්‍රවයක් වළක්වනු පිණිස ගමට සෙත් පතා පවත්වන ලබන්නකි

කොහොඔ කංකාරිය පිළිබඳව[සංස්කරණය]

කොහොඹා කංකාරිය උපතට තුඩු දුන් පුවත මෙසේය. විජය රජු කුවේණියට දුන් පොරොන්දු කඩ කොට දරු දෙන්නා සමග ඔවුන් පලවා හැරීම් නිසා කුවේණිය විසින් රජුට ශාප කරන ලදී. මෙම සාපය පඩුවස්දෙව් රජුට බලපා ඇති බවත් ඉන් පඩුවස්දෙව් රජු දිවි දේශයකින් රෝගාතුර වූ බවත් කියැවේ. මේ බව දැනගත් සක්දෙව් රජු මෙය සුව කළ හැක්කේ මලෙන් උපන් මලය රජුට පමණක් බව දැන ගත්තේය. මලය රජතුමා ගෙන්වා ගැනීමේ කාර්යය ඊශ්වර ට භාර දෙන ලදී සක්දෙව් රජුගේ නියෝගය පිළිගත් ඊශ්වර මලය රජු ගෙන්වීමට  උපක්‍රමයක් යොදන ලෙස  රාහු අසුරේන්ද්‍රට පවරන ලදී. උරු වෙසක්(වරහා අවතාරය ලෙසද හදුන්වයි) මවා ගත්තත රාහු අසුරේන්ද්‍රයා මලය රජුගේ මඟුල් උයන පරික්ෂාවට ලක් කරන්නට උයනේ සැරි සරන්නට විය. උයන්පල්ලා මේ පිලිබදව මලය රජුට  සැළකර සිටි හෙයින් රජුගේ සොහොයුරන් වන සදලිදු හා කිත්සිරු හා තවත්  දසදහසක් පිරිසද සමග  මලය රජු ඌරා ලුහු බැන්දේය.ඌරා පසු පස එළවා ආ පිරිස ඌරා තොටින් ලංකාවට පැමිණ මහනුවර හන්තාන කන්ද දක්වා ගෙන එනු ලැබීය. මලය රජු උරා අල්ලා ගත් අවසානයේ ඌරාට දුන්නෙන් පහරින් දෙන විට ඌරා ගල් විය මේ අවස්ථාවේ සක්දෙව් රජ පෙනී සිට මලය රජු මෙරටට ගෙන්වීමට හේතු සැලකර සිටිනු ලැබීය. පසුව මලය රජු පඬුවස්දෙව් රජු හමු වී කරුණු විමසා එතුමාගේ උයනේ විසිතුරු රගමඩල සාදවා හැටපස් මංගල්‍යයක් කොට රජුගේ සිත සතුටු කොට රෝගය නිවාරණය කළ බැව් කියවේ.මලය රජු අනුරාධපුර වැලි හෙල ග්‍රාමයේ කොහොඹ ගසක් යට දිය නාමින් සිටි කුමාරවරු 3න් දෙනෙක් නොමරා යක් කර මෙම ශාන්තිකර්මය පවරා දෙන ලදි. එදා මෙදා තුර පැවති හැටපස් මංගල්‍යය කොහොඹා කංකාරිය නම් වේ. මෙම පුරාවෘත්තය සුළු වෙනස්කම් සහිතව කංකාරි උත්සවයේ පසුතලයට සම්බන්ධ වී පවති .

පවත්වන අකාරය[සංස්කරණය]

දෙහි ගා ඉස සෝදා ස්නානය කොට ඇඳුම් ආයිත්තම් ඇඳ ගැනීමට දෙවියන්ගෙන් අවසර ගැනීම හදුන්වනු ලබන හගල යැදීමෙන් මෙම කංකාරිය ආරම්භ වේ. ඉන් අනතුරුව සඟල ඇදීමෙන් වෙස් බැද ස්වර්ණාභරණයෙන් සැරසූ යක්දෙස්සන් රඟමඬලට පිවිසේ . අනතුරුව තුන්වන ජවනිකාව වන අස්න නැටීම  හෙවත් ආසන නැටුම සිදුකරනු ලබයි. කොහොඹා කංකාරියෙ ඉතිහාසය කියා කියාපාන මෙය අතිශය වැදගත් අවස්ථාවක් වනුයේ කුවේණිය දරුවන් හා වනයේ අතරමං වූ පුවත කියාපාන හෙයිනි. අනතුරුව පිළිවෙළින් දළුමුර, ගුරුගේ මාලාව, යක්තුම් පදය, මාලප්පුව හා කෝල්පාඩුව,ආවැන්දුම,වැද්දන් ගිවිස්සීම ,දාන පහ ,මලනැටීම ,තලය නැටීම ,යක්කම් පහ ,කතා පහ ඉදිරිපත් කරනු ලබයි . පැමිණි සියලු දෝෂාන්ධකාර දුරුු කරනු වස් අයිලය  ළඟ සිටුවා ඇති කෙසෙල්මුවයට විදීමෙන්  කරනුු ලබන මුවමල වීදීමෙන් කොහොඹා කංකාරිය යන යාතු කර්මය අවසාන කරනු ලබයි. සිංහල පැය වලින්  මීට ගතවන කාලය පැය 60 ලෙස සැලකේ. සාමාන්‍යයෙන් සවස් යාමයේ පටන් ගනු ලබන මෙම කංකාරිය මුළු රැය පහන් වන තුරු පසුදා දහවල් වනතුරු ද පවතී. අනෙකුත් යාතුකර්ම  වල මෙන්ම කොහොඹා කංකාරිය සමාරෝපය, අනුකරනය , සංවාද වැනි නාට්‍ය ලක්ෂණ දැකිය හැකිය . 

අන්තර් අංග[සංස්කරණය]

කොහොඹා යක් කංකාරියේ එන අන්තර්ගත අංගයක් වූ යක්කම් පහ නයා යක්කම ඌරා යක්කම වැදි යක්කම, දර්පණ යක්කම, සීතා යක්කම නාට්‍යමය ලක්ෂණ වෙසෙසින් දැකගැනීමට හැකිය.මේ යක්කම් පහ අතරින් ද  නයායක්කම ඌරා යක්කම වැදී යක්කම  බහුල වශයෙන් නාට්‍ය ලක්ෂණ දැකිය හැකි ය 

නයා යක්කම - යක්දෙස්සාට වැලදෙන මහ ලෙඩේට පිලියම් ලෙස සෝලීය ගුරුන්ට දානයක් දීම යන කතාව නිරූපණය වේ.. ∆නාට්‍යමය ලක්ෂණ -

   •සංවාද භාවිතය
   •චාරිත නිරූපනය
   •අවස්තා නිරූපණය 

ඌරා යක්කම - කොහොඹා කංකාරියේ නාට්‍යමය ජාවනිකා අතර ප්‍රධාන තැනක් ගනී.උපත් කතාව අනුව රාහු ආසුරෙන්ද්‍රයා උරු වෙසක් මවාගෙන සිදු කල විනාශය මුල් කරගෙන පෙලපාලිය ආරම්භ විය.ඌරා ඇල්ලිමට විවිධ උපක්‍රම සංවාද මාර්ගයේන් ගෙන ඒම දඩමීමා ලෙසින් කොට්ටෝරු රාල සුදු රෙද්දක් පුරවා මී හරක් වෙස් මුහුණක් පැලද නිරූපණය කිරිම දුනු,ඌරු රුව ආදිය රංග භාණ්ඩ භාවිතය,වේදිකා භාවිතය,ඌරා මස් කොට කුල 18ට බෙදා දැක්විමෙ අවස්තා කවි ගායන හා සංවාද මගින් පෙන්විම.

වැදි යක්කම - වැද්දෙකු අල්ලාගෙන විත් ඔහු නාවා පිරිසිදු කොට ආහාර පාන සංග්‍රහ කරන අවස්තාවක් නිරූපණය වේ.

∆නාට්‍යමය ලක්ශණ-

   •සමාරෝපණය 
   •අනුරූපණය
   •අනුකරණය
   •සංවාද භාවිතය
"https://si.wikipedia.org/w/index.php?title=කොහොඹා_කංකාරිය&oldid=481042" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි