කොරින්ත් සටන (ක්‍රිපූ 146)

විකිපීඩියා වෙතින්

රෝමානු ජනරජය විසින් ක්‍රිපූ 146දී දියත් කරන ලද කොරින්ත් සටන නමින් හැඳින්වෙන සටනෙහි අවසන් ප්‍රතිඵලය වූයේ, අයස්කාන්ත ධන සම්භාරයක් සතුවීම නිස‍ා ඉමහත් කීර්තියට පාත්‍රව සිටි එම ග්‍රීක රාජ්‍යය සම්පූර්ණයෙන් හා මුළුමනින් විනාශ මුඛයට ගොදුරුවීමය.

රෝමන්වරු ක්‍රිපූ 146 හිදී ලූසියස් මමියස් ඇකිකස් ගේ නායකත්වය යටතේ පැමිණ කොරින්ත් වටලා එය විනාශ කර දැමූහ. නගරයට ඇතුළුවූ මමියස් සියළු පුරුෂයන් කඩුගා දැමූ අතර, නගරය ගිනි රකුසාට බිලි දීමට පෙර ස්ත්‍රීන් හා දරුවන් වහලුන් ලෙස විකිණීය. මේ සියළු දෑ ‍අගයනු වස් ඇකියානු සංගමයේ අභිභාවකයා යන අරුතැති ඇකිකස් යන විරුදනාමය ඔහු වෙත පිරිනැමිනි.

පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්නුම් කරන ආකාරයට මෙම නගරය ඉන් ඉක්බිතිව ඉතාමත් අල්ප ලෙස ජනාවාස වී ඇති අතර, තමා ඝාතනයට ලක්ව මිය පරලොව යෑමට ටික කලකට පෙර ජූලියස් සීසර් විසින් ක්‍රිපු 44 දී මෙම පුරවරය කොලෝනියා ලාවුස් ඉයුලියා කොරින්තියේන්සිස් යනුවෙන් නම් කරමින් නැවත ගොඩ නගා ඇත.

ග්‍රීසිය රෝමානු ආධිපත්‍ය්‍යට නතු වීමෙන් අනතුරුව, රෝම ඉතිහාසයට ග්‍රීක-රෝමානු යුගය නම්වූ අළුත් පරිච්ඡේදයක් එක් විය.