කොමඩු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කොමඩු කුකර්බිටේසි කුලයට අයත් වැල් ආකරයේ  සපුෂ්ප ශාකයකි. එය මුලින්ම දකුණු අප්‍රිකාවෙන් සොයාගන්නා ලද අතර කහ/සුදු මල් සහ ගොරෝසු, බූව සහිත පාක්ෂිකව බෙදුනු පත්‍ර   ඇති, විශාල වශයෙන් පොළොව මතුපිට පැතිරෙන වාර්ෂික ශාකයකි. pepo නමින් උද්භිදවිද්යාාත්මකව හදුන්වන මෙම ශාකය බෙරි වර්ගයේ ශාකයකි. මෙම පළතුර සාමාන්‍යයෙන් තද කොල පැහැති වයිරම් සහ කහ පැහැති තිත් වලින් සමන්විත ඝනකම් පොත්තකින් සෑදී ඇති අතර එය සාමාන්‍යයෙන් බොහො බීජ දරන ඉස්ම සහිත තද රතු පහැති මදයකින් සමන්විත වේ. නමුත් සමහර අවස්තා වලදී තැඹිලි, කහ හෝ සුදු පැහයන්ගෙන්ද දැකිය හැක.

එමෙන්ම රෝග ප්‍රතිරොධී ප්‍රභේද සහ බීජ රහිත මාදිලියේ සංවර්ධනයට සැලකිය යුතු ප්‍රමාණයේ පරිශ්‍රමයක් දරා ඇත.බෝග වගා ප්‍රභේද සිටුවීමෙන් දින 100ක් අතුලත ඵල ලබා ගත හැකි වේ.ඵල අමුවෙන් හෝ පිසින ලද අහාර ලෙස ආහාරයට ගත හැක.

ඉතිහාසය[සංස්කරණය]

කොමඩු , 17 වන සියවස 

මෙම කොමඩු ,කැලෑබදව වර්ධනය වූ දකුණු අප්‍රිකානු සම්භවයක් ඇති ශාකයක් සේ සැලකේ.19 වන සියවසේ දී,ඇල්ෆොන්සෙ ද කැන්ඩොල් විසින් කොමඩු නිවර්තන අප්‍රිකාවට  ආවේණික වූ ශාකයක් ලෙස හදුන්වා ඇත. වර්තමානයේ උතුරු හා බටහිර අප්‍රිකාවේදී හමු වී ඇති ,එම ප්‍රදේශයට ආවේණික Citrullus colocynthis ශාකයබොහෝ විට කොමඩු ශාකයේ මුතුන්  මිත්තන් ලෙස සැලකේ. කෙසේ වෙතත්,එය නැම්බියාවට අයත් C. ecirrhosus හි ප්‍රභේදයක්  බව නවතම පරීක්ෂණ වලදී යෝජනා කර ඇත.

නයිල් නිම්නයේ කොමඩු වගා කල බවට සාක්ෂි දෙවන සහශ්‍රකයේ  සිට සොයා ගෙන ඇත. කොමඩු බීජ දොළොස්වැනි රාජවංශය අයත් ප්‍රදෙශ වලින් සහ ඊජිප්තුයානු  පරාවකු වන Tutankhamun ගේ සොහොනෙන් සොයාගෙන ඇත.

7 වැනි සියවසේ දී, කොමඩු ඉන්දියාවේ වගා කරන ලද අතර 10වන සියවස වන විට චීනයේ වගා කිරීම ආරම්භකර ඇත.  වර්තමනයේ ලෝකයේ විශාලතම කොමඩු නිෂ්පාදකයා වශයෙන් චීනය සැලකේ. මුස්ලිම් ආක්‍රමණකරුවන් විසින් මෙම පලතුර යුරෝපයට හදුන්වාදී ඇති අතර 961 දී Córdoba වල සහ 1158 දී Seville වල මෙය වගා කල බවට සාක්ෂි ඇත.

යුරෝපීය ජනපදිකයන් සහ  අප්‍රිකානු වහලුන් විසින් නව ලොවට කොමඩු හදුන්වා දෙන ලදී.  1576 දී ස්පාඤ්ඤ පදිංචිකරුවන් විසින් එය ෆ්ලොරිඩාවේදී වගා කර ඇති අතර 1629 දී මැසචුසෙට්ස් හිදී සහ 1650 දි පේරු ,බ්‍රසීලය,පැනමා රාජ්‍යයන්ගේ මෙන්ම බ්‍රිතාන්‍යය හා ලන්දේසි යටත්විජිත වලද වගා කර ඇත.එම කාලයේදීම ඇමෙරිකානු ජාතිකයන් මිසිසිපි නිම්න, හා ෆ්ලොරිඩා වල මෙම බෝගය  වගා කර  ඇත.කොමඩු ඉතා වේගයෙන් හවායි සහ අනෙක් පැසිෆික් දූපත් විසින් වැලඳගෙන ඇති අතර ඒව කපිතාන් ජේමිස් කුක් වැනි ගවේෂකයින් විසින් ද හදුන්වා දී ඇත.

ප්‍රභේද වර්ධනය[සංස්කරණය]

උද්‍යානය විද්‍යාඥ චාල්ස් ඇන්ඩෘස් විසින් දකුණු කැලිෆෝනියා හි චාල්ස්ටන් USAD එළවළු අභිජනන විද්‍යාගරයෙදී රෝග ප්‍රතිරෝධී සහ මැලවීමට ප්‍රතිරොධී කොමඩු නිශ්පාදන කිරීමට කටයුතු කලේය.එහි ප්‍රතිපලය ලෙස 1954 දී "චාල්ස්ටන් හි අළු සහිත කොමඩු " බවට පත් වී ඇත.ඒවා ඇසිරීමට සහ ප්‍රවාහනය කිරීමට පහසු වන සේ දිගැටි හැඩයකින් හා දැඩි පොත්තකින් යුක්ත විය. එහි අනුවර්තන හැකියාව නිසා එය විශාල භූගෝලීය ප්‍රදේශයක වගා කල හැක.ඒවා ඉහළ අස්වැන්නකින් යුක්ත අතර ඇන්ත්‍රැක්ස්නොස් සහ හිටුමැරීම වැනි බොහෝ කොමඩු ආශ්‍රිත ලෙඩ රෝග වලට ඔරොත්තු දේ.

වගාවන්[සංස්කරණය]

ප්‍රධාන කොමඩු නිෂ්පාදකයින්  (2012, ටොන් වලින් )
   චීනය
70,000,000
 තුර්කිය
4,044,184
3,800,000
 බ්‍රසීලය 
2,079,547
 ඊජිප්තුව
1,874,710
 එකතුව  95,211,432
මූලශ්‍රය : UN FAOSTAT [1]

කොමඩු නිවර්තන හෝ උපනිවර්තන ශාක වන අතර එය වර්ධනය වීම සඳහා  25 °C (77 ° F) ට වඩා ඉහළ උෂ්ණත්ව අවශ්‍ය වේ .ගෙවතු වගාවෙදී බීජ, භාජන වල ආවරණය යටතේ සහ  හොදින් ජලය බැස යන PH අගය 5.5 - 7 අතර සහ නයිට්‍රජන් මට්ටම මධ්‍ය අගයක් ගන්නා වැලි තුළ වගා කරයි.ආද්‍රතා මට්ටම ඉහල අගයක පවතී නම්  කොමඩු ශාක රෝග වලට ගොදුරු වීමට පෙලඹෙති [2]

බීජ රහිත කොමඩු 

වර්ග[සංස්කරණය]

  1200ක ට අධික කොමඩු වගා ප්‍රභේද වල බර අනුව කිලෝ ග්‍රෑම් 1 සිට 90 ඩක්වා පරාසයක පවතී.එසේම එහි මදය රතු,තැඹිලි,කහ හෝ සුදු පැහයක් ගනී.[3]

කහ පැහති කොමඩු 

භාවිත[සංස්කරණය]

පෝෂ්‍ය පදාර්ථයන්[සංස්කරණය]

කොමඩු ග්‍රෑම් 100 ක ගෙඩියක් කැලරි 30ක් හා අත්‍යවශ්‍ය පෝෂක ද්‍රව්‍ය අවම ප්‍රමාණයක් සපයයි.දිනකට අවශ්‍ය විටමින් C සැලකිය යුතු  ප්‍රමාණයක් අන්තර්ගත වේ.

කොමඩු පළතුරේ 91% ක් ජලය ද 6%ක් සීනි ද අඩු මේද ප්‍රමාණයක් අන්තර්ගතවේ.

ආහාර[සංස්කරණය]

කොමඩු පොත්තද ආහාරයට සුදුසු වන අතර බොහෝ විට එහි රසය නිසා එය ආහාරයට නොගනී .කොමඩු පොතු අච්චාරු සඳහා යොදාගන්නා අතර බොහෝවිට එළවළු වක් ලෙසද යොදා ගැනී.බොහෝ විට මෙහි පොතු අච්චාරු ලෙස,බැදුමක් ලෙස හෝ ජෙලි ලෙසදකුණු ඇමරිකානුවන් විසින් ආහාරයට ගනී.

කොමඩු පොත්ත තුළ සිටෘලීන් නම් ඇමයිනෝ අම්ලය නිපදවයි.එසේම එහි මදය තුල ලයිසොපීන් ඇතුළු කැරටිනොයිඩ අඩංගු වේ.[4]

කොමඩු සහ අනෙකුත් පලතුරු ,බොරිස් කුස්ටොඩිව්ස් වෙළෙන්දාගේ බිරිඳ 

ඡායාරූප[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  1. Statistics from: Food And Agricultural Organization of United Nations: Economic And Social Department: The Statistical Division. UN Food and Agriculture Organization Corporate Statistical Database. 
  2. Brickell, Christopher (ed) (1992). The Royal Horticultural Society Encyclopedia of Gardening (Print). London: Dorling Kindersley. පි. 333. ISBN 978-0-86318-979-1. 
  3. Watermelon Variety Descriptions. Washington State University. සම්ප්‍රවේශය 2 October 2014. 
  4. Perkins-Veazie P, Collins JK, Davis AR, Roberts W (2006). "Carotenoid content of 50 watermelon cultivars". J Agric Food Chem 54 (7): 2593–7. doi:10.1021/jf052066p. PMID 16569049. 
"https://si.wikipedia.org/w/index.php?title=කොමඩු&oldid=379562" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි