කොණ්ඩුවටුවාන ජලාශය

කොණ්ඩුවටුවාන ජලාශය හෝ කොණ්ඩවට්ටවාන යනු ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන පුරාණ ජලාශයක් වේ. එය අම්පාර - ඉඟිණියාගල මාර්ගයේ අම්පාර වැවට ආසන්නව ඉදි කොට තිබේ.
ඉතිහාසය[සංස්කරණය]

පුරාවිද්‍යා පුවරුව

වල් වැදී ගිය නටඹුන්
කොණ්ඩුවටුවාන ජලාශය ක්‍රි. පූ. 1 - 3 වන සියවසේ ඉදිකරන ලද්දක් ලෙස සැළකේ.[1] ජලාශය ආශ්‍රිතව සොයාගත්, 10වන සියවසේ හතරවන දප්පුල රජුගේ සමයට අයත් ආඥාවක් දැක්වෙන ශිලා පුවරුවකට අනූව, මෙම ජලාශයේ ජලය සඳහා බදු අය කරගත් බැව් සඳහන් වේ.[2] එහි දිගාමඩුල්ලේ ඇරගම නම් වු ග්‍රාම සම්බන්ධයෙන් පනවන්නට යෙදුනු නියෝග මාලාවක් අඩංගු වේ.
නටඹුන්[සංස්කරණය]
ජලාශයට අයත් නටඹුන් අතර පැරණි ගොඩනැගිලි කොටස්, සිරිපතුල් කොටස් දැකගත හැකිවන අතර වර්ථමානයේ මෙම පුරාවිද්‍යා භූමිය, කොණ්ඩුවටුවාන හමුදා සටන් පුහුණු පාසලට අයත් සීමාව තුල පවතී.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "කොණ්ඩුවටුවාන නටඹුන් හා ජලාශය". ශ්‍රී ලංකා ට්‍රැවල්. සම්ප්‍රවේශය 28 අගෝස්තු 2015.
- ↑ "කොණ්ඩවට්ටවාන වැව සහ බෞද්ධ නටබුණ්". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 8 ජනවාරි 2016.