කොට්ටම්බා

විකිපීඩියා වෙතින්
කොට්ටම්බා
කොට්ටම්බා ගෙඩි
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
ගෝත්‍රය: Myrtales
කුලය: Combretaceae
ගණය: Terminalia
විශේෂය: T. catappa
Synonyms
  • Badamia commersonii Gaertn.
  • Buceras catappa (L.) Hitchc.
  • Catappa domestica Rumph.
  • Juglans catappa (L.) Lour.
  • Myrobalanus catappa (L.) Kuntze
  • Myrobalanus terminalia Poir.
  • Terminalia badamia DC.
  • Terminalia intermedia Bertero ex Spreng.
  • Terminalia latifolia Blanco
  • Terminalia moluccana Lam.
  • Terminalia myrobalana Roth
  • Terminalia ovatifolia Noronha
  • Terminalia paraensis Mart.
  • Terminalia procera Roxb.
  • Terminalia rubrigemmis Tul.
  • Terminalia subcordata Humb. & Bonpl. ex Willd.

කොට්ටම්බා නැමැති ශාකය Terminalia catappa යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබයි. ගිණිකොන ආසියාතික රටවලට දේශීය වූ කොට්ටම්බා ශාකය ගර්ම කලාපීය රටවල් වන පකිස්ථානය, ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල ව්‍යාප්තව ඇත. මෙම ශාකය ශ්‍රී ලංකාවට මැලේසියාවෙන් හඳුන්වා දී ඇති. කොට්ටම්බා ශාකය පත්‍ර විශාල වීම , සමාන්තර අතු විහිදීම ආදී ගති ලක්ෂණ හේතුවෙන් සෙවන ලබාදෙන ශාකයක් ලෙස හැඳින්වේ. එක ම ශාකය ගැහැණූ පිරිමි මල් හඳුනා ගත හැකිය. කොට්ටම්බා ගස ලුණු සහිත පසට ඔරොත්තු දෙන ශාකයක් වෙන හෙයින් මුහුදු වෙරළ ආශ්‍රිතව සිටුවීමට ගත හැකිය. කොට්ටම්බා ගෙඩි කුරුල්ලන් හා වවුලන්ගෙන් ව්‍යාප්ත වන අතර, ජලය පා වී ගොස් ව්‍යාප්ත වේ. කොට්ටම්බා ගෙඩි වල ඇති මදය ඉතා ප්‍රණිත ආහාරයක් ලෙස ආහාරයට ගත හැකිය. තවද ගෙඩි සහ මුල් අදිය ටැනින් සපයන අතර, මුළු ශාකයම ඖෂධීය ගුණාංගවලින් යුක්තය.

විවිධ රෝග පාලනය කරමින් දීර්ඝායුෂ ලබා දෙන්නක් සේ සැළකෙන කොට්ටම්බා විසල් කොළ සහිතව අලංකාර රටාවකට අතු විහිදෙන, ශාකයක් . උදෑසනම පිපෙන පියකරු මල් නිසා ‘පුබුදන්නා ‘ ලෙස හැඳින්වෙනවා. ආසියානු අප්‍රිකානු ඕස්ට්‍රේලියානු රටවල් ගණනාවක දක්නට ලැබෙන ශාකය ප්‍රභේද 80කින් පමණ යුක්තයි. මෙරට බටු හා පෙතන් වශයෙන් ලොකු කුඩා දෙවර්ගයක් ඇති බව සඳහන්. යුරෝපීය රටවල වටිනා ඖෂධිය ආහාරයක් සේ සැලකෙන ආමන්ඩ් ඇටවලට රුවින් ගුණයෙන් කොට්ටන් ඇට සමානවන නිසාදෝ tropical almond, ඉන්දියන් ආමන්ඩ්, මලබාර් ආමන්ඩ්, යනාදි නම්වලින් කොට්ටම්බා හඳුන්වනු ලබනවා. ඉදුණු විට රතු හා කහ පැහැති ගෙඩි දක්නට ලැබෙන අතර පොත්ත අසල ඇති මාංශල කොටස පලතුරක් සේත්, ඝන ඇටය තුළ ඇති දුඹුරු පොත්තකින් වැසුණු සුදු මදය ඇට වර්ගයක් සේත් ආහාරයට ගනු ලබනවා. ඇටයේ පොත්ත හැර බැද කුඩුකර කිතුල් පැණි හා මිශ්‍රකර අග්ගලා සකසනවා. එය බැදීමෙන් මෙන්ම පිසීමෙන්ද, ආහාරයට ගත හැකි වුවත් වඩාත් ගුණදායක වන්නේ අමුවෙන් ආහාරයට ගැනීමෙනුයි. විටමින් E බහුල B-නියැසින් ප්‍රෝටීන්, යකඩ සින්ක් මැග්නීසියම් පොටෑසියම් තන්තු අසංතෘප්ත මේද ඇමයිනෝ අම්ල ආදි පෝෂක ගණනාවකින් සපිරි කොට්ටම්බා ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිශක්තිකරණ ගුණවලින්ද පොහොසත්. එහි ඇති සෙලනියම් මැන්ගනිස් හා ෆැවනොයිඩ් සිරුරට හිතකර විශේෂ කාර්‍යයන් ඉටුකර දෙනවා.

ඖෂධීය ගුණ[සංස්කරණය]

කොට්ටම්බා, වට්ටක්කා, කජු රටකජු වැනි ඇට වර්ග ආහාරයට ගැන්මෙන් දීර්ඝායුෂ හිමිවන බව බ්‍රිතාන්‍ය ආහාර සංවිධානය කළ පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා. අමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්‍යේෂණාංශය වසර 20 ක් පුරා පුද්ගලයන් 119000 කගේ ජීවනරටා අධ්‍ය‍යනයෙන් කළ සොයා බැලීම්වල දී ද කොට්ටම්බා, ඇතුළු ඇට වර්ග ආහාරයෙන් දීර්ඝායුෂ ලැබෙන බව තහවුරුකර ගත්තා. ඒ අනුව දිනපතා ඇට මිට බැගින් හෝ ඊට වැඩියෙන් ආහාරයට ගත් අයගේ මරණ අනෙක් සාමාන්‍ය අයගේ මරණ අවස්ථාවන්ට වඩා පස් ගුණයක අඩුවීමක් පෙන්නුම් කළා. සතියකට වරක් පමණක් ඇට ආහාරයට ගත් අය ද එසේ නොගත් පිරිසට වඩා 7% කින් ජීවිත කාලය දිගු කරගත්තා. ඇට වර්ග, පිළිකා හා සටන් කළ හැකි සූක්ෂ්ම අණුක සහිත සෛලවලින් යුතු බව පර්යේෂකයන් පෙන්වා දුන්නා.

කොට්ටන් ඇට මෙන්ම ලෙල්ල සහිත ප්‍රදේශයත් පෝෂ්‍ය ගුණයෙන් සාරවත්. එය ප්‍රෝටීන්වලින් පොහොසත් .තන්තු සහිත කහට රස මිශ්‍ර ලෙල්ල ආශ්‍රිත මදය, රුධිරගත සීනි පාලනයට උපකාරිවනවා. එය ආහාර ජීර්ණ පද්ධතියටත් හිතකරයි. සම ඇස් දත් හදවත ආදී ශරීරාංග දිගුකලක් සුවපත්ව තැබීමේ හැකියාව කොට්ටන් සතුයි. දිනපතා ඇට ආහාරයට ගැන්මෙන් පිළිකා පමණක් නොව, හදවත් රෝග ද දියවැඩියාවද පාලනය වනවා. පිත්තාශයේ ගල් සෑදීම වළකිනවා. ස්ථූලතාව පාලනයවනවා. මනා රුධිර ධාවනයක් සිදුවන අතර කොලෙස්ටරෝල් මට්ටම පාලනය වනවා. ආඝාත අවදානමද අවමවනවා. කොට්ටන් සම රැක දෙන අතර චර්ම රෝග, ආසාදන, කුරුළෑ ලප කැළැල් දුරු කර පැහැපත් කර දෙනවා. කොට්ටන් ඇට හා අමු රෝස කැකුළු එළකිරෙන් අඹරා ගෑමෙන් සම පිරිසිදුවී සමේ වියළි බව දුරුවී පැහැපත් වන බව දේශීය වෛද්‍ය ලේඛන වල සඳහන්. ඇස්වල සුද ඇතිවීම, කල් දැමීමටත්, විවිධ ඇස් රෝග වළක්වාලීමටත් කොට්ටන්වලට හැකියි. එය දත් හා අස්ථි ද ශක්තිමත් කර දෙන්නක් වන අතර ඔස්ටියෝ පොරෝසිස් රෝග අවදානම අඩුකිරීමට දායකවනවා. හිසකෙස් වැටීම අඩුකර වර්ධනය කර දෙනවා.

කොට්ටන් බැක්ටීරියා නාශක ගුණයෙන් ද යුක්තයි. එය අජීර්ණ පළවා හරින්නක්. ප්‍රති ප්‍රදාහ ගුණ සහිත එය සන්ධි ආබාධවලට එරෙහිවද ප්‍රතිචාර දක්වන්නක්. ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට කොට්ටන් උපකාරිවනවා. එය මොළය වියපත්වීම, පමාකරමින් මතක වර්ධනය කර දෙනවා. වියපත් වීමේ දී ඇතිවන වෙව්ළිම් අසමතුලිතතා ආදිය පාලනය කිරීමට ද උපකාරිවනවා. දිනපතා තේපානයේදී එක්කරගන්නා රස කැවිලි වෙනුවට කොට්ටන් ඇට ග්‍රෑම් 30ක් පමණ එක්කරගත හැක්කේ නම් එය ශරීර සෞඛ්‍යයට ඉතා හිතකරවෙනවා.

මූලාශ්‍ර[සංස්කරණය]

  • IUCN>Thomson, L. & Evans, B. (2019). "Terminalia catappa". IUCN Red List of Threatened Species. 2019: e.T61989853A61989855. සම්ප්‍රවේශය 4 March 2020.
  • "The Plant List: A Working List of All Plant Species".
  • GRIN>"Terminalia catappa L.", Germplasm Resources Information Network (GRIN) (Agricultural Research Service (ARS), United States Department of Agriculture (USDA)), https://npgsweb.ars-grin.gov/gringlobal/taxonomydetail.aspx?36334, ප්‍රතිෂ්ඨාපනය 3 July 2016 
  • Hynnersley, C.W.S. (1913). Noctes orientales. Being a selection of essays read before the Straits Philosophical Society between years 1893 and 1910 (Criticism). Singapore. Kelly and Walsh. p. 183.{{cite book}}: CS1 maint: location missing publisher (link)
  • Stuhlmann, Franz (1909). Deutsch Ost Afrika. Band X. Beitrage zu Naturgeschichte von Ostafrika. Berlin: Dietrich Reimer. p. 122.
"https://si.wikipedia.org/w/index.php?title=කොට්ටම්බා&oldid=532118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි