කොටස් වෙළඳපල බිඳ වැටීම

විකිපීඩියා වෙතින්

කොටස් වෙළඳපල බිඳ වැටීම

ධනවාදයේ අවසානය කොටස් වෙළඳපල කෙරෙහි අවධානය යොමු කරන විට න්‍යායාත්මකව විග්‍රහ කිරීමේ දී කොටසක ඉපයීමේ හැකියාව,කොටසක වෙළඳපල මිල හා ආයෝජනයේ විශ්වාස මට්ටම මත රඳා පවතින බව පොදුවේ පිළිගන්නා කරුණකි.මූල්‍ය අර්බුදය හේතු වෙන් ආයෝජකයන්ට ආයෝජන පිළිබඳ විශ්වාසය පහල වැටුණු අතර තම තැන්පතු ආපසු ලබා ගැනීම හේතුවෙන් කොටස් වෙළඳපල බිඳ වැටුණි.උදාහරණයක් වශයෙන් නදර්න් රොක් සමාගමේ තත්‍වය දැක්විය හැක.මෙම සමාගම බ්‍රිතාන්‍ය බැංකු වලින් ණය මුදලක් ලබා ගැනීමට යාම නිසා තැන්පත් කරුවන් සැක කලේ ඔවුන් බංකොලොත්බාවයට පත්ව ඇති බවයි.එම නිසා ඔවුන් තමන්ගේ තැන්පතු ඉවත් කර ගත් අතර කොටස් මිල පහල යාමට එය හේතු විය.බෙයාර් ස්ටීමන් සමාගමේ අවුරුද්දකට පෙර කොටසක මිල ඩොලර් 150කි.මූල්‍ය අර්බුදයේ බලපෑම හේතුවෙන් එය ඩොලර් 2 දක්වා පහත වැටුණි. විනිමය වෙළඳපල බිඳ වැටීම විනිමය වෙළඳපල තත්‍වය විග්‍රහ කිරීමේ දී විදේශ විනිමය අවප්‍රමාණය වීම ප්‍රධාන සාධකයක් ලෙස සැලකිය හැකිය.නමුත් විනිමය අවප්‍රමාණය වීම ඩොලරයට සාපේක්‍ෂව සළකන විට අනෙකුත් රටවල විශාල වශයෙන් සිදුවී ඇත.උදාහරණයක් ලෙස ඩොලරයට වඩා යුරෝ,ස්ටාර්ලින්,පවුම් වැනි මුදල් වල අවප්‍රමාණය වීම දැක්විය හැකිය.මෙයට ප්‍රධාන හේතුව ලෙස ආර්ථික විද්‍යාඥයින් දක්වන්නේ ඩොලරය ප්‍රධාන ගණුදෙනු මාධ්‍යයක් ලෙස ලොව පුරා පිළිගැනීමට ලක් වී තිබීමයි.අනෙක් අතට යුරෝපීය රටවල මුදල් විශාල වශයෙන් අවප්‍රමාණය වී තිබෙන්නේ එම රටවල ‍ගෙවුම් ශේෂය ප්‍රාග්ධන ගිණුම මත විශාල වශයෙන් රඳා පැවතීමයි.ආයෝජන ගලා ඒම මත ප්‍රාග්ධන ගිණුමේ ශේෂය තීරණය වීමත් ඒ මත විනිමය අනුපාතය තීරණය වීමත් මෙයට ප්‍රධාන හේතුවයි. තුන්වන ලෝකයට වන බලපෑම කෙසේ වුවද වර්තමානය වන විට මෙම ලෝක ආර්ථික අර්බුදය දියුණු රටවලට මෙන්ම තුන්වන ලෝකයේ රටවලටද ව්‍යාප්ත වී ඇත.විශේෂයෙන්ම මෙම රටවල කෘෂි අපනයන,ඇඟළුම්,සංචාරක වැනි ‍ක්‍ෂෙත්‍ර දැඩි අර්බුදයකට ලක්වෙමින් පවතී.ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඛනිජ තෙල් මිල පහළ යාම ඇතැම් විට වාසි සහගතය.නමුත් මෙම තත්‍වය ගල්ෆ් කලාපයේ රටවල ආදායම අඩු වීමට ‍හේතු වන බැවින් තුන්වන ලෝකයේ රටවල ශ්‍රම අපනයනට එය අහිතකර ලෙස බලපානු ඇත.එමෙන්ම විදේශ ආයෝජන,ණය ආධාර සම්බන්ධයෙන්ද දියුණු වෙමින් පවතින රටවලට අහිතකර තත්‍වයක් ඇති කරයි.