කේරලයෙහි පතිත රතු වැස්ස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
වැසි ජලය නියැදිය (වමෙහි) සහ අංශුන් තැන්පත්වූ පසු (දකුණේ). වියලි අවසාදිතය (මැද).
මල නොබැඳෙන වානේ බඳුන් වල එකතු කළ වැසි ජලය

කේරලයෙහි පතිත රතු වැස්ස සංසිද්ධිය යනු, 2001 ජූලි 25 දින සිට සැප්තැම්බර් 23 දක්වා, දකුණු ඉන්දියාවෙහි, කේරල ප්‍රාන්තයෙහි, රෙදි රෝස පැහැ ගැන්වීම සිදු කරමින්, විකීර්ණ ලෙසින් (විටින් විට) රතු පැහැති ධාරානිපාත වැස්සක් පතිත වීමේ, රතු වැස්ස සිද්ධියකි. [1] කහ, කොළ, සහ කළු වැස්සද වාර්තා වී තිබුණි. [2][3] [4]1896දී පවා කේරලයේ වර්ණවත් වැසි වාර්තාවී, එයින් පසු බොහෝ වතාවක් වාර්තාවී තිබුණු අතර,[5] වඩාත් මෑතදී වාර්තාවී තිබුණේ 2012 ජූනි මාසයේදීය. [6][7]

ආලෝක අන්වීක්ෂ පරික්ෂණයකින් අනතුරුව, මුලින්ම අනුමාන කළේ වැස්ස වර්ණවත් වූයේ කල්පිත උල්කා පිපුරුම් නිසා බව වුවද,[5] ඉන්දියානු රජය විසින් අධිකාරි ලත් අධ්‍යයනයකින් අනතුරුව නිගමනයට එළඹියේ, වැස්ස වර්ණවත් වී ඇත්තේ ප්‍රාදේශීය බහුප්‍රජ භෞමික ඇල්ගී විශේෂයකින් වාතවාහීවූ බීජාණු නිසා බවයි. [5]

මුලදී අවධානයට පාත්‍ර නොවූ කේරල වර්ණවත් වැසි, 2006 මුල් භාගයේදී පුළුල් අවධානයට ලක්වූයේ, වර්ණවත් අංශූන්, පාරභෞමික සෛල බවට ආන්දෝලනාත්මක තර්කයක්, කෝටයම්හී, මහත්මා ගාන්ධි විශ්වවිද්‍යාලයෙහි, ගොඩ්ෆ්‍රි ලුවිස් සහ සන්තෝශ් කුමාර් විසින් යෝජනා කර ඇති බව, ජන මාධ්‍ය විසින් වාර්තා කිරීමත් හා සමගය. [3][8] [9] 2012, නොවැම්බර් 15 සිට 2012, දෙසැම්බර් 27 දින දක්වා විටින් විට, ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලින්ද රතු වැසි වාර්තා වී ඇති අතර,[10] එහි ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයෙහි විද්‍යාඥයින් විසින් ඒවායේ හේතුව නිර්ණය කිරීමට පරික්ෂණ කරමින් සිටිති. [11][12][13]

සිදුවීම[සංස්කරණය කරන්න]

වඩාත් තීව්‍ර රතු වැසි පතනය ලද, කේරලයෙහි, කෝටයම් දිස්ත්‍රික්කය

2001, ජූලි 25 දිනදී, කේරල වර්ණ වැසි පතනය වීම ඇරඹුනේ, ප්‍රාන්තයේ දකුණු කොටසෙහි කෝටයම් සහ ඉඩුක්කී දිස්ත්‍රික්ක වලිනි. කහ, කොළ, සහ කළු වැසිද වාර්තා විය. [2][3][4] ඊළඟ දින දහය තුලදී, රතු වැසි පතනය වීම් තවත් බොහෝමයක් වාර්තාවූ අතර, එම පකනයන්ගේ වාර ගණන සැප්තැම්බර අග වන විට හීනවී ගියේය. [3] ස්වදේශිකයන් පවසන පරිදී, පළමු වර්ණවත් වැස්සට පෙරාතුව ඝෝෂාකාරී හෙණ ගැසීම් හා විදුලි කෙටීම් පැවතුනු අතර, එයින් අනතුරුව වෘක්ෂ ගොමු වලින් රැළිවැටිනු "පිළිස්සුනු" අළු පැහැති කොළ ඇද හැලෙමින් පැවතිනි. රැළිවැටිනු කොළ සහ හදිසියේ අතුරුදහන් වන හා යළි මතුවන ළිං මේ කාලයේදී මෙම ප්‍රදේශයෙන් වාර්තා විය. . [14] [15] [16] එය දර්ශීය වශයෙන්, වර්ග කිලෝමීටර කිහිපයකට වඩා විශාල නොවූ, කුඩා ප්‍රදේශයන් පුරාවට පතනය වූ අතර, සමහරවිට එය කෙතරම් ස්ථානීය වූයේද යත්, රතු වැස්සට මීටරකිහිපයකට ඔබ්බෙන් සාමාන්‍ය වැස්ස පතනය විය. රතු වැසි පතනයන් දර්ශීය වශයෙන් පැවතියේ විනාඩි 20 කට අඩු වේලාවකි. [3] වැසි ජලය එක් එක් මිලි ලීටරයක් තුල රතු අංශූන් මිලියන 9 ක් පමණ අඩංගු වූ අතර, වැසි ජලය එක් එක් ලීටරය තුල දළ වශයෙන්, ඝන ද්‍රව්‍යය මිලි ග්‍රෑම් 100 ක් අඩංගු විය. පතනය වූයේ යැයි ඇස්තමේන්තු ගත කළ මුළු රතු වැසි ප්‍රමාණය මතට මෙම අගයයන් බහිර්නිවේශනය කිරීම තුලින්, කේරලය මත පතිතවූ රතු අංශු ප්‍රමාණය 50 000 කිග්‍රෑ[convert: unknown unit] යැයි නිමානය කොට ඇත.[3]

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

  1. ජෙන්ට්ල්මන්, ඇමිලියා; රොබින් මැකී (2006-03-05). "රෙඩ් රේන් කුඩ් හෑව් පෲව් දැට් ඒලියන්ස් හෑව් ලෑන්ඩඩ්". ලන්ඩනය: ගාර්ඩියන් අන්ලිමිටඩ්. http://observer.guardian.co.uk/world/story/0,,1723913,00.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය මාර්තු 12, 2006. 
  2. 2.0 2.1 ජූලි 28, 2001, ද හින්දු: මල්ටිකලර් රේන්
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 ලුවිස්, ජී.; කුමාර් ඒ.එස්. (2006). "ද රෙඩ් රේන් ෆිනෝමිනන් ඔෆ් කේරල ඇන්ඩ් ඉට්ස් පොසිබල් එක්ස්ට්‍රාටෙරෙස්ට්‍රියල් ඔරිජින්". ඇස්ට්‍රොෆිසික්ස් ඇන්ඩ් ස්පේස් සයන්ස් 302: 175. doi:10.1007/s10509-005-9025-4. 
  4. 4.0 4.1 රාමක්‍රිෂ්නන්, වෙන්කිටේශ් (2001-07-30). "කලර්ඩ් රේන් ෆෝල්ස් ඔන් කේරල". BBC. http://news.bbc.co.uk/1/hi/world/south_asia/1465036.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය මාර්තු 6, 2006. 
  5. 5.0 5.1 5.2 සම්පත්, එස්.; ඒබ්‍රහම්, ටී. කේ., සසි කුමාර්, වී., හා මොහනන්, සී.එන්. (2001). "කලර්ඩ් රේන්: අ රිපෝට් ඔන් ද ෆිනෝමිනන්" (PDF). Cess-Pr-114-2001 (සෙන්ටර් ෆෝ අර්ත් සයන්ස් ස්ටඩීස් ඇන්ඩ් ට්‍රොපිකල් බොටැනික් ගාර්ඩ්න් ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිට්‍යුට්). Archived from the original on ජූනි 13, 2006. http://web.archive.org/web/20060613135746/http://www.geocities.com/iamgoddard/Sampath2001.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය අගෝස්තු 30, 2009. 
  6. රෙඩ් රේන් ඉන් ඉන්ඩියා මේ හෑව් ඒලියන් ඔරිජින්, ආර්ෂ්ඩීප් සාරාඕ විසින්, එපොක් ටයිම්ස් 6 අගෝස්තු 2012
  7. "මෝනිං ෂවර් පේන්ට්ස් රූරල් කන්නූර් රෙඩ්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. ජූනි 29, 2012. http://articles.timesofindia.indiatimes.com/2012-06-29/kozhikode/32472196_1_kannur-red-rain-rainwater. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-07-20. 
  8. පැන්ස්පර්මියා තියරිස්ට්ස් සේ ඉන්ඩියාස් රෙඩ් රේන් කන්ටේන්ස් ලයිෆ් නොට් සීන් ඔන් අර්ත්. ෆාර්කුවාර්, එස්. 3 සැප්තැම්බර් 2010
  9. රාජ්කුමාර් ගංගප්පා; චන්ද්‍රා වික්‍රමසිංහ; මිල්ටන් වේන්රයිට්; සන්තෝශ් කුමාර්; ගොඩ්ෆ්‍රි ලුවිස් (2010). "ග්‍රෝත් ඇන්ඩ් රිප්ලිකේෂන් ඔෆ් රෙඩ් රේන් සෙල්ස් ඇට් 121°C ඇන්ඩ් දෙයාර් රෙඩ් ෆ්ලොරසන්ස්". arXiv:1008.4960 [astro-ph.CO]. 
  10. රෙඩ් රේන් ඉන් ශ්‍රී ලංකා ඉන් 2012 [1]
  11. http://www.colombopage.com/archive_12B/Nov16_1353054110CH.php
  12. http://www.dailynews.lk/2012/11/17/news14.asp
  13. චන්ද්‍රා වික්‍රමසිංහ පවසන්නේ, කහ වැසි යනු, ඒවායේ වර්ධනයට පෙරාතුව රතු වැසි බවයි [2]
  14. රාධක්‍රිෂ්නන්, එම්. ජී. (2001). ස්කාර්ලට්ස් ඔෆ් ෆයර්. ඉන්ඩියා ටුඩේ. Archived from the original on දෙසැම්බර් 26, 2004. Retrieved මාර්තු 6, 2006.  Check date values in: |archivedate= (help)
  15. මිස්ට්‍රි ඔෆ් ද ස්කාර්ලට් රේන්ස් ඇන්ඩ් අදර් ටේල්ස්ටයිම්ස් ඔෆ් ඉන්ඩියා, 6 අගෝස්තු 2001
  16. නවු වේලස් ෆෝම් ස්පොන්ටේනියස්ලි ඉන් කේරලටයිම්ස් ඔෆ් ඉන්ඩියා, 5 අගෝස්තු 2001 ( අන්තර්ජාල ලේඛනාගාරය වෙතින්)