කේන්ද්‍රික ප්‍රවණතාව

විකිපීඩියා වෙතින්

සංඛ්‍යායනයෙහි, කේන්ද්‍රික ප්‍රවණතාව යන පදය වෙතින් අදහස් වන්නේ ප්‍රමාණාත්මක දත්ත කිසියම් අගයක් වටා රොක් වීමට නැඹුරු වීමේ ආකාරයයි.[1] මෙම "කේන්ද්‍රිය අගය" විස්තර කිරීමේ ක්‍රම කිහිපයෙන් ඕනෑම එකක් කේන්ද්‍රික ප්‍රවණතාවයෙහි මිම්මක් වන්නේය. ප්‍රායෝගික සංඛ්‍යායන විශ්ලේෂණයෙහිදී, යමෙකු විශ්ලේෂණයෙහි ප්‍රාරම්භක ආකාරයක් තෝරාගැනීමට හෝ පෙර මෙම පද බොහෝ විට භාවිතා වෙති: මෙලෙසින්, "කේන්ද්‍රික ප්‍රවණතාවයෙහි සුදුසු මිම්මක් තෝරාගැනීම " ප්‍රාරම්භ අරමුණක් විය හැක.

සරලතම උදාහරණයන්හිදී, කේන්ද්‍රික ප්‍රවණතාවයෙහි මිම්ම වන්නේ මිනුම් කට්ටලයක සාමාන්‍යය වන අතර, සාමාන්‍යය යන පදය, සන්දර්භය ප්‍රකාර, මධ්‍යයනය, මධ්‍යස්ථය හෝ නිවේෂණයෙහි වෙනයම් මිම්මක් ලෙසින් විවිධ ආකාරයෙන් සම්ප්‍රයෝජනය කෙරෙයි. සාමාන්‍ය අගය ගණනය කරනු ලබන්නේ මිනිසුන් සමූහයක් හෝ වස්තු සමුහයක් පාදක කොට ලබාගන්නා දත්තයන් එකතු කොට එම අගය අදාල වස්තු හෝ මිනිසුන් අගයෙන් බෙදීමෙනි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. ඩොජ්, වයි. (2003) දි ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඔෆ් ස්ටැටිස්ටිකල් ටර්ම්ස්, OUP. ISBN 0-19-920613-9
"https://si.wikipedia.org/w/index.php?title=කේන්ද්‍රික_ප්‍රවණතාව&oldid=535835" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි