කේතුමති කාන්තා රෝහල පානදුර

විකිපීඩියා වෙතින්

පිහිටීම[සංස්කරණය]

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගරය තුළ පිහිටා ඇත.

ඉතිහාසය[සංස්කරණය]

1923 වසරේදී ඉදිකරන ලද කේතුමති මන්දිරය පොන්නහැන්දිගේ චාල්ස් හෙන්රි දියෙස් හා වරුෂ හැන්දිගේ ඇන්ජලා ඇලන් ප්‍රනාන්දු දෙපළට අයත් වුවකි.දෙල්දූ‍වේ ඥනරතන හිමියන් විසින් සාදන ලද නැකත් අනුව මෙහි ඉදිකිරීමේ කටයුතු සිදුවිය.කොටස් 99යුත් සුවිසල් මන්දිරයක් වු මෙහි කාමර 32ක් අන්තර්ගත විය.මෙහි සේවය සඳහා සේවකයින් 12ක් එකළ සේවයේ නිරත විය.1931 වසරේදී දියෙස් මැතිතුමා අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව සුවිසල් කේතුමති මන්දිරය නඩත්තු කිරීම අසීරු වු නිසා තම මරණයෙන් පසුව කේතුමතිය රෝහලක් ඉදි කිරීම සඳහා රජයට බාර දීම ඇලන් ප්‍රනාන්දු මහත්මියගේ කැමැත්ත විය.1967 වසරේදී ඇලන් ප්‍රනාන්දු මහත්මිය අභාවප්‍රාප්ත වීමෙන් වසර 5කට පසුව මෙම මන්දිරය රජයට පවරා දෙන ලදී.වසර කිහිපයක් යනතුරුම එය කිසිදු කටයුත්තක් සඳහා භාවිතා නොවීය.එහෙත් 1977 ශ්‍රී ලංකාවේ 8වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පානදුර නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වු දොස්තර නෙවිල් ආතර් ප්‍රනාන්දු මහතා තම ඡන්ද පොරොන්දුව සඵල කරමින් 1979 ඔක්තෝබර් 17 ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනයන්ගේ හා අගමැති රණසිංහ ප්‍රේමදාසයන්ගේ ප්‍රධානත්වයෙන් කේතුමති කාන්තා රෝහල විවෘත කෙරිණි.

වර්තමානය[සංස්කරණය]

ප්‍රදේශයේ විසු දානපතියන්ගේ නොමඳ අනුග්‍රහය ලත් කේතුමතිය දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් විය.රෝහලට තව තවත් අංගෝපාංග රැසක් එක්විය.එතැන් පටන් කේතුමතිය මාතෘ රෝහලක් ලෙසින් කටයුතු කරන්නට විය.අද වන විට ඇඳන් 52කින් යුත් කේතුමතිය වසරකට ළදරු උපත් 400-450 අතර දැයට දායාද කිරීමට සමත්ය.1980 සිට 2012 දක්වා වු කාල පරාසය තුළ ළදරු උපත් 172,800ක් පමණ පිරිසක් දැයට දායාද කළ ‍කේතුමති කාන්තා රෝහල කළුතර දිස්ත්‍රික්කයේ එකම කාන්තා රෝහල ලෙසින් දැයට ඉටුකරන මෙහෙය අතිමහත්ය.