කෘෂි ව්‍යාපාර

විකිපීඩියා වෙතින්

ඒකපුද්ගල කෘෂි කාර්මික ගොවිපලක් මුහුණපාන ප්‍රධාන ගැටළු හා අභියෝග[සංස්කරණය]

  • සංකලිත ගොවිපල පද්ධති
  • භෝග පරම්පරාව
  • ජලය භාවිතයේ කාර්යක්ෂමතාවය
  • පෝෂක පරික්ෂාව
  • පලිබෝධක ප්‍රතිරෝධය
  • මූල්‍යය උපකරණ (ඉදිරි ගනුදෙනු සහ විකල්ප)
  • සිය ගොවිපළ පිළිබඳව දත්ත එකතු කිරීම හා තේරුම් ගැනීම
  • තම නිපැයුම් පිළිබඳව දැනීම
  • තම වෙළෙඳ පොළ පිළිබඳව දැනීම
  • ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම
  • පිළිගත හැකි ලාභයක් සුරැකීම
  • සේවා-ණය අගය
  • ගොවිපළෙන් පිටත ආදායම් ලැබීමේ හා පරිශීලනය කිරීමේ හැකියාව
  • යාන්ත්‍රික හා භාරකාරත්ව ආයෝජන කළමනාකරණය


සංකලිත ගොවිපළ ක්‍රමය[සංස්කරණය]

සංකලිත බහු-පෝෂි ජලරෝපණ හා ශුණ්‍ය අපද්‍රව්‍ය කෘෂිකර්මාන්තය යන ලිපිද බලන්න.


සංකලිත ගොවිපළ ක්‍රමය යනු ප්‍රගාමි ජෛවවිද්‍යාත්මකව සංකලිත ද්‍රව්‍ය නොනැසී පවත්නා සංකලිත කෘෂිකර්මාන්ත වේ. උදාරහණ : බහුපෝෂි ජලරෝපණය හා ශුණ්‍ය අපද්‍රව්‍ය කෘෂිකර්මාන්තය. ඒවා ක්‍රියාත්මක කිරීමට නම් විවිධ ශාක කුල අතර අන්තර් ක්‍රියාව පිළිබඳ නිවැරදි ගණනයක් අවශ්‍ය වේ. නොනැසී පැවතීම හා වැඩිවන වාසිදායකතාවය මෙම ක්‍රියාවල ප්‍රතිලාභ වේ.


මෙම සංකලිත අංග :


1. වසංගත හා පලිබෝධක වලට අවශ්‍ය වන රේණු - මධු සම්පත් වැඩිකිරීමට පීදෙන ශාක කෘෂිකාර්මික පරිසර පද්ධති වලට අභප්‍රායිකව හඳුන්වා දීම.

2. අල වල සිහින් පණුවන් මර්ධනයට බෝග මාරු හා ආවරණ භෝග භාවිතය.

මෙම චන්ද්‍රිකා ඡායාරූපයෙන් 2001 වසරේ ජුනි අග ඇමරිකාවේ කැන්සාස් (Kansas) ප්‍රාන්තයේ හැස්කල් ග්‍රාමයේ වු වක්‍රාකාර බෝග වගාවක් දක්නට ලැබේ.

නීරෝගිව වැඩෙන බෝගයන් කොළ පැහැ වේ. ඉරිඟු ඒ වන විට පත්‍ර සහිත කඳන් බවට පත් වෙමින් පැවතින. සෝගම් (Sorgham) බෝගය (ඉරිඟු වලට සමාන බෝගයකි) වැඩෙන්නේ සෙමින් බැවින් එහි පැහැය අඩුය. තිරිඟු බෝගයේ අස්වැන්න ජුනි මස ලැබෙන නිසා එය විශිෂ්ඨ රත්රන් වර්ණයකින් ඇත. දුඹුරු පැහැයෙන් ඇත්තේ මෑතකදී අස්වැන්න නෙලා ගෙන සීසාන ලද ප්‍රදේශ හෝ පුරන් වු බිම් ප්‍රදේශ විය හැක. බෝග වාරිමාර්ග වලට හා පැල වාරිමාර්ග වලට ජලය ඵලදායව භාවිතා කිරීම යනු මේ සම්බන්ධව ඇති වඩාත් පොදු හා පැරණිතම ක්‍රමය වේ. සෝදා පාළුවෙන් හා වාෂ්පිකරණයෙන් වන හානිය අවම කිරීමය. වාෂ්පිකරණ තැටියක් භාවිතාකර යම් භූමියකට වාරිමාර්ග කටයුතු වලට අවශ්‍ය ජල පරිමාව දැන ගත හැක. Food Irigation යනු මේ සම්බන්ධව ඇති වඩාත් පොදු හා පැරණිම ක්‍රමය වේ. මෙය ජලය බෙදා හැරීමේදී ඒකාකාරී බවක් නොදක්වන ක්‍රමයක් වන්නේ වගා බිමේ සෑම කොටසකටම ජලය ගෙන යාමේදී සමහර කොටස් වලට අතිරික්ත ජලපරිමාවක් දරාගත යුතුවන නිසාය. උසස් වාරිමාර්ග ක්‍රමය (Ouerhead irriation) මධ්‍ය පිවට්ටුව (Ceuter Pivot) හෝ පාරිශිකව චලනය වන ජල මල් භාවිතා කරයි. මෙමගින් වඩාත් ඒකාකාරී වු තුලන් පාලනය කරන ලද ජලය බෙදා හැරීමක් ලබාදෙන නමුත් ඉතා වියළි ප්‍රදේශ වල ජලය බිමට පතිති වීමටත් පෙර වාශ්පවී යාමේ අවධානම් පවතී. බිංදු වාර්මාර්ග ක්‍රමය මෙම ක්‍රමය අතුරින් ශාක වල මුල් වලට ජලය සැපයීමේ හානි අවම තන ක්‍රමය වුවත් ඒ මිල අධිකතම ක්‍රමය වීම නිසා එය අඩුවෙන්ම භාවිතා කරන ක්‍රමයද වේ.


වාරිමාර්ග පද්ධති වෙනස් කිරීම විශාල ‍වියදමක් යන හෙයින් සංරක්ෂණය ක්‍රියා වල අවධානය යොමු වී ඇත්තේ පවතින පද්ධතියෙන් ඵලදායිතාව වැඩි කිරීමටය. මෙයට අදාළ වන්නේ නඟුලෙන් සංයුක්ත පස් හැරීමත්, වක්‍ර වේලි නිර්මාණයත්, පාංශු තෙතමනයට හා වර්ෂාපතනයට සංවේදී බෝග චක්‍රීය කරණය හා බෝග අනුක්‍රමිකව සිට වීම වෙනස් වර්ගල වල බෝග එකම භූමියක් තුළ වෙනස් කාල වලදී සිටු වීමට යොදා ගත හැක. එමගින් ලැබෙන වාසි අතර රෝග කාරක ඇති වීම හා එක බෝගයකට හුරුවු කෘමින් ඇතිවීම වැළැක්වීම දැක්විය හැක. බෝග චක්‍රීය කරණයෙන් පසේ ඇති පෝෂක අධි භාවිතය අවම කර විවිධ වර්ගයේ බෝග වලට අවශ්‍ය පෝෂක සමතුලිතයක් පවත්වා ගනී. බෝග චක්‍රීය කරනයෙහි සාම්ප්‍රදායික අංගයක් වන්නේ හරිත පොහොර යොදා නයිට්‍රජන් පසට එක් කරමින් අනුක්‍රමිකව දාන්‍ය හා වෙනත් වගා වගා කිරීමය. එය බහු වගා ක්‍රමයේ එක් අංගයකි. බෝග චක්‍රීය කරණයේ පස් ව්‍යුහය සහ සරුබව ඇති කිරීම ද කළ හැක. එය කිරීමට ගැඹුරටම මුල් බසින ශාක හා එසේ නොවන ශාක ප්‍රත්‍යාවර්ථව වගා කිරීම කළ හැක.


ජලය ඵලදායීව භාවිතා කිරීම[සංස්කරණය]

බෝග වාරිමාර්ග, ලෝක පිරිසිදු ජල පරිභෝජනයේ 70% ට වග කියයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රය බොහෝ රටවල ආර්ථිකයට හා දේශපාලනයට ඉතා වැදගත් වේ. මේ නිසා ජල ආධාර බොහෝ සෙයින් පොදුය. සංරක්ෂණ නීති වේදීන් සියළු ජල පිහිටාධාර නවතා ලන ලෙස බලපෑම් කරන්නේ ගොවීන්ට ජල ඵලදායිතාව වැඩිවගාවන්ට යොමු වීමට හා නාස්ති කාර වාරිමාර්ග ක්‍රම ඉවත ලෑමටය. සංවේදක භාවිතා කර උපරිම ප්‍රයෝජනය ගත හැකි පරිදි වාරිමාර්ග කාල සටහන සැකසීමය. ජලධාරකය කළමණාකාරි නැවත පිරවිය හැකි වලවල් භාවිතා කර වැහි වතුර හා සොදා යන ජලය රැස්කර එමගින් ජලය සම්පාදනය ඇතුළත් වේ. මෙමගින් ජල ලී නිර්මාණය ආදියට උදව් වේ. එමෙන්ම මෙය ගලා යන ජලායෙන් වන පාංශු ඛාදනය ක්‍රමයෙන් වළකයි.


පෝෂක ගණනය[සංස්කරණය]

පෝෂණ ගණනයෙන් ගොවීන්ට පෝෂණය සදහා වැය වන මුදල අඩු කිරීමට මෙන්ම සිදු වන පරිසර දුෂණය අවම කිරීමට උදව් දේ. සෑම විටම අඩු පෝෂයක පද්ධතියට එකතු වන නිසා පෝෂක සිටු වීමෙන් වන දුෂණය අඩු වේ. දශක ගණනාවක් තිස්සේ ම පෝෂක ගණනය කරන ක්‍රම වේදයන් භාවිතා කිරීම හා අධ්‍යයනය කිරීම රටවල් ගණනාවකම සිදු විය. නමුත් වර්ථමානයේ පෝෂක අයවැයක් සකස් කිරීමේ සම්මත ක්‍රමවේදයක් හෝ පෝෂක ඵලදායිතාවය මැනීමට අවශ්‍ය පිළිගත හැකි මිනුම් දඬු නොපවතී. නමුත් එවැනි පෝෂක අයවැයක් සකස් කිරීම මගින් පෝෂක මගින් වන ජල හා වායු දුෂණය අවම කිරීමට බලාපොරොත්තු වේ. එනම් කාබනික පොහොර හා අනෙකුත් පොහොර භාවිතය සුදුසුම කළමණාකාරීත්වයක් මගින් පරිසරයට දරා ගත හැකි මට්ටමට ගොවිපල පද්ධති ගෙන ඒම අපේක්ෂිතය.


වල්නාශක ප්‍රතිරෝධය[සංස්කරණය]

ක්‍රමවත් වල් පැලෑටි වර්ධනය විශාල පරිමාණයේ කෘෂිකාර්මික වගාවකට සාමාන්‍යයෙන් අවශ්‍ය වේ. මෙය සාමාන්‍යයෙන් දියරමය වල්නාශක ඉසින යන්ත්‍ර මගින් සිදු කෙරේ. වල් නාශකයක ක්‍රියාව වන්නේ බෝගයට අවම හානියක් වන පරිදි වල් නාශකයට සුවිශේෂි වු වල් පැලෑටිය නැසීමය. මේවා වල් පැලෑටි වල වර්ධනය නවතා දමන්නේ වල් පැලෑටි වල හොමෝන පදනම් කර ගෙනය. වල් නාශක වලට ප්‍රතිරෝධී තත්ත්වයට වල් පැලෑටි පත් වු විට වල් නාශක භාවිතය අපහසුය. එම නිසා එයට විසදුම් ලෙස

  • වෙනත් වර්ගයක වල් නාශකයක් භාවිතය
  • වෙනත් බෝගයක් භාවිතය. (උදා - ජනමය වශයෙන් වල් නාශක වලට ඔරොත්තු දෙන නමුත් - මෙමගින් ද වල් පැලෑටිය හරස් ජාන හුවමාරුව හරහා වල් නාශක වලට ඔරෝත්තු දෙන සේ වෙනස් විය හැක.)
  • සී සෑම
  • ප්ලාස්ටික් හෝ කොළ රොඩු යොදා භූමිය ආවරණය
  • ශ්‍රමය යොදා අතේ වල්පැල ගැලවීම.

බෝග රටා[සංස්කරණය]

නිරෝගී ශාක කොළ පැහැතිය. නිසි පෝෂණය නොලද ඉරිඟු ශාකවල කොළ සහිත වෘක්ත බවට පත්වේ. තිරිඟු වලට සමාන පෙනුමක් ඇති බඩ ඉරිඟු ඊට වඩා අඩු වේගයකින් හා අඩු උසකට වැඩේ. මේ නිසා එය සුදු මැලි ගතියක් පෙන්වයි. තිරිඟු අස්වනු නෙළන ජූනි මාසයේදී තද රන්වන් පැහැයක් ගනී. මෑතකදී අස්වැන්න නෙළන ලද ප්‍රදේශ දුඹුරු පැහැයක් ගනී.


බෝග මාරුව හෝ බෝග රටාවන් යනු වෙනස් වර්ගවල බෝග එකම ඉඩක සෘතු රටාවන් ප්‍රයෝජනයට ගනිමින් වගා කිරීම වේ. එකම බෝගයක් නිරන්ත‍රයෙන්ම වගා කිරීමෙන් ඇතිවිය හැකි පලිබෝධ වැඩීම මෙමඟින් වළකා ගත හැකිය. බෝග මාරුව තුළින් පසේ පෝෂක අධිකව හිඟව යාම හා පසේ සශ්‍රීකත්වයේ සමබරතාවයද ආරක්ෂා වේ. බෝග මාරුවේ සාම්ප්‍රදායික අංගයක් වන්නේ පසේ අඩුවන නයිට්‍රජන් ප්‍රමාණය කොල පො‍හොර හා රනිල භෝග මඟින් නැවත ලබාදීමයි. එය බහු වගාවේ එක අංගයකි. බෝග මාරුව යටතේ ගැඹුරු-මුල් සහ කෙටි මුල් සහිත ශාක මාරු කිරීම මඟින් පසේ සංයුතිය හා සශ්‍රිකත්වය වර්ධනය කළ හැකිය.



Reference: http://en.wikipedia.org/wiki/Agribusiness#Individual_industrial_agriculture_farm

"https://si.wikipedia.org/w/index.php?title=කෘෂි_ව්‍යාපාර&oldid=167797" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි