කෘෂි රසායනය

විකිපීඩියා වෙතින්

ඇග්‍රෝ කෙමිකල් (Agro chemical) නැතහොත් ඇග්‍රි කෙමිකල් - Agri chemical කෘෂි කර්මාන්ත යෙහි දී භාවිතා කරන කෘෂි රසායන ද්‍රව්‍යයන් හැඳින්වීම පිණිස ඉහත නම් පොදුවේ පාවිච්චි කරනු ලැබේ. විවිධ කෘෂි රසායන ද්‍රව්‍ය හැදින්වීම සදහා යොදන හැකුලුම් නාමයකි. වල්නාශක, දිලීර නාශක, කෘමි නාශක ආදි පුළුල් විෂයක් කෘෂි රසායන යන්නෙන් ආවරණය වෙයි. ඇතැම් විට කෘතීම පොහොර, හෝර්මෝන සහ වෙනත් රසායන ද්‍රව්‍ය ද එයට ඇතුළත් වේ.

කෘෂි රසායන බොහෝමයක් විෂ සහිතය. කෘෂි රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක තැනක ගබඩා කර තැබීමේදී හිසියෙන් එම රසායන කාන්දු වන අවස්ථාවල පරිසරයට සහ සෞඛ්‍යයට හැනි කර වෙයි. බොහෝ රටවල කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය ක්‍රමවත්ව කිරීමට කටයුතු යොදා තිබේ. අනුමත කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයට සහ මිළදී ගැනීමට රජයෙන් නිකුත් කරන බලපත්‍ර අවශ්‍ය වේ. මේවා අක්‍රමවත් ලෙස, වැරදි ලෙස භාවිතා කිරීමෙන් විශාල අනර්ථයන් සිදු විය හැක. ගොවිපලව් සම්බන්ධයෙන් ගත් කළ, ක්‍රමානූකූල ගබඩා කිරීමේ ක්‍රම, ලේබල් යෙදීම, හදිසි අවස්ථාවක දී පිරිසිදු කිරීමේ උපකරණ යෙදීම, එහි මෙහා කිරීම, සහ නිශ්කාශණය කිරීම සඳහා ආරක්ෂිත උපකරණ සහ ක්‍රමවේද නීතිගත ප්‍රමිතීන්ට සහ රෙගුලාසිවලට විෂය වන්නේය.

සාමාන්‍යයෙන් කෘෂි රසායන ලියා පදිංචි කරන අවස්ථාවේ මෙම නීති රෙගුලාසි පනවනු ලැබේ.asa

"https://si.wikipedia.org/w/index.php?title=කෘෂි_රසායනය&oldid=472445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි