කුංකුම
Appearance
කුංකුම | |
---|---|
කුංකුම මල සහ පොහොට්ටුව | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(ශ්‍රේණිගත නොකළ): | Angiosperms |
(ශ්‍රේණිගත නොකළ): | Monocots |
ගෝත්‍රය: | Asparagales |
කුලය: | Iridaceae |
උපකුලය: | Crocoideae |
ගණය: | 'Crocus' |
විශේෂය: | ''C. sativus'' |
ද්වීපද නාමය | |
Crocus sativus |
කුංකුම යනු ලොව මිල අධිකම කුළුබඩු විශේෂයයි. සැෆරෝනු, සැෆ්‍රෝන්, ලෙස පර්සියානු, තුර්කි සහ ඉංග්‍රීසි බසින් හඳුන්වන කුංකුම සකස් කරනු ලබන්නේ සැෆ්‍රෝන් ක්‍රෝකස් නම් පැලෑටියේ හටගන්නා මලේ රේණු වලිනි.[1] සාමාන්‍යයෙන් මලක රේණු 3ක් පමණ හටගන්නා අතර කිලෝ එකක පමණ ප්‍රමාණයක් සකස් කර ගැනීමට ඉතා විශාල මල් ප්‍රමාණයක් අවශ්‍ය වීමත්, ඒවා සකස් කිරීමට විශාල මිනිස් ශ්‍රමයක් වැය කිරීමට සිදුවීමත් නිසා මෙය මිල අධික වීමට හේතු වේ. කුංකුම වල නිජ භූමිය පර්සියාව හෙවත් වර්ථමාන ඉරානය ලෙස සැලකේ. වර්ථමානයේ පවා උසස්ම වර්ගයේ කුංකුම නිශ්පාදනය කරනු ලබන්නේද ඉරානය වන අතර ලෝක කුංකුම නිශ්පාදනයෙන් 90%-93%ක් පමන නිශ්පාදනය වන්නේ ඉරානයේය. ඊට අමතරව ග්‍රීසිය, ඇෆ්ගනිස්ථානය හා මොරොක්කෝවේද කුංකුම වගා කෙරේ. ලෝක කුංකුම නිශ්පාදනය වසරකට ටොන් 250ක් පමණි.