කීර්තිමත් පුද්ගල (Celebrity) පුද්ගල පුවත්පත් කලාව

විකිපීඩියා වෙතින්

20 වන ශත වර්ශයේ ප්‍රමුඛලෙස වර්ධනය වූ පුවත්පත් කලාවේ තවත් එක් ක්ෂේත්‍රයක් වනුයේ කීර්තිමත් (Celebrity) හෝ පුද්ගල පුවත්පත් කලාව චිත්‍රපට සහ වේදිකා නළුවන්, සංගීත කලාකරුවන්, නිර්මාණ ශිල්ප‍ීන් හා ඡායාරූප ශිල්පීන්, විනෝදාශ්වාදය සපයන කර්මාන්ත වල කටයුතු කරන වෙනත් සැලකිය යුතු පුද්ගලයින් මෙන්ම දේශපාඥයින් වැනි අවධානය සොයා යන පුද්ගලයන් සහ ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති ක්‍රියාකාරකම් සිදු කරන ප්‍රසිද්ධිය සොයා යන පුද්ගලයින් ආදීන්ගේ පෞද්ගලික ජීවිත පිළිබඳව මෙම ක්ෂේත්‍රය තුලදී අවධානය යොමු කරනු ලබයි.

පුවත්පත් කටකථා තීරු සහ කටකථා සඟරා (Gossip Columnists and Gossip Magazines) දිශානත වූ පසු කීර්තිමත් පුද්ගලයින් පිළිබඳ පුවත්පත් කරණය කුඩා ප්‍රමාණයේ ජාතික පුවත්පත්හි ඉලක්ක බවට පත්විණි. නැෂනල් ඉන්ක්වයර (National Enquirer), පීපල් (People) සහ යූ එස් වීක්ලි (US Weekly) ආදී සඟරා, එන්ටර්ටේන්මන්ට් ටුනයිට් (Entertainment to night), ඉන්සයිඩ් එඩිෂන් (Inside Edition), ද ඉන්සයිඩර් (The Insider), ඇක්සස් හොලිවුඩ් (Access Hollywood) සහ එක්ස්ට්‍රා (Extra) වැනි ව්‍යාපාරික රූපවාහිනී වැඩසටහන්, ඊ (E!), ඒ ඇන්ඩ් ඊ නෙට්වර්ක් (A & E Network) වැනි රැහැන් ජාලා සහ දහස් ගණන් වෙබ් අඩවි වෙනත් රූපවාහිනී නිෂ්පාදන ආදිය මේ යටතේ දැක්විය හැක.

මේ වනවිටත් ප්‍රසිද්ධියට පත්වූ හෝ විශේෂයෙන්ම ආකර්ෂණයක් ඇති පුද්ගලයින් ඉලක්ක කරන ලක්ෂණ රචනය කීර්තිමත් පුද්ගලයින් පිළිබඳ වූ පුවත්පත් කලාවේදයන් වෙනස් වේ. මෙය ප්‍රශස්ත ලෙස කීර්තිමත් පුද්ගලයින් ආවරණය කරනු ලබයි. මෙහිදී පුවත්පත් කලාවේදී ඉතා නිවැරදි ලෙස කීර්තිමත් පුද්ගලයින් ආවරණය සඳහා සාරධර්ම විරෝධී ලෙසද හැසිරේ‍. පැපරාසි යනු කීර්තිමත් පුද්ගලයින් ලැජ්ජාවට පත්වන පිංතූර ලබා ගැනීමට බොහෝ පරිස්සමින් කටයුතු කරනු ලබන ඡායාරූප ශිල්පීන්ය. මෙය කීර්තිමත් පුද්ගල පුවත්පත් කලාවේ ලක්ෂණයක් වේ.



Reference: http://en.wikipedia.org/wiki/Journalism#.27Celebrity.27_or_.27people.27_journalism