කිලිකිති (කිලිකිටි)

විකිපීඩියා වෙතින්
කිලිකිති පිති

කිලිකිති හෙවත් කිලිකිටි (ඇතැම් විටැ කිරිකිකි, කිලිකිකි)[1] යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ආකෘති කිහිපයකින් එකකි. සැමෝවාහි ඇරැඹුනුව (ඉංගිරිසි මිෂනාරිවරු ඔවුනගේ ක්‍රිකට් ක්‍රීඩාව 19 වැනි සියවසේ මුල් හරියේ දී හඳුන්වා දුන් හ.), එය පොලිනීසියාව පුරා පැතිරුණු අතර දැන් ලෝ පුරා වැඩි පොලිනීසියානු ජනගහනයක් සිටුනා පෙදෙස්හි දැකියැ හෙයි. මේ ක්‍රීඩාව සැමෝවාහි ජාතික ක්‍රීඩාව වන අතර, [2] නවසීලන්තයේ වෙසෙන විසිරැණු පැසිෆික් දූපත් දනන් අතර ඇතුළු තවත් බොහෝ පැසිෆික් රටරටෙහි [3] ක්‍රීඩා කැරෙයි.

ක්රීඩාවේ ආකෘතිය[සංස්කරණය]

උවාරණ[සංස්කරණය]

පන්දුව සාදා ඇත්තේ පැන්ඩනස් වලින් ඔතා ඇති ඉතද රබර වගෙකිනි. ක්‍රීඩකයෝ සිය අරැක්ම පතා කිසි දු පිරැවුමක් (padding) හෝ මුහුණු වැස්මක් හෝ නො පළඳින අතර බොහෝ විටැ ලාවා-ලාවා පමණක් පළඳිත්. සෙන්නිට් ඔතා ඇති ලී පිති පොල් අතුවල නටුව(??) (stalk of coconut fronds) මත පදනම් වූ "ලාපලාප" නමින් හැඳින්වෙන තෙ-පැති සමෝවා යුද මුගුරු හැඩයට නිමවා ඇති. පිති තනි ක්‍රීඩකයන්ගේ රුචි අරුචිකම් අනුවැ හැඩගස්වා ඇති අතර දිග මීතරයකට වඩා වැඩි වියැ හෙයි. පිත්තේ පහර දෙන පිට කෝණික බැවින් ("ලාපලාප" මුගුරු හා පොල් අතු නටුව(??) (coconut frond stalk) මෙන්), පහරක් එල්ල වන පන්දුවකැ ගමන් මඟ ගැනැ අනාවැකි කීම අති දුකර වේ. [3]

නීති[සංස්කරණය]

කිලිකිටි නීති නැමිහුරු යි. ඇත්තේ හැටියට, ක්‍රීඩාව ගැනැ ලියැවී ඇති සැළයන්ගෙන් බහුතරයක් පවසනුයේ නීති රීති දැනැගත හැක්කේ ක්‍රීඩා කරන්නන්ට මැ බව යි. [3]

ක්‍රිකට් වලට සමානකම්[සංස්කරණය]

කිලිකිටි පිත්තක් අතැති වැ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ජොක් ලිවින්ංස්ටන්.

පිති හසුරවන පිලක්, පන්දු රකින පිලක් හා තණතිල්ලක් (සමහර විටැ කොන්ක්‍රීට්) වෙයි. පන්දු යැවීම තණතිල්ලේ දෙ කෙළවර සිටුනා පන්දු යවන්නන් දෙදෙනකු විසින් මාරුවෙන් මාරුවට කෙරෙයි; ඒ අනුවැ, කඩුලු රකින්නෝ ද දෙදෙනෙකි. (ක්‍රිකට් ක්‍රීඩාවේ තනි කුඩුලු රකිනනකු සිටීමට පටහැණි වැ ).

ක්‍රිකට් වලින් කිලිකිටි වෙනස් වන ප්‍රධාන කරුණු[සංස්කරණය]

පිලෙහි පමණ නො-හිම් අතර, ගැහැණු පිරිමි බව හෝ වයස හෝ නොසලකා පැමිණෙන ඕනෑම අයකුගෙන් පිල සෑදෙයි. [4] නාඳුනන අය බොහෝ විටැ පිළිගනු ලබන බව දසුන්සැරි සටහන් කියා පායි. ක්‍රීඩකයින් සැමැනියෙන් තුන් ඉරියව් වේ.

කිලිකිටි ක්‍රීඩාවක් යනු ගැයුම්, නැටුම් හා බොජුන් සත්කාරවලින් හා පිරුණු බහු-දින ප්‍රජා ඉසව්වකි. මුළු ගම මැ තරඟ කරනු ඇති අතර ක්‍රීඩකයා, කෝකියා හෝ නහමන්නන් (ප්‍රේක්ෂකයන්) හෝ ලෙස සෑම කෙනකු මැ තරඟ කරනු ඇති. එක් මූලාශ්‍රයකට අනුවැ, එක මැ සව්යුරු රීතිය වන්නේ පමණවත් අහර ලබා දීමට නො හේ නම් සත්කාරක පිලට එය අහිමි වීමයි. [4]

ප්‍රමිතිකරණය[සංස්කරණය]

නවසීලන්ත කිලිකිටි සංගමය (NZKA) කිලිකිටි නීති සම්මත කිරීමට කටයුතු කරයි. 1999 දී න.කි.සය (NZKA) විසින් සුපරිසිෆික කිලිකිටි තරගවැල නමින් දෑ තරගවැලක් ඇරැඹුණුව 2001 දී දෑබැඳි ලෝ කුසලාන කිලිකිටි තරගවැල හඳුන්වා දෙවුණි. ක්‍රීඩාව තෙල-දසුන් හිතකාමී විනාඩි* 175කට (මිනිත්තු 70) කපා (ඉනිම් 2ක්, පළමු ඉනිම මිනිත්තු 30ක් දිගු වීම හා දෙවැන්නේ දී පළමුවේ පන්දු ගණනට සම පන්දු ගණනක් යැවීම) ඇති. න.කි.සය (NZKA) විසින් හතරේ හා හයේ ලකුණු එකතු කර ඇති.

*විනාඩි 60 = මිනිත්තු 24

කිලිකිටි ලෝ කුසලානය[සංස්කරණය]

2001[සංස්කරණය]

පළමු කිලිකිටි ලෝ කුසලානය 2001 ජනවාරියේ දී නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි හෙන්ඩර්සන්හි වේටකෙරේ මලල ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි. ඇමරිකානු සැමෝවා, ඕස්ට්‍රේලියාව, කුක් දිව්, නවසීලන්තය, නියු, ටොකෙලාව් හා එක්සත් රජයු හා නියෝජනය කරමින් සත් පිලක් එක් වියැ. තරඟ තුනකින් යුත් තරඟ මාලාවක් පුරා ක්‍රීඩා කැරුණු අවසන් තරඟය, නවසීලන්ත කේ-බ්ලැකස් විසින් දිනා ගැනුණු අතර, ඔවුන් අතින් තරඟ දෙකට එකක් සේ ඇමරිකානු සැමෝවා පතියන් පැරැදුණි. [5]

2002[සංස්කරණය]

2002 කිලිකිටි ලෝ කුසලානය නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි ග්ලෙන් ඊඩනයේ පාර්ස් උයනේ දී පැවැත්විණි.

2015[සංස්කරණය]

2015 කිලිකිටි ලෝ කුසලානය නවසීලන්තයේ වෙලින්ටනයේ ෆ්‍රෑන්ක් කිට්ස් උයනේ දී පැවැත්විණි.

මේකත් බලන්නැ[සංස්කරණය]

  • ඕෂනියාවේ ක්‍රිකට්
  • ට්‍රොබ්‍රියන්ඩ් ක්‍රිකට්

යොමු කිරීම්[සංස්කරණය]

  1. "An educational look at the game featuring Kilikiti expert Satele Tupe Taisalika and New Lynn EFKS church Tagata Pasifika 19 April 2012".
  2. "Samoa's version of cricket, kilikiti, on display in Melbourne tournament". ABC News.
  3. 3.0 3.1 3.2 Squires, Tony (1 April 2012). "Testing time for tiny Tuvalu". BBC News. සම්ප්‍රවේශය 31 October 2012.
  4. 4.0 4.1 "Kirikiti - 37 for the loss of 19 wickets?". India Engineers Cricket Club Newsletter. Vol. 43. 2004-09-02. 2005-02-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2005-09-05.
  5. Daniels, C., "Kilikiti: We are world's best," New Zealand Herald, 22 January 2001. Retrieved 18 November 2020.

බැහැරි ඈඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කිලිකිති_(කිලිකිටි)&oldid=548495" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි