සෑම-ඉරියව් ක්‍රීඩකයා
Jump to navigation
Jump to search
සෑම-ඉරියව් ක්‍රීඩකයෙක් යනු, සැම විටම පාහේ පිතිකරණයෙහි සහ පන්දු යැවීමෙහි යන අංශ දෙකෙහිම හොඳින් දස්කම් දක්වන ක්‍රිකට් ක්‍රීඩකයෙකි. සියළු පන්දු යවන්නන් පිතිකරණයෙහි යෙදිය යුතු වුවද, ඉඳ හිට පන්දුකරණයේ යෙදෙන්නේ පිතිකරුවන්ගෙන් අල්ප සංඛ්‍යාවක් වන අතර, බොහෝ ක්‍රීඩකයන් ක්ෂේත්‍ර දෙකෙන් එකක පමණක් හසල බවක් දක්වමින් එහි විශේෂඥයන් බවට සැලකෙති. සමහරක් කඩුළු රකින්නන් වෙත විශේෂඥ පිතිකරුවෙකුගේ කුසලතාවය පවතින අතර, ඔවුන් සෑම-ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් හැඳින්වුවද, කඩුළු-රකින-පිතිකරුවා යන්න වඩාත් බහුල ලෙසින් ඔවුන් සඳහා යෙදවෙයි.