කිරුළහිමි හ්යෝම්යොං කුමරු

විකිපීඩියා වෙතින්

කිරුළ හිමි හ්යෝම්යොං කුමරු (උපන් නාමය - යී යොං) (1809 සැප්තැම්බර් 18 - 1830 ජූනි 25) මරණින් පසු "මුන්ජෝ රජු" (문조) ලෙස ගෞරවයට පාත්‍ර විය. (මරණාපර නාමය: "ඉක්ජොං" (익종))

මොහු ජොසොන්හි සුන්ජෝ රජුගේ හා සුන්වොන් අගබිසවගේ වැඩිමහල් පුත්‍රයා යි.

1817 දී හ්යෝම්යොං කුමාරයා සංක්‍යුන්ක්වාන් (Sungkyunkwan) වෙත ඇතුළත් වන අතර 1819 දී ඔහු ජොසොන්හි කිරුළ හිමි කුමරු ලෙස නම් කරන ලදී. සාහිත්‍ය සහ කලාව පිළිබඳව මනා ප්‍රතිභාවකින් යුතු වූ ඔහු රාජාංග නැටුම් (Court dances) (정재) කිහිපයක් නිර්මාණය කළ අතර රජතුමාගේ පාලනය තහවුරු කිරීමට සහ විදහා දැක්වීමට මාලිගාව තුළ මෙම නැටුම් නිර්මාණයන් හා කලාවන් භාවිතා කළේය. මොහු දක්ෂ ලේඛකයෙකු, රචනාකරුවෙකු සහ නර්තන ශිල්පියෙකුද විය.

හ්යෝම්යොං කුමරු මුලින්ම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ ඔහුට වයස අවුරුදු 18 දී, ඔහුගේ පියා සුන්ජෝ රජු අසනීප වීම හේතුවෙනි. විවිධ දේශපාලන ප්‍රතිසංස්කරණ අනුගමනය කළ කුමාරයා 1827 සිට වසර 3කට පසුව, වයස අවුරුදු 20 දී මිය යන තුරුම රෙජීමය (Regent) තනතුරෙහි පිහිටුවා රාජ්‍ය පාලනය කළේය.

ඔහුට ඔහුගේ මාතෘ පාර්ශ්වයේ ඥාතීන් අතර සමහර සතුරන් සිටි බව කියැවේ.

පවුල[සංස්කරණය]

පියා: ජොසොන්හි සුන්ජෝ රජු (29 ජූලි 1790 - 13 දෙසැම්බර් 1834) (조선 순조)

මව: ඇන්ඩොං කිම් වංශයේ සුන්වොන් රැජින (8 ජූනි 1789 - 21 සැප්තැම්බර් 1857) (순원왕후 김씨)

භාර්යාවන් සහ දරුවන්:

භාර්යාව: පුන්ග්යැං ජෝ වංශයේ සින්ජොං රැජින (1809 ජනවාරි 21 - 4 ජූනි 1890) (신정왕후 조씨)

දරුවන්: ජොසොන්හි හියොන්ජොං රජු (Heonjong) {විකිපීඩියා හි සිංහල අනුවාදයේ මුල් අන්තර්ගතයන් තුළ හොන්ජොං රජු ලෙස හදුන්වා දී ඇත} (8 සැප්තැම්බර් 1827 - 25 ජූලි 1849) (조선 헌종)

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

• 2016 වවර්ෂයේදී KBS2 නාලිකාවෙ හි විකාශනය කල Love in the Moonlight රූපවාහිනි කතා මාලාව තුළ Park Bo-gum විසින් කිරුළ හිමි හ්යෝම්යොං කුමරුගේ චරිතය නිරූපණය කරන ලදී.

• 2018 වර්ෂයේදී නිකුත්කල Feng Shui චිත්‍රපටයේ Kim Min-jae විසින් කිරුළ හිමි හ්යෝම්යොං කුමරුගේ චරිතය නිරූපණය කරන ලදී.