කිරි විද්‍යාව Dairy Science

විකිපීඩියා වෙතින්

කිරි පෝෂ්‍යදායි ආහාරයකි. ක්ෂීරපායීන්ගේ ස්තන ග්‍රන්ථි මගින් නිපදවේ. කිරි තෛලෝදමය ආහාරයක් ලෙසද සැලකිය හැක. එය ප්‍රෝටීන ලිපිඩ විටමින් වලින් අනූන ආහාරයක් ලෙසද සැලකිය හැක. එහි කාබෝහයිඩ්‍රේටද අඩංගුය. ප්‍රධාන ඩයිසැකරයිඩමය කාබෝහයිඩ්‍රේටය ලැක්ටෝස් නම්වේ. ඇතැමුන්ට අදාළ එන්සයිම ස්‍රාවයේ ප්‍රශ්න නිසා ලැක්ටෝස් ජීරණයේ අසාත්මිකතා ඇති විය හැක.

ගුණදායක මව් කිරිද? එළදෙනුන්ගේ කිරිද?

මව් කිරි

ප්‍රෝටීන - 1.1%

ලිපිඩ.     - 4.2%

ලැක්ටෝස් - 7.0%

72 කිලෝකැලරි 100 ග්‍රෑමයකට

එළදෙනුන්ගේ කිරි

ප්‍රෝටීන - 3.4%

ලිපිඩ - 3.6%

ලැක්ටෝස් - 4.6%

ඛනිජ - 0.7%

66 කිලෝකැලරි 100 ග්‍රෑමයකට

ප්‍රෝටීන ප්‍රමාණය අතින් එළදෙනුන්ගේ කිරි ගුණදායක වේ. නමුත් මව් කිරිවල වැඩි ශක්තියක් අඩංගුය.

කිරි හා කැල්සියම්

කිරි නිෂ්පාදනවල කැල්සියම් අඩංගුය. කැල්සියම් හා කිරි නිෂ්පාදන ලබාගැනීම ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි රෝග හා බඩවැලේ පිළිකා අවදානම අඩුකරයි. නමුත් කැල්සියම් බහුල ආහාර වැඩිපුර ගැනීම පුරස්ථ ග්‍රන්ථි පිළිකා හා ඩිම්බකෝෂ පිළිකා අවදානම වැඩි කරයි.

කිරිවල ඇති කැල්සියම් හා විටමින් ඩී අස්ථිවල වැඩීම සඳහා වැදගත් වන බව නොරහසකි. නමුත් එහි අඩංගු පොටෑසියම් ප්‍රමාණය රුධිර නාල විස්තාරණය කර රුධිර පීඩනය අඩු කරයි. සෝඩියම් හෘදයාබාධ අවදානම අඩු කරයි. නමුත් එහි අඩංගු සංතෘප්ත මේදය හා කොලෙස්ටරෝල් හෘදයාබාධ අවදානම වැඩි කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=කිරි_විද්‍යාව_Dairy_Science&oldid=470174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි