Jump to content

කැණීම

විකිපීඩියා වෙතින්

පුරාවිද්‍යාත්මක කැණීම යන වදනට ද්විත්ව අරුතක් ඇත.

  1. කැණීම, පුරාවිද්‍යාව පිළිබද විද්‍යාව තුළදී වඩාත්ම හොදින් දන්නා සහ බහුලවම භාවිතා වන දෙය වෙයි. මෙම හැගීමෙන් කැණීම යනු පුරා විද්‍යාත්මක අවශේෂ වල අණාවරණය , සැකසීම හා වාර්තාගත කිරීමයි. ‍
  2. මෙම වදන දී ඇති යම් වැඩ බිමක අධ්‍යයන සදහා ඇති තාක්ෂණික ක්‍රම වල යෙදීම් වලට උදාහරණයක් ලෙස ද යොදා ගැනෙයි. මෙම හැගීමෙන් කැණීම් යන්න සමහරක් විට සහභාගි වන්නන් විසින් සිදු කරන හැරීමකට පරිශීලනය වෙයි. එවැනි වැඩ බිම් කැණීමක් එය සලකනු ලබන්නේ විශේෂිත පුරා විද්‍යාත්මක වැඩ බිමක හෝ සම්බන්ධ වී ඇති වැඩ බිම් ශ්‍රේණියක් සමග වන අතර එය වසර පුරාවට සිදු විය හැක.

පාරිසරික පුරාවිද්‍යාව දළ විශ්ලේෂණය

[සංස්කරණය]

කැණීම පුහුණූ වීම තුළදී විශේෂිත තාක්ෂණික ක්‍රම විශාල ප්‍රමාණයක් භාවිතා කිරීමට ඉඩ ඇති අතර එක් එක් කැණීමෙහි පුරාවිද්‍යාඥයාගේ ප්‍රවේශ්‍ය තීරණය කරණ විශේෂිත අංග ඇතුළත් වනු ඇත. ප්‍රභව හා අනෙකුත් ප්‍රයෝගික ගැටලු මගින්, පුරා විද්‍යාඥයන් ට ඔවුන්ට අවශ්‍ය ඕනෑම වේලාවක හෝ ඕනෑම ස්ථානයකදී කැණීම් සිදු කිරීමට ඉඩ ලබානොදෙයි. මෙම බාධක නිසා දන්නා බොහෝමයක් වැඩ බිම් කැණීම් සිදු නොකර තබා ඇත. මෙ‍හිදී ඒවා අනාගත පරම් පරාව සදහා සංරක්ෂණය කිරීමේ අරමුණ මෙන්ම ඔවුන් අසල ජීවත් වු සමාජ වල ඔවුන් විසින් රඟ පෑ භූමිකාව හදුනා ගැනීමේ අරමුණ ද වෙයි. සමහරක් අවස්ථා වලදී පුරා විද්‍යාඥයින් බලාපොරොත්තු වුයේ පසු දිනයකදී වඩාත් සාර්ථක ප්‍රතිඵල සමග ඒවා නැවත ගවේෂණයට දිනෙන් දින දියුණු වන තාක්ෂණික ක්‍රම මගින් ඉඩ සලසනු ඇති බවයි.

පුරාවිද්‍යාත්මක අවශේෂ වල තිබීම හෝ නොතිබීම අඩු හෝ වැඩි සම්භාවිතාවයකින් යුතුව භූමි විනිවිද රේඩා වැනි දුරස්ථ සංවේදන මගින් යෝජනා කළ හැක. එමෙන්ම මෙම කාර්යයෙන් වැඩ බිමෙහි දියුණුව පිළිබදව දළ තොරතුරු ලබාගත හැකි නමුත් වඩාත් වැදගත් අංග හදුනා ගැනීම සදහා සාමාන්‍යයෙන් විදීම නියමාකාරයෙන් භාවිතා කරන ලද කැණීම් අවශ්‍ය වෙයි. මානව කෘති වලින් ගන්න‍ා ලද දත්ත සමුද්‍රරණය ලබාගත හැක්කේ අතිශය ආක්‍රමණික කැණීම් ක්‍රම වලින් පමණි.

ඓතිහාසික දියුණු වීම

[සංස්කරණය]

තැනීම් තාක්ෂණික ක්‍රම දියුණු වීම වසර ගණන් පුරාවට නිදන් හැරීම් ක්‍රියාවලියේ සිට, දී ඇති වැඩ බිමක මිනිස් ක්‍රියාකාරකම් පිළිබද අනුක්‍රමය සම්පුර්නයෙන් හදුනා ගන්නා හා ඒවටා ඇති අනෙකුත් වැඩ බිම් හා භූ දර්ශණ සමග ඇති සබදතාව සේවීම දක්වා සිදු වී ඇත.

එහි ඉතිහාසය ආරම්භ වන්නේ නිදන් හා කෞතුක ද්‍රව්‍ය කාණ්ඩයට වැටෙන මානව කෘති සේවීමෙන් ය. මෙම කෞතුක ද්‍රව්‍ය පුරාවේදීන්ගේ අවධානයට බදුන්වු විශයක් විය. පසුව සදහන් කරන ලද්දේ යම් භූමියක් හැරීම මගින් එහි අඩංගු මුල්කාලීන මිනිසුන්ගේ ජීවිත පිළිබද සාක්ෂි විනාශ වන බවයි. කෞතුක වස්තුවක් එහි සන්දර්භයෙන් ඉවත් කළ විට එමගින් දරාසිටින තොරතුරු බොහෝමයක් නැති වී යයි. පුරාවේදීත්වය පුරාවිද්‍යාවෙන් ප්‍රතිස්ථාපනය වීම ආරම්භ වන්නේ මෙම අවබෝධයෙන්ය. එම ක්‍රියාවලිය අදටත් පුරුදු පුහුණු කරණු ලබයි.

කැනීම් වර්ග

[සංස්කරණය]
ලන්ඩනයේ වැඩ බිමක තිබූ රෝමානු අගලක පිහිටි අශ්ව මිහිදන් කිරීමක්. ප්‍රායෝගික හේතු සඳහා ඉතිරි කර ඇති “කලාපයෙන් පිට” පයිප්ප ඇතුල් කිරීම සැලකිල්ලට ගත යුතු ය. ‍

මූලික වර්ග

[සංස්කරණය]

නූතන පුරා විද්‍යාත්මක කැනීම්වලදී මූලික ආකාර දෙකක් යොදා ගනී.

1. පර්යේෂණ කැනීම් - මෙය සිදු කරනු ලබන්නේ වැඩ බිම විවේකීය වේගයකින් සම්පූර්ණයෙන්ම කැනීමට කාලය හා ප්‍රබව ඇති විටය. මෙම ක්‍රමය අධ්‍යාපනික හෝ පෞද්ගලික සමාජ තුළ ඉතා හොඳින් දක්නට ලැබේ. මන්ද යත් ඔවුන්ට ස්වේච්ඡා සේවකයින් හා අරමුදල් ප්‍රමාණවත් තරම් ලබා ගත හැකි හෙයිනි.කැනීමේ ප්‍රමාණය එය සිදු කෙරෙන අතරතුර දීම අධ්‍යක්ෂකවරයාට තීරණය කළ හැක.

2. දියුණු වීම් මඟින් මෙහෙය වෙන කැනීම් - මෙය වෘත්තීමය පුරා විද්‍යාඥයින් මඟින් සිදු කරන අතර ඔවුන් එය ආරම්භ කරන්නේ ගොඩ නැඟෙන දියුණුවීමක් මඟින් වැඩ බිම තර්ජනයට ලක් වී ඇති විටයි. සාමාන්‍යයෙන් දියුණු කරන්නා විසින් මුදල් යොදවන මේවාහි දී කාලය වඩාත් ප්‍රධාන සාධකයක් වන අතර ඔවුන් අවධානය යොමු කරන්නේ ගොඩනැඟීම් මඟින් තර්ජනයට ලක් වූ ප්‍රදේශ පිළිබඳව පමණි. වැඩ කරන කණ්ඩායම සාමාන්‍යයෙන් වඩාත් දක්ෂ වන අතර පූර්ව දියුණු වීමේ කැනීම් පර්යේෂණයට ලක්වන ප්‍රදේශ පිළිබඳ සැලකිය යුතු තරමේ වාර්තාවක් සපයයි. ගලවා ගැනීමේ පුරා විද්‍යාව සමහරක් විට වෙනස් ආකාරයක කැනීම් වර්ගයක් ලෙස සලකනු ලබන නමුත් ක්‍රියාත්මක වීමේදී එය දියුණු වීම් මඟින් මෙහෙය වන කැනීම්වලට සමාන ආකාරයක් ගනී. පසුගිය වසර කිහිපය පුරාවමට තීරු සිතියම් හා සාම්පල වැනි නව ආකාරයේ කැනීම් වාග් මාලාවක් ඇති වී අතර එයින් සමහරක් වෘත්තීය තුළ දී, කඩා හැලෙන සම්මත ආවරණය කර ගැනීම සඳහා නිර්මාණය කර ගන්නා ලද ඒවා ලෙස විවේචනයට භාජනය වේ.

පිරික්සුම් කැනීම් හා දියුණු වීම් මඟින් මෙහෙයවන පුරා විද්‍යාවේ පරිණාමනය වීම්

වෘත්තීමය පුරා විද්‍යාවේ ප්‍රධාන පිරික්සුම් කැනීම් වර්ග දෙකක් පවතී. එම වර්ග දෙකම සාමාන්‍යයෙන් දියුණු වීම් මඟින් මෙහෙයවන කැනීම් සමඟ බැඳී පවතී. ඒවා නම් පිරික්සුම් අගල් කැපීම හා නිරීක්ෂණ සාරාංශ (Watching brief) පිරික්සුම් කැනීමක අරමුණ වන්නේ ප්‍රධාන කැනීම් කාර්යය සිදු කිරීමට පෙර දී ඇති ප්‍රදේශයේ පුරා විද්‍යාත්මක විභවයේ ප්‍රමාණය හා ලක්ෂණ නිර්ණය කිරීමයි. මෙය සාමාන්‍යයෙන් දියුණු වීම මඟින් මෙහෙයවන කැනීම්වලදී ව්‍යාපෘති කළමණාකරණ සැලසුම් කිරීමේ කොටසක් ලෙස සිදු කරනු ලැබේ. පිරික්සුම් අගල් කැපීම (Trial Trenching) හා නිරීක්ෂණ සාරාංශ අතර ප්‍රධාන වෙනස වන්නේ පරික්සුම් අගල් පුරා විද්‍යාත්මක විභව අනාවරණය කර ගැනීමේ අරමුණින් ක්‍රියාකාරීව හාරනු ලබන අතර නිරීක්ෂණ සාරාංශ යනු අගල් පිළිබඳ සිදු කරන ලුහුඬු පර්යේෂණ වේ. එහි දී අගලෙහි මූලික කර්තව්‍ය පුරා විද්‍යාවට වඩා වෙනස් දෙයක් විය හැක. (උදාහරණ ලෙස ගෑස් නල සඳහා පාරෙහි කපන ලද අගල්) ඇමරිකා එක්සත් ජනපදයේ දී සවල් පරීක්ෂණ අගල් ලෙස හඳුන්වන පරිණාමන ක්‍රමයක් භාවිතා කරන අතර එහි දී විශේෂිත වර්ග මීටර් භාගයේ පිරික්සීම් අගල් කිහිපයක් අතින් හාරනු ලැබේ.

ආශ්‍රිත

[සංස්කරණය]

Excavation

"https://si.wikipedia.org/w/index.php?title=කැණීම&oldid=494891" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි