කාල් රෝජර්ස්

විකිපීඩියා වෙතින්
කාල් රෝජර්ස්
උපත ජනවාරි 8, 1902 Oak Park, ඉලියෝනිස්, ඇමරිකා එක්සත් ජනපදය.
විපත පෙබරවාරි 4, 1987 (වයස අවු. 85) සැන්දියාගෝ , කැලි‍පෝනියා, ඇමරිකා එක්සත් ජනපදය.
ජාතිය ඇමරිකානු
ක්ෂේත්‍රය මනෝ විද්‍යාව
ආයතන ඔහියේ ජනපද විශ්ව විද්‍යාලය, චිකාගෝ විශ්ව විද්‍යාලය, Wisconsin විශ්ව විද්‍යාලය, බටහිර චර්යා විද්‍යා ආයතනය, පුද්ගල අධ්‍යයන කේන්ද්‍රය
ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව Wisconsin විශ්ව විද්‍යාලය, ගුරු විද්‍යාලය, කොලොම්බියා විශ්ව විද්‍යාලය
ප්‍රසිද්ධ පුද්ගල කේන්ද්‍රගත ප්‍රවේශණය (රෝගී කේන්ද්‍ර ප්‍රතිකාරය/ ශිෂ්‍ය කේන්ද්‍ර ඉගෙනීම)
බලපෑම Otto Rank, Kurt Goldstein
ත්‍යාග මනෝවිද්‍යාව සඳහා වූ කීර්තිමත් විද්‍යාත්මක දායකත්වය(1956, APA);
ව්‍යවහාරික මනෝවිද්‍යාව සඳහා වූ කීර්තිමත් විද්‍යාත්මක දායකත්වය(1972, APA)

කාල් රොජර්ස් යනු මනෝ විද්‍යාවේ මානුෂීය ප්‍රවේශණය පිළිබඳ අධ්‍යනයේ අඩිතාලම් දැමූ ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයෙකි. ඔහුගේ මූලික පර්යේෂණ කටයුතු නිසා 1956 වර්ෂයේදී ඇමරිකානු මනෝ විද්‍යා සංගමයේ විද්‍යාත්මක දායකත්වය පිළිබඳව විශිෂ්ට සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ අද්විතීය ප්‍රවේශණයක් වන පුද්ගල කේන්ද්‍රගත ප්‍රවේශණය මඟින් පෞරුෂත්ව අධ්‍යනය සහ පුද්ගල බැඳීම් පිළිබඳව හදාරා ඇත. එම ප්‍රවේශණය මානසික ප්‍රතිකාර සහ උපදේශනයේ දී (රෝගියා කේන්ද්‍රගත ප්‍රවේශණය) අධ්‍යාපනය (ශිෂ්‍ය කේන්ද්‍රගත ඉගෙනුම) ආයතනය සහ අනෙකුත් කණ්ඩායම් තුළ දී බහුලව යොදා ගෙන ඇත. ඔහුගේ වෘත්තීය දායකත්වය වෙනුවෙන් ඇමරිකානු මනෝ විද්‍යා සංගමය විසින් 1972 වර්ෂයේදී වෘත්තිකයන්ගේ අද්විතීය දායකත්ව සම්මානය පිරිනමන ලදී. ඔහුගේ ජීවිතයේ අවසාන භාගය තුළ දී ඔහු විසින් දකුණු ඇමරිකාව සහ උතුරු අයර්ලන්ත අර්බුදයේ දී පුළුල් දායකත්වය ලබාදීම නිසා නොබෙල් සාම ත්‍යාගයට පවා නම් කෙරිණි. වසර 2002 දී Haggbloom විසින් සඳහන් කිරීම සහ පිළි ගැනීම වැනි සාධක හයක් උපයෝගී කර ගනිමින් කරන ලද නිරීක්ෂණාත්මක අධ්‍යයනයේ දී 20 වැනි සියවසේ කීර්මත් මනෝ විද්‍යාඥයින් අතර හයවැනි තැනට පත්විය. තවද චිකිත්සකයින් අතර ඔහු දෙවැනි වූයේ සිග්මන්ඩ් ප්‍රොයිඩ්ට පමණි.

"https://si.wikipedia.org/w/index.php?title=කාල්_රෝජර්ස්&oldid=549404" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි